අසල්වැසි ඉන්දියාවේ අලුත් භාරකාරයා - අගමැති නරේන්ද්‍ර සිං මෝඩි - දිවුරුම් දීමේ නිල උත්සවය ඉකුත් 26 වැනිදා පැවැත් වූයේ සාර්ක් කලාපයේ රාජ්‍ය නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි. කුඩා කල තේ කඩයක වැඩ කළ මෝඩි එකල තමන් සමඟ එහි සේවය කළ හොඳම මිත්‍රයාටද මේ නිල උත්සවයට ආරාධනා කිරීම විශේෂත්වයක් විය. ඉන්දීය නායකයා ඉන් ලෝකයට කියා සිටියේ තමන් මුල අමතක නොකරන්නකු බවය.
වැදගත් කාරණය එය නොව, මේ නිල උත්සවයේ පැවැති චාම් හා සරල බවය. නැටුම් - ගැයුම් - වැයුම්වලින් තොරවූ උත්සවයට නව අගමැතිවරයා පෙරහරින් කැඳවාගෙන පැමිණියේ නැත. විසිතුරු සැරැසිලි හෝ ධජ පතාක හෝ උත්සව භූමියේ දක්නට නොලැබිණි. දීර්ඝ කතා හෝ වර්ණනා කිසිවක් එහි නොවීය.
නරේන්ද්‍ර මෝඩි මෙන්ම ඔහු නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය (bjp) හින්දු මතධාරීන්ගෙන් යුක්ත වුවද දිවුරුම් දීමේ උත්සවය කිසි ලෙසක ආගමික ස්වරූපයක් ගත්තේ නැත. ආගම්වාදී නොවන ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඔවුන් ගෞරව කෙළේ එලෙසිනි. බී. ජේ. පී. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පවා සකස් වී තිබුණේ පක්ෂයේ මූලික ප්‍රතිපත්තිවලට එකඟව නොවේ. සිය දර්ශනය හා ආගම 'ඉන්දියාව' බවත්, එකම වීරකාව්‍ය 'ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' බවත්, එකම බලය 'මහජන බලය' බවත්, එකම යාඥාව 'ජනතාවගේ සුබ සිද්ධිය' බවත්, ආණ්ඩුවේ එකම මාර්ගය 'සියලු දෙනාගේ සංවර්ධනය' බවත් බී. ජේ. පී. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවධාරණය කර තිබිණි. මහත්මා ගාන්ධිතුමා විසින් ජාති භේදවාදයට එරෙහිව නිදහස් ඉන්දියාවේ රෝපණය කරන ලද මතවාදයට කිසිදු ආණ්ඩුවකට පිටුපා යා නොහැකි බවත් කිසිවකු එවැනි උත්සාහයක් නොගන්නා බවත් භාරතීය ජනතා පක්ෂයේ මේ හැසිරීමෙන් පැහැදිලි වේ.
ඉන්දීය මාධ්‍යවලින් ලැබුණු සහාය නොවන්නට මහ මැතිවරණයෙන් මෙතරම් ඉහළ ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට භාරතීය ජනතා පක්ෂයට හැකි නොවීමට ඉඩ තිබිණි. දූෂණ චෝදනා එල්ල වුවද මෙතරම් දරුණු පරාජයකට මුහුණදීමට සිදුවේ යැයි ඉන්දීය කොංග්‍රසය නොසිතන්නට ඇත.
එහෙත් සිය පරාජයෙන් පසු වහාම නරේන්ද්‍ර මෝඩි ඇතුළු ජයග්‍රාහී බී.ජේ.පී.යට සුබ පැතූ කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව පැවැසුවාය. කොංග්‍රසයේ ජාතික සංවිධායක රාහුල් ගාන්ධි ද පරාජයේ වගකීම පැකිළීමකින් තොර
ව භාර ගත්තේය. අගමැති දිවුරුම් දීමේ නිල උත්සවයට හිටපු අගමැතිවරයා ඇතුළු කොංග්‍රස් නායකයන්ට ආරාධනා කර තිබුණු අතර ඔවුහු සියලු දෙනා උත්සවයට පැමිණීමට තරම් නිහතමානී වූහ.
බිලියනයකට වැඩි ජනගහනයක් සිටින ඉන්දියාවේ නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය සාමාජිකයන් 46 දෙනකුගෙන් යුක්ත විය. එහි කැබිනට් ඇමැතිවරුන් 25කි. කැබිනට් නොවන රාජ්‍ය ඇමැතිවරුන් සංඛ්‍යාව 21කට සීමා කර ඇත. ඇමැති මණ්ඩලයේ කෝටිපතියන් රැසක් සිටියත් ඇමැති ධුර ලබාදී ඇත්තේ සුදුසුකම් අනුව මිස මුදල් බලයට නොවේ. අපරාධකාරයන්, දූෂිතයන් පවා ලෝක් සභාවට තේරීපත්ව සිටියද ඉන්දියාවේ රාජ්‍ය පාලනයට ඔවුන්ට කළ හැකි බලපෑමක් නොමැත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් එරට සතුවීම ඊට හේතුවය.
දෙකෝටියකට මඳක් වැඩි ජනගහනයක් ජීවත්වන ලංකාවේ ඇමැති මණ්ඩලය අති විශාලය. අමාත්‍යංශ වෙන්කර ඇත්තේද කිසිදු ප්‍රායෝගික පදනමකින් නොවේ. මුහුණ බලා ඇමැති ධුර බෙදන තත්ත්වයට මේ රට පත්ව තිබේ. ආණ්ඩු පක්ෂයේ සියල්ලෝ ඇමැතිකම් බලාපොරොත්තු වෙති. විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැති මාරු කරන්නේ ඇමැති ධුර වෙනුවෙනි. විශේෂයෙන් මේ ඇමැති ධුර "මේනියාව" ආරම්භ වූයේ 1993 දෝෂාභියෝගයෙන් පසුවය. භාරතීය ජනතා පක්ෂයේ හිටපු නායක ලාල් ක්‍රිෂ්ණා අද්වානිට මෝඩිගේ ඇමැති මණ්ඩලයේ ඇමැති ධුරයක් පිරිනැමුණේ නැත. ඊට හේතුව වූයේ වයස අවුරුදු 75ට වැඩි මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබා නොදීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි.
මෙවර මැතිවරණයේදී උප්පත්තිය පවා ඇදගනිමින් මඩ ගහගත්තද මැතිවරණයෙන් පසු ජය, පරාජය සමසිතින් දරාගෙන 'ඉන්දියාව' වෙනුවෙන් කැපවීමට එකතු වූ එරට දේශපාලන නායකයන් ආදර්ශයට ගන්නේ නම් 'ලංකාව' කෙතරම් වාසනාවන්ත විය හැකිද?
රට පාලනයෙන් ඉවත්ව ගිය කොංග්‍රස් ආණ්ඩුව විසින් අරඹනු ලැබූ ව්‍යාපෘති සමාලෝචනය කර ඒවා අවසන් කිරීමට කටයුතු කරන්නැයි ඉන්දීය අගමැතිවරයා සිය ඇමැතිවරුන්ගෙන් ඉල්ලා තිබිණි. ආණ්ඩු මාරු වූ විට මුල් ගල පවා ගලවා විසිකරන මෙරට දේශපාලනඥයන් හා සසඳන විට ඉන්දීය දේශපාලනඥයන් සිටින්නේ ගව් ගණනක් දුරින් බව කිවයුතු නැත.
මෙරට මැතිවරණ කොමසාරිස්වරයා කාටුන් ශිල්පීන් විසින් වෙල් පඹයකු ලෙස අඳින්නේ එපමණටම මැතිවරණ නීතිරීති විහිළුවක් බවට පත්වී ඇති නිසාය. එහෙත් ඉන්දියාවේ පූර්ණ බලැති මැතිවරණ කොමිසම සමඟ සෙල්ලම් කිරීම පහසු නැත. කොංග්‍රසයේ අගමැති අපේක්ෂකයා වූ රාහුල් ගාන්ධිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොමිසම පොර කන්නේ ඒ හේතුවෙනි.
ඉන්දියාවේ 15 වැනි අගමැතිවරයා ලෙස පත් වූ නරේන්ද්‍ර සිං මෝඩි ඉකුත්දා ඉල්ලා තිබුණේ තමන්ගේ ජීවිත කතාව කිසිදු පාසල් පෙළ පොතකට ඇතුළත් නොකරන ලෙසය. ජනතාව ලබාදුන් බලය උපයෝගී කරගෙන ඉන්දියාව ගොඩනඟනවා හැරෙන්නට සිය ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට එරට නායකයෝ වෑයම් නොකරති. කුමන ආගමික හෝ දේශපාලන මත දැරුවද සියල්ලට පළමුව "ඉන්දියාව" යන්න ඔවුන්ගේ අචල ප්‍රතිපත්තියයි. උදේ සවස මවුබිම බේරා ගැනීමට කෑගසන ඊනියා දේශප්‍රේමීන්, සැබෑ දේශප්‍රේමීන් වන ඉන්දියාවේ නායකයන් ආදර්ශයට ගත යුතුය. කෙතරම් දුර්වලකම් තිබුණද ඉන්දියාව වැනි රටකින් යමක් ඉගෙන ගැනීමෙන් වැඩක් මිස අවැඩක් වන්නේ නැත.
mawbima -

0 comments:
Post a Comment