facebook like

දේහ ලක්ෂණවලින් හරියටම අනාවැකි කියපු ජයතිලක 'මව්බිම'ට හමුවෙයි

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මියයන දිනයත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට කෙස් ගහෙන් පරදින බවත්, කරු ජයසූරිය මහතා ආණ්ඩුවට පනින බවත් කෙස්ගහටම කියා තිබූ ජයතිලක සුවිශේෂී පුද්ගලයකු වන්නට ඇතැයි ඕනෑම කෙනකු සිතනු නොඅනුමානය. එහෙත් මා ඉදිරියේ අසුන්ගෙන සිටියේ සාමාන්‍ය පුද්ගලයෙකි.

මා අසා ඇති පරිද්දෙන් ඉදිරියේදී වෙන දෙයක් කියන්නට නම් අභිඥා ලබා තිබිය යුතුය. ඒ නිසා ජයතිලකගේ හිස වටා රැස් වළල්ලක්වත් ඇත්දැයි මා
බැලුවේ විමසිල්ලෙනි. එබඳු රැස් වළල්ලක්ද දක්නට නැත.
• දැන් ජයතිලක මහත්තයා ඔබතුමා මෙහෙම කෙස්ගහටම හරියන්න අනාවැකි කියන්නෙ කොහොමද? මගෙ ප්‍රශ්නය එළියට පැන්නේ නොඉවසිල්ලෙනි.
ඔව්. මං හරියටම අනාවැකි කියනවා. සමන් ජයතිලක කියා සිටියේ සන්සුන්වය.
• කර්ණමුණ්ඩයෙන්ද?
මගේ ඊළඟ ප්‍රශ්නයට මා එහෙන් මෙහෙන් දැන සිටි ඒ වාගේම තවදුරටත් කරුණු සොයමින් සිටින මාතෘකාවක් එක්වූයේ වැඩිදුර නොසිතාමය. මියගිය තැනැත්තකු ජීවත්වන අයකුට කනට කර යම් යම් තොරතුරු අනාවරණය කිරීම කර්ණමුණ්ඩය ලෙස මා අසා ඇත්තෙමි.
නැහැ. කර්ණමුණ්ඩයෙන් නෙවෙයි. ජයතිලක කියා සිටියේය.

• එහෙනම්?
දේහ ලක්‍ෂණවලින් තමයි මං අනාවැකි කියන්නෙ. තමන් උපතින් ගෙනා දෙයක් තමයි දේහ ලක්‍ෂණ. ඒ නිසා දේහ ලක්‍ෂණවලට බොරු කරන්න බැහැ. සිද්ධාර්ථ කුමාරයා උපන් වෙලාවෙ කුමාරයා බුදුවෙන බව ටක්කෙටම කියන්න පුළුවන් වුණෙත් දේහ ලක්‍ෂණ බලල තමයි" ජයතිලක පැහැදිලි කළේය.
අනතුරුව ජයතිලක දේහ ලක්‍ෂණ විද්‍යාව විග්‍රහ කරන්නට විය.
මනුෂ්‍යයකු මේ ලෝකෙට බිහිවෙද්දිම ඒ ජන්මියාගේ දිව, ඇස්, කන්, නාසය හා ශරීරය පරීක්‍ෂා කිරීම තුළින් ඒ ජන්මියාගේ අනාගතය හොඳ වෙනවද නරක වෙනවද කියා කියන්න පුළුවන්. මෙන්න මේ විදියට උප්පත්තිය ලබා ඇති ජන්මියකුගේ දිව, ඇස්, කන්, නාසය හා ශරීරය පරීක්‍ෂා කිරීමෙන් ඔහුගේ ජීවිතයේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන පැවැසීම දේහ ලක්‍ෂණ විද්‍යාවයි.
මෙලෙස ඉන්ද්‍රිය පහ පරීක්‍ෂා කිරීම තුළින් එම ජන්මියාගේ අනාගත ජීවිතය වාසනාවන්ත වෙනවාද, සැප සම්පත්වලින් පිරී ඉතිරී යනවාද, කරදර බාධා ඇතිවෙනවද යන්න ගැන කිව හැකියි. හැබැයි ඒ පිළිබඳව හරියටම දැනගැනීමට නම් දේහ ලක්‍ෂණ විද්‍යාව ගැන ගැඹුරු දැනීමක් තිබිය යුතුයි.
දේහ ලක්‍ෂණ විද්‍යාවේ ඉතිහාසය ගැන බැලීමේදී සිද්ධාර්ථ කුමාරයාට ඉපදුණාට පස්සේ එතුමාගේ පියතුමා වන සුද්ධෝදන රජතුමා කුමාරයාව ප¾ඩිවරු ගාවට අරගෙන ගියා. කුමාරයගෙ අනාගතය ගැන දැනගන්නට. කුමාරයාව මුලින්ම අරගෙන ගියේ වප්ප, භද්දිය, මහානාම, අස්සජි කියන තාපසයන් හතරදෙනා ගාවටයි.

මේ හතරදෙනා සිද්ධාර්ථ කුමාරයාගේ උපන් වේලාව අරගෙන පැය තුනක් පමණ ගත කරලා කේන්දරය හැදුවා. කේන්දරය හදලා මෙහෙම කිව්වා.
මහරජතුමනි, මේ පින්වත් කුමාරයා කටක ලග්නයෙ. ඒකේ ගුරු ඉන්නෙ. මේ කේන්දරය අනුව මෙන්න ප්‍රතිඵල. මේ පින්වන්ත කුමරා එක්කෝ සක්විති රජ වෙයි. එක්කෝ බුදුවෙයි කියලා.
එවිට රජතුමා අහනවා ඔබලා මේ රටේ ඉන්න දක්‍ෂතම ප¾ඩිවරු. එහෙම නම් වෙන දේ ගැන හරියටම එකක් කියන්න බැරිද කියලා.
පස්වාන් දහසකට බුදුවෙන්න රජතුමනි අපට එකක් කියන්න නම් බැහැ එක්කෝ සක්විති රජු නැති නම් බුදු කියලා හතරදෙනාම ආපහු කිව්වා. එවිට රජතුමා කේන්ති ගියා කියලත් සඳහන් වෙනවා.
එවිට රජු ඒ කේන්දරය ඉල්ලා වීසි කරලා අහනවා මෙහි තව කවුද ඉන්නෙ කුමාරයගෙ අනාගතය ගැන අහගන්න කියලා. එවිට අර නුග ගහ ළඟ වාඩි වී සිටින තැනැත්තා කියාවි කියලා කියනවා. රජු එම තාපසයව හමුවෙනවා. ඒ තාපසතුමා තමයි කොණ්ඩඤ්ඤ තාපසතුමා. කොණ්ඩඤ්ඤ තාපසතුමා පැය තුනක් පමණ බිලිඳු සිද්ධාර්ථ කුමරුව කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂා කරලා කියනවා මේ පින්වන්ත කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා. කොණ්ඩඤ්ඤ තාපසතුමා කියනවා මේ පින්වන්ත කුමාරයාට දෙතිස්මහ පුරුෂ ලක්‍ෂණ තියෙනවා. දිව, ඇස්, කන්, නාසය, ශරීරය පරීක්‍ෂා කළා. අවුරුද්දක් වයසැති කුමරුගේ කෙස් අක්බඹරු වගේ රැලි ගැහිලා, කන් දෙක ලම්භකර්ණයි, නහය ගැඹුරු ලෙස වක් ගැහිලා, දත් මේ විදියට පිහිටලා තියෙනවා ආදී වශයෙන් විස්තර කරලා අන්තිමට කියනවා නළලේ තිබුණු කෙස් ගස ගැන. මේ කෙස් ගස අප හඳුන්වන්නේ උෟර්ණ රෝම ධාතුව කියලයි. කැරකිලා එහි කොන තියෙන්නෙ දකුණු උරහිස ළඟයි. ඒ නිසා මේ කුමරා දෙව් මිනිස් සැමට නායකත්වය දෙන සම්මා සම්බුදු පදවියට ඒකාන්තයෙන්ම පත්වෙනවා කියලා කොණ්ඩඤ්ඤ තාපසතුමා කිව්වා. මේ අනුව දේහ ලක්‍ෂණ විද්‍යාවට අවුරුදු 2635ක ඉතිහාසයක් තිබෙනවා.

• ඉතින් ඔබතුමා කොපමණ කල් මේ දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව අනාවැකි කියනවද? කොහොමද දේහ ලක්‍ෂණ විද්‍යාව ඉගෙන ගත්තේ?
මං දැන් අවුරුදු විස්සකට වැඩි කාලයක් තිස්සේ දේහ ලක්‍ෂණ විද්‍යාවෙන් අනාවැකි කියනවා.
මං ඉන්දියාවට ගිහිල්ලා අවුරුදු හතරක් තිස්සේ කොණ්ඩඤ්ඤ තාපසතුමා එදා දැන සිටි ඒ දේහ ලක්‍ෂණ ශාස්ත්‍රය අධ්‍යයනය කළා. මා එම ශාස්ත්‍රය උගත්තේ ගෝපාලසාමි කියන මුනිවරයාගෙන්. අද එතුමා ජීවතුන් අතර නැහැ. දැන් මා තමයි දේහ ලක්‍ෂණ විද්‍යාවෙන් අනාවැකි කියන්න පුළුවන් කෙනකුට මුළු ලෝකයේම ඉන්නෙ.
මං මේ වෙනකොට හිසේ කෙස් ගාණට නොයෙක් අයට අනාවැකි කියලා තියෙනවා. සමහරු මට කතා කරලා කියනවා "ඔබතුමා මතක ඇති එදා මට අනාවැකියක් කිව්වා අවුරුදු දෙකකට පස්සේ මම රට යනවා කියලා. ඒ අනාවැකිය හරි ගියා දැන් මං ඉන්නෙ රට" කියලා. තව කෙනකු කතා කරලා කියනවා "මං උපාධියක් කරනවා" කිව්වා දැන් මම උපාධියක් කරනවා කියලා. ඔහොම ගොඩක් අය කතා කරලා කියනවා මං ඇත්ත අනාවැකි කිව්වා කියලා. අනන්ත ප්‍රමාණය අය එහෙම කියලා තියෙනවා.
මං මේ දිගින් දිගටම දේහ ලක්‍ෂණ බලමින් අනාවැකි කියමින් කරන්නෙ මා උගත් ශිල්පය තවදුරටත් මුවහත් කරගන්න එකයි. වැඩිදියුණු කරගන්න එකයි. කෙනකුව දැක්ක ගමන් සමහර විට මහමඟ යන කෙනකු දැක්ක ගමන් මේ තැනැත්තා මෙහෙම තැනකට වැටෙන කෙනෙක් කියන එක මගේ හිතට වැටිලා ඉවරයි.
දේහ ලක්‍ෂණ විද්‍යාව හැදෑරීම තුළින් එය ජීවන වෘත්තියක් කර ගැනීමෙන් වගේම විවිධ ආකාරයේ පුද්ගලයන් ඉන්න සමාජයක ජීවත් වෙන අය විදියට ඒ පුද්ගලයාගෙ ගති ස්වභාවය කල්තියා දැනගෙන මේ තැනැත්තා කපටියෙක්, වංචාකාරයෙක්, බොරුකාරයෙක්, මේ තැනැත්තා අවංක කෙනකු ආදී වශයෙන් දැනගෙන කටයුතු කිරීමේ වාසියද ලබාගන්න පුළුවන් වෙනවා.

• දේහ ලක්‍ෂණ පිරික්සා බැලීමෙන් කෙනකු ගැන කියන්න පුළුවන් මොන වගේ දේවල්ද?
කෙනකුට මුහුණදීමට සිදුවන කරදර, බාධක ගැන කල්තියා කියන්න පුළුවන්. ලෙඩදුක්, අනතුරු ගැන වගේම තමන්ගෙ දියුණුව සැලසෙන ආකාරය ගැන කියන්න පුළුවන්.
මිල මුදල්, තනතුරු ලාබ ලැබීම් වගේම සමාජ ගෞරවය ලැබෙනවාද කියන එක ගැන කියන්න පුළුවන්. රැකියාවේ තත්ත්වය, උසස්වීම් ලැබීම්, රැකියාවේ වෙනස්වීම්, රැකියාව අහිමි වීම් වැනි දේවල් වගේම අධ්‍යාපනයක් ලබා තිබෙනවාද, වැඩිදුර අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන්ද, අධ්‍යාපනය ලබාගත හැකි අංශ මොනවාද වගේ කරුණුත් කිව හැකියි.
• දේහ ලක්‍ෂණ හැරුණාම ඔබතුමා කටහඬ ඇසූ පමණින් අනාවැකි කියන්න සමත්කම් දක්වන බව දැනගත්තා. ඒ කියන්නේ අනාවැකි කීමට යමකු ඔබ ඉදිරියේම ඉන්න ඕනෑ නැහැ?
ඔව්, ඉන්දියාවේදී මා කටහඬ ගැනත් අවුරුදු හතරක්ම අධ්‍යයනය කළා. මට කටහඬ අසා අනාවැකි කියන්න පුළුවන්. දුරකතනයෙන් කතා කරන විට ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද, ඒ පුද්ගලයාට මොනවගේ දේට මුහුණ දෙන්න වෙයිද කියලා කියන්න මට පුළුවන්කමක් තියෙනවා. මට කෙනකුගේ ඡායාරූපයක් දුටුවිට ඒ වාගේම රූපවාහිනී තිරයක් මත දුටු විටත් ඒ තැනැත්තා ගැන කියන්න පුළුවන්.

• ඔය විදියට හැමකෙනකු ගැනම හිතන්න කරන්න ගියාම හිත අවිවේකී වෙන්නෙ නැතිද?
නැහැ. ඒකම තමා අභාග්‍යය. නිතරම අලුත් වෙන්නෙ ඉගෙනුම තුළිනුයි. මම බලන්නේ මගේ ශාස්ත්‍රය නිතර අලුත් කරගැනීමටයි.
• මඟතොටදී ඔබ ළඟින් යන කෙනකු ගැන මේ විදියට ළඟ ඉන්න කෙනකුට කියනවාද?
ඔව්. සමහර විට අත් අල්ලගෙන යන දෙන්නකු ඒ විදියට යන්නෙ තව ටික කලයි කියලා ඒක ඒ විදියට හරි ගිහින් තියෙනවා.
• ඒ කටවහ වෙන්න බැරිද?
මා ඉගෙන ගෙන තියෙන්නෙ අතිශයින්ම වැදගත් ශාස්ත්‍රීය විද්‍යාවක්. ලංකාවේ මං වගේ දේහ ලක්‍ෂණ බලලා අනාවැකි කියන්න පුළුවන් කෙනකු ඉන්නව නම් ඒ ඕනෑම කෙනකු සමඟ ඕනෑම විවාදයකට, තරගයකට මං ලෑස්තියි.

• ඔබතුමාගේ දේශපාලන අනාවැකි ගැන තමයි අපට මුලින්ම දැනගන්න ලැබුණේ. කොහොමද මේ දේශපාලන අනාවැකි කියැවුණේ?
මම සාමාන්‍ය පුද්ගලයෙක්. සායිබාබා වගේ උසට මහතට ලෝකේ ජනතාව අතර ප්‍රසිද්ධියක් ලබපු කෙනෙක් නෙවෙයි. මං කෙතරම් අනාවැකි කිව්වත් ඒවට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා නැහැ. කියපු ඒවා අනන්තයි. සිරිමාවෝ මැතිනියට, රනිල්ට, කරුට කියපු අනාවැකිවලට අමතරව මං ශ්‍රී පති සූරියආරච්චි ගැනත්, තමිල් සෙල්වම් ගැනත් අනාවැකි කිව්වා. ඒවා නම් ර්චය ඊම එකේ පටිගත වෙලා ඇති. ඒ කාලෙ වැඩසටහනක් තිබුණා ඡායාරූප හා කටහඬ ගෙන්නගෙන ඒ අය ගැන අනාවැකි කියන. ඒකෙදි ප්‍රසිද්ධ අය කිහිප දෙනකු ගැනත් අනාවැකි කියනවා. මට ශ්‍රී පති සූරියආරච්චිගේ රූපයක් පෙන්නලා ඔහුගේ කතාවක් අහන්න සැලැස්සුවා. මං කිව්වා දේහ ලක්‍ෂණ අනුව වැඩිකල් ඉන්නෙ නැහැ කියලා. සතියක් ගියේ නැහැ වාහනය අනතුරකට පත්වෙලා මැරුණා. ඒ වාගේම තමිල් සෙල්වම් ගැනත් කිව්වා ඔහුත් දින කිහිපයකින් මියගියා.
මේ අතර ජයතිලක මට රහසින් යමක් පැවැසීය. "අර ප්‍රසිද්ධ දේශපාලනඥයාට අන්තිමයි. ඒක එයාගෙ ඇස් දෙකෙන් පෙනෙනවා"

• ඇයි එයා ඝාතනය වෙනවද?
නැහැ. ස්වාභාවික මරණයක්. හෘදයාබාධයකින් වෙන්න පුළුවන්. ජයතිලකගේ ඒ අනාවැකිය හරියයි දැයි බැලීමට කාලයට ඉඩදිය යුතුව ඇත.
රනිල් වික්‍රමසිංහ මහත්තය මහින්ද රාජපක්‍ෂ මහත්තයට කෙස්ගහෙන් පරදින බව මං කෙස්ගහටම කිව්වා. ඒ වෙලාවෙ රනිල් මහත්තයගෙ කට්ටිය මාත් එක්ක විරසක වුණා. නමුත් අනාවැකිය ඇත්ත වුණා. කරු ජයසූරිය මහත්තයා පළාත් සභාවට තරග කළ වෙලාවෙ මාත් ඒ වේදිකාවල කතා පැවැත්තුවා. දවසක් කරුගේ පෞද්ගලික ලේකම් එක්ක වාහනයක යන අතර මං මට දැනුණු දේ අවංකවම කිව්වා. කරු ජයසූරිය මහත්තයා ඡන්දෙ ඉල්ලුවට දිනන්නෙ නැහැ. විපක්‍ෂ නායකයා වෙනවා විතරයි. මං කිව්වා. "අපි මේ දිනන්න වැඩ කරනවා. තමුසෙ හරි දේවල්නෙ කියන්නෙ" කියලා කේන්ති ගිය පෞද්ගලික ලේකම් මාව වාහනයෙන් පාරට තල්ලු කරලා දාලා ගියා. නමුත් අනාවැකිය ඇත්ත වුණා.
සිරිමාවෝ මැතිනියගෙ කාලෙ ඉවරයි කියලා අනාවැකිය කිව්වෙ බෝධි රණසිංහ මහත්තයගෙ කාර්යාලයේදියි. බෝධි මහත්තයා මාව එළව ගත්තා. ඒ වුණත් අනාවැකිය හරි ගියාම මගේ අනාවැකි ඇත්ත බව පිළිගත්තා.
මම කියන දේ මිනිසුන් අහන්නෙ නැහැ මම පොඩි මිනිහෙක් නිසා. නමුත් ඇත්ත වුණාම මෙහෙම දෙයක් කිව්වා නේද කියලා මතක් වෙනවා.

• අපේ රටේ අනාගතය ගැන ඔබතුමාගේ අනාවැකි මොනවද?
ශ්‍රී ලංකාව හොඳ තැනකට එන්නේ 2018න් පස්සෙයි. එතකන් අවුල් ඇති වෙනවා. රටට ජනතාවට වැඩි හොඳක් නැහැ. මේ අවුල් සහගත කාලයෙන් පස්සේ එන්නෙ එ.ජා.ප. ආණ්ඩුවක්. එය දිගු කලක් අවුරුදු 15ක් පමණ පවතිනවා.
ජනතාවට කරුමයක් විඳවන්න තියෙන විට දරදඬු පාලකයන් බිහිවෙනවා. අවාසනාවන්ත කාලය ගෙවුණාම හොඳ පාලකයන් බිහි වෙනවා.
රාජ්‍ය නායකත්වයේ යම් යම් වෙනස්කම් ඇති වුණත් දැනට ජනතාවට අත්විඳින්න වෙලා තියෙන කරදර කාලය ඉතා කෙටි කලකින් නිමා වෙන්නෙ නැහැ. ජනතාවට සෙතක් වෙන යුගයක් බිහිවෙන්නෙ 2018දියි. දැහැමිව ආණ්ඩු කරගෙන යන්න පුළුවන් රාජ්‍ය නායකයකු ඇති වෙනවා. ඒ පාලකයා කවුදැයි මා දැන්ම හෙළි කරන්නෙ නැහැ.
මේ රාජ්‍ය නායකයා දැන් කතා වෙන පොදු අපේක්‍ෂකයා කියන කෙනා නම් නෙවෙයි. ඒවගේම කියන්න ඕනේ ඒ සිවුරු හැඳි කෙනකුවත්, කාන්තාවක්වත් නෙවෙයි කියලා.
දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව ඉදිරියේ බිහිවෙන ඒ නායකයා කවුදැයි කියන එක මා දැන්ම හෙළි කරන්නේ නැහැ. එහෙම හෙළිදරවු කළොත් එයින් රටට මෙන්ම ඒ තැනැත්තාටත් කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක 2018 ආසන්නයේදී 2017 දී විතර හෙළි කිරීමට මා කටයුතු කරනවා.

විපුලාංගනී සතරසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive