facebook like

සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිතයි ---- අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක සිවුවැනි එක්දින තරගයේදී යවන ලද පන්දු කිහිපයක් සැක සහිත බව විනිසුරුවන් දන්වා ඇතැයි අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දින 21ක් තුළදී සචිත්‍ර සේනානායක පරීක්ෂණයකට යොමු විය යුතු බව
ය.සචිත්‍ර සේනානයකගේ සැක සහිත පන්දු යැවීම ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තමන්ට ද දැනුම්දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කරන්නේ මෙම පැමිණිලි කිරීමට පෙර, පසුගිය වසර දෙකක කාලය තුළදී, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් සංවිධානය කරන ලද තරගාවලි කිහිපයකට මෙන්ම ද්විපාර්ශ්වික තරගාවලි කිහිපයකටද සචිත‍්‍ර සේනානායක සහභාගි වූ බවත් සැකයක සේයාවක් වත් නොමැතිව, එංගලන්තයට එරෙහිව මෙම තරගාවලියේ තරග හතරකට සහභාගි වූ බවත්ය. එම තත්ත්වයන් යටතේ මෙම චෝදනාව නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විශ්මයට පත්වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සටහන් වන්නේ මෙවැනි අවස්ථාවකදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ක‍්‍රියාත්මක කරන ක‍්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීමට තමන් බැඳී සිටින බවයි. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර අද (3 වැනිදා) පැවැත්වෙන එක්දින තරගයට කී‍්‍රඩා කිරීමට තෝරා ගැනීම සඳහා සචිත‍්‍ර සේනානායකට කිසිදු බාධාවක් නැත.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ද අවධාරණය කරන්නේ ඔහු අදාළ චොදනාවන්ට වරදකරු වනතෙක්, ඉදිරියේදී පැවැත්වෙන අන්තර් ජාතික ක්‍රිකට් තරග සදහා සහභාගීවීමට මින් බල පෑමක් එල්ල නොවන බව ය.








0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive