'අපි තරගයේ අන්තිම මොහොත වෙනකම් අපේ වටිනම තුරුම්පුව ඉතිරි කරගෙන හිටියා. ලසිත් මාලිංගගේ පන්දු වාරයට ලකුණු 12 ක් ගන්න එක අන්තිම අමාරු වැඩක්. මාලිංග තමයි මිනිහා' යෑයි එංගලන්තය සමගින් පෙරේදා ලෝඩ්ස් පිටියේ පැවැති සිව්වැනි එක්‌දින තරගය ලකුණු 7 කින් ජයගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
තෙවැනි එක්‌දින තරගයේදී ලකුණු 67 කට සියලු දෙනා දැවීයමින් කඩුලු 10 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා
කණ්‌ඩායම අනතුරුව යෙදුණු මෙම තරගයේදී ලකුණු 300 ක් ලබාගැනීම පිළිබඳව අදහස් දක්‌වමින් 'අපි නැවතත් නැගී සිටිමින් එම ලකුණු සංඛ්‍යාවට ගියා. අපි දැනගෙන හිටියා ලකුණු 250 ට වඩා ලබාගත්තොත් එය ආරාක්‍ෂා කරගැනීමට තරම් හැකියාවකින් යුත් පන්දු යවන්නන් අපිට ඉන්නවා කියලා' යෑයි මැතිව්ස් පැවසූ අතර ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් විසින් එම විශ්වාසය රැකගැනීම හේතුවෙන් තරගාවලිය 2-2 ක් ලෙස සමතැන් ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජයග්‍රණය උදෙසා පදනම දැමූ කුමාර සංගක්‌කාර සහ තිලකරත්න ඩිල්ෂාන් අතර දෙවැනි කඩුල්ලේ ලකුණු 172 ක සබඳතාවක් ගොඩනැගුණු අතර 36 හැවිරිදි සංගක්‌කාර මෙහිදී සිය 19 වැනි එක්‌දින ශතකය වාර්තා කළේය. ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී සංගක්‌කාරගේ පළමු ශතකය මෙය විය. හතරේ පහර 14 ක් සිය ඉනිමට ඇතුළත් කළ සංගක්‌කාර ලකුණු 112 ක් ලබාගැනීම සඳහා වැය කළේ පන්දු 104 ක් පමණි.
තමන් විසින් හඳුන්වාදුන් 'ඩිල්ස්‌කූප් ' පහර කිහිපයක්‌ද සමගින් හතරේ පහර 5 ක් සහිතව ටී. එම්. ඩිල්ෂාන්a විසින් මෙහිදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 71 කි.
'ඩිල්ෂාන් සහ සංගක්‌කාර අපිට හොඳ පදනමක් දමා දුන්නත් මැද පෙළ අපිට අවශ්‍ය විදිහට පන්දුවට පහර දෙන්න බැරිවුනා' යෑයි ශ්‍රී ලංකා නායකයා මෙම තරගයේදී සිය මැදපෙළ පිතිහරඹය ස්‌වයං විවේචනයකට ලක් කළේය.
මහේල ජයවර්ධන සංචාරයේ තවදුරටත් අසාර්ථක වෙමින් ලකුණු 7 කට සීමාවූ අතර 36 වැනි පන්දු වාරයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 198 ක් ලෙසින් සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ මැදපෙළ පිතිකරුවන්ට ජවාධික පහර වෙත යැමට ඇති නොහැකියාව මෙහිදී කැපී පෙනුණු අතර අවසන් පන්දුවාර 4 දී ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවාගැනීමට හැකිවීම මත කඩුලු 9 ක් දැවී ලකුණු 300 ක් ලබා මානසික වශයෙන් ස්‌ථාවර ලකුණු එකතුවක් වෙත යැමට හැකියාව ලැබිණි.
ලකුණු 111 ට කඩුලු 5 ක් බිඳ වැටුණු එංගලන්ත පිළිතුරු ඉනිම ජෝස් බට්‌ලර් විසින් ක්‍ෂණික ශතකයකින් ස්‌ථාවර කිරීම තරගයේ වඩාත් කැපී පෙනුණු සිදුවීමක් විය. පන්දු 61 කදී ශතකය සම්පූර්ණ කළ ඔහු එංගලන්ත පිතිකරුකුගේ වේගවත්ම එක්‌දින ශතකයේ වාර්තාව සියතට ගත් අතර රවී බොපාරා සමග එකතුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු වාරයකට ලකුණු 8.1 4ක සාමාන්‍යයක් සහිත ලකුණු 133 ක වේගවත් සබඳතාවක් පිහිටුවා එංගලන්තය සටන්කාමී තැනකට රැගෙන ආවේය. බට්‌ලර්ගේ ලකුණු 121 ක ඉනිමට හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් විය. එංගලන්තය පරාජය වුවද තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ඔහුගේ එම පිතිහරඹයට හැකිවිය. 'ජෝස් ගේ පිතිහරඹය මම මගේ ජීවිතයේදී මෙතෙක් දැකපු හොඳම ශතකයක් ' යෑයි ශ්‍රී ලංකා නායක මැතිව්ස්‌ද එය පසසමින් කතා කළේය.
එක්‌දින තරගයක දෙපිලේම කඩුලු රකින්නන් විසින් ශතක රැස්‌කළ ඉතිහාසයේ 5 වැනි අවස්‌ථාවද මෙම තරගයේදී සටහන් විය.
ජයග්‍රහණය සඳහා එංගලන්තයට අවසන් පන්දුවාර 2 දී ලකුණු 20 ක් ලබාගත යුතු වූ අතර කුලසේකර විසින් යෑවුණු 49 වැනි පන්දු වාරය ලකුණු 8 ක සීමාකිරීමට ඔහුට හැකිවීම මත අවසන් පන්දු වාරයේදී ලකුණු 12 ක ජයග්‍රාහී ඉලක්‌කයක් ලැබුණි. එහි දෙවැනි පන්දුවේදී ජෝර්දන්ගේ කඩුල්ල දවාගත් මාලිංග සිව්වැනි පන්දුවේදී බට්‌ලර්ව දුවද්දී දැවී යැමකට ලක්‌කරමින් එම තීරණාත්මක පන්දු වාරය ලකුණු 4 කට සීමා කළේය.
තරගාවලියේ ශූරයන් තීරණය වන 5 වැනි සහ අවසන් එක්‌දින තරගය හෙට බර්මිංහැම් නුවරදී පැවැත්වීමට නියමිතය.

0 comments:
Post a Comment