සුබ මුහුර්තයට අනුව 2015 ජනවාරි මාසයේ පැවැත්වීමට දින නියම කරගෙන තිබූ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මාසයේ අග සතියේ පැවැත්වීමට දැන් තීරණය කොට ඇතැයි ආණ්ඩුවේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන නිල ප්‍රකාශය එළැඹෙන අගෝස්තු මාසයේ ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි පැවැසේ.ජනාධිපතිවරයා දිවුරුම් දී වැඩ භාරගෙන වසර හතරක් සම්පූර්ණ වීමෙන් පසු නැවැත ජනාධිපතිවරණයකට යෑමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ
සැලැසී තිබෙන අතර වසර හතරකට පෙර ජනාධිපතිවරණයට යෑමට නම් ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගත යුතුය.
එසේ නැති නම් ඒ පිළිබඳව ශේර්ෂ්ඨාධිකරණයෙන් විනිශ්චයක් ලබාගත යුතු වෙයි. පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා මත ප්‍රකාශ වුවත් ඒ පිළිබඳ තීරණාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැත.
ආණ්ඩුව නීති අංශ සමඟ පැවැත්වූ දිගු සාකච්ඡාවලින් අනතුරුව ව්‍යවස්ථාවට අනුව මැතිවරණය පැවැත්වෙන දිනට වසර හතරක් සම්පූර්ණවීමෙන් පසුව මැතිවරණ පැවැත්විය හැකි බවට නීති උපදෙස් ලබාගෙන ඇති බව දැනගන්නට තිබේ. ඒ අනුව එළැඹෙන ජුනි මාසයේ උෟව පළාත් සභාව විසුරුවා හැර අගෝස්තු මාසයේදී පළාත් සභා මැතිවරණය අවසන් වූ වහාම ජනාධිපතිවරණය පැවැත්වීමේ නිල ප්‍රකාශය නිකුත් කිරීමට නීති උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.
උෟව පළාත් සභා මැතිවරණය හා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රජයේ සේවකයන් ඇතුළු පොදු ජනතාවට සහන මල්ලක් ලබන ජූලි මාසයේ සිට ලබාදීමට තීරණය කොට ඇති අතර, මේ වන විටත් එයටද අවශ්‍ය මූලික කටයුතු සැලැසුම් කෙරෙමින් පවතින බවද දැනගන්නට ඇත.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අනියම් සේවකයන්ගේ ස්ථිර කිරීම, විදුලිය ගාස්තු අඩු කිරීම, ගොවි ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙමින් පොහොර සහනාධාර ස්ථාපිත කිරීම, ධීවර සහනාධාර ලබාදීම ඇතුළු සියලු ක්‍ෂේත්‍රවලට වාසි සැලැසෙන අයුරින් මේ සහන මල්ල ක්‍රියාත්මක කරනු ඇත. සහන ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා වන සාකච්ඡා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පැවැත්වෙන බවද වාර්තා වෙයි.

0 comments:
Post a Comment