කඩයක තේ ගැසූ කොලුවකු අගමැතිවරයා බවට පත් කළ ඉකුත් ඉන්දීය මහ මැතිවරණය ආපනශාලා වේටර්වරියක ඇමැතිවරියක බවටද පත්කොට තිබේ.
එම දෛවෝපගත අත්දැකීම ලැබූ ස්මි්‍රති ඉරානි (Smrithi Irani) ආපසු ඇයගේ ජීවිතය දෙස හැරී බැලුවහොත් ඇය දකිනු ඇත්තේ තම ජීවිත කතාව තමා සිනමාවේ හෝ ටෙලි සිත්තමක රඟපෑ කතාවකට සමීප බවය. ඒ ආපනශාලාවේ වේටර්වරිය පසුකලෙක සම්මාන පිට සම්මාන ලැබූ සුපිරි ඉන්දීය නිළියක බවට පත්වීමටද වාසනාව ලැබූ නිසාය.
ස්මි්‍රති ඉරානි රඟපෑ චරිත දේශ සීමා අභිභවමින් ඉන්දියාවෙන් ඔබ්බටද ගොස් ජනතා සිත් සතන් ඇද බැඳ ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ අපට ඇය අපගේ හද බැඳගත් 'මහගෙදර තුල්සි' වූවාය.
වරෙක ගුජරාටි මහ ඇමැතිකමෙන් නරේන්ද්‍ර මෝඩි ඉල්ලා අස්විය යුතු යැයි කියමින් මාරාන්තික උපවාසයක යෙදුණු ස්මි්‍රති ඉරානි අද නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයාගේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යවරියයි. පසුගිය මහ මැතිවරණ සමයේදී 2002 වසරේ ගුජරාටයේ මුස්ලිම් ජන සංහාරය සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝඩිට එරෙහිව නැඟුණු චෝදනාවලට ඒවා ප්‍රතික්‍ෂේප කරමින් පිළිතුරු දීමට ස්මි්‍රති ඉරානිද පෙරමුණ ගත්තාය. පුදුමය වූයේ 2004 වසරේ ඇය නරේන්ද්‍ර මෝඩි මහ ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතු බවට මාරාන්තික උපවාසයක නියැළුණේ එම කරුණ මතම වීමය. පෙරළා ඇයට ප්‍රති උපකාර කරමින් ඉකුත් මැතිවරණයේදී නරේන්ද්‍ර මෝඩිද ස්මි්‍රති ඉරානිගේ ජය තහවුරු කිරීමට ඇයගේ මැතිවරණ රැස්වීම්වල කතා පැවැත්වූයේය. රට ඉන්දියාව වුවත් පක්‍ෂ දේශපාලනයේ හැටි එහෙමය.
ස්මි්‍රති ඉරානිට නරේන්ද්‍ර මෝඩිට එරෙහි ප්‍රහාර නවතාලීමට සිදුවූයේ භාරතීය ජනතා පක්‍ෂයේ (B.J.P.) ප්‍රධානීන්ගෙන් එල්ල වූ බලපෑම් නිසාය. මෝඩිට එරෙහි ප්‍රහාර නවතාලන ලෙසට පක්‍ෂයෙන් කළ ඉල්ලීම්වලට ඇය අවනත වූවාය.
ස්මි්‍රති ඉරානිගේ සිනමා ජීවිතයේ මෙන්ම දේශපාලන ජීවිතයේද දැකගන්නට ලැබෙන්නේ ක්‍රමික නැග්මකි. ස්මි්‍රති ඉරානිගේ දේශපාලන ජීවිතය ඇරැඹුණේ 2003දී B.J.P.ය හා එක්වීමෙනි. 2004දී ඇය ඉන්දීය ලෝක් සභා මැතිවරණයට නවදිල්ලියේ චාන්ද්නි චෝක් (Chandni Chowk)) ආසනය සඳහා තරග කළාය. එහිදී ඇය පරාජයට පත්වුණාය. එහෙත් B.J.P.යේ මධ්‍යම කාරක සභාවට ඇය පස්වරක්ම පත්වූවාය.
ඇය 2009දී නවදිල්ලි අපේක්‍ෂක විජේ ගොයෙල්ස්ට සහාය දෙමින් නගරයේ කාන්තාවන්ගේ ආරක්‍ෂාව පිළිබඳ අවධානය යොමු කිරීමට කටයුතු කළාය. පසුව ඕබ්ර්ථීයේ කාන්තා අංශය වන මහිලා මෝචා (Mahila Morcha)හි සමස්ත ඉන්දීය සභාපතිනිය බවට 2010දී පත්වූවාය. එසේම ඇයව පක්‍ෂයේ ජාතික ලේකම් ධුරයටද පත්කර ගැනිණි. 2011 අගෝස්තු මාසයේදී ගුජරාට් ප්‍රාන්තයේ සාමාජිකයකු ලෙස ඇය ඉන්දීය රාජ්‍ය සභාවට පත්වූවාය.
ඉකුත් මහ මැතිවරණයේදී ඇය උත්තර ප්‍රදේශ්හි අමෙනි ප්‍රාන්තයෙන් තරග වැදුණේ ඉන්දියාවේ රජ කුමරු ලෙස සැලකිය හැකි රාහුල් ගාන්ධිට එරෙහිවය. ඇය ඇයගේ ආසනය පැරැදුණේ රාහුල් ගාන්ධිට වැඩි ඡන්ද එක්ලක්‍ෂ හැත්තෑදහසක් හිමිකර දෙමිනි.
ස්මි්‍රති ඉරානි 1976 මාර්තු 23දා දිල්ලියේදී උපත ලැබුවේ පන්ජාබේ - බෙන්ගාලි පවුලකය. දියණියන් තිදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා වූ ඇය සාම්ප්‍රදායන්ට පිටින් ගොස් සමාජයේ දිදුලන චරිතයක් වීමට ආශා කළාය. 1998 ඉන්දියා රූප රැජන තරගයට අයැදුම් කළ ඇයට රූප රැජන තරගයේ අවසන් වටයට තේරීමට නොහැකි වූවාය. එහෙත් එය ඇයට මුම්බායි කරා ඒමට පාර කපා තිබිණි. රූපවාහිනි වැඩසටහනක පූර්ව කටයුතුවල නිරත වන අතර ජීවිකාව සඳහා ඇය බන්ඩරාහි මැක්ඩොනල්ඩ් අවන්හලේ වේටර්වරියක ලෙස සේවය කළාය. මේ අතරතුර ගැහැනුන් කරා හදිසියේ මතුවන වාසනාව ඇයගේ ෙදාරටද තට්ටු කළේ අනපේක්‍ෂිත ආකාරයටය. ‘Ooh La La La’ නම් වූ මාලා නාටකයේ නිළියක වූ නීලාම් කොදරි (Neelam Kothari) එය අතහැරියෙන් ඒ වෙනුවට ස්මි්‍රති ඉරානිව කැඳවිණි. වැඩසටහන් නිෂ්පාදක එක්ටා කපූර් Ekta Kapoor) ඇයගේ රංගන විලාසය ගැන පැහැදීමක් ඇතිකර ගත්තේය. එක්ටා කපූර්ගේ ඉමහත් ජනප්‍රියතාවට පත්වූ ‘Kyunki Saas Bhi Kabhi Baho Thi’ රූපවාහිනී නාට්‍ය මාලාවේ තුල්සි විරානිගේ චරිතය ස්මි්‍රති ඉරානිට ලැබෙන්නේ ඒ ආකාරයටය. 'මහගෙදර' තුළින් ශ්‍රී ලාංකික අපගේ හද බැඳගත් තුල්සි බවට පත්වන්නේ ඇයගේ මෙම චරිතයයි.
'තුල්සි විරානි' චරිත තුළින් ජන හද බැඳගත් ස්මි්‍රති ඉරානි ඉන්දියානු ටෙලිවිෂන් ඇකඩමි සම්මාන පහක් ජනප්‍රිය හොඳම නිළිය වශයෙන් පිට පිටම ලබාගත්තාය. ‘Indian Telly Awards’ යනුවෙන් හැඳින්වෙන සම්මාන හතරක්ද ‘Stor Parivaar Awards’ නමින් හැඳින්වෙන සම්මාන 8ක්ද දිනාගත්තාය. ඇය මේ වන විට ටෙලි නාට්‍ය හා සිනමා නිෂ්පාදිකාවක ලෙසද කටයුතු කරන්නීය.
ස්මි්‍රති ඉරානි විවාහ වී සිටින්නේ ඇයගේ කුඩා කල මිතුරකු වූ සුබින් ඉරානි (Zubin Irani) සමඟය. ඇයට හා සුබින්ට සෝර් (Zohr) නම් පුතකු හා සොයිෂ් (Zohr) නම් දියණියක සිටී. එසේම මහගෙදර තුල්සි විරානි චරිතයේ මෙන්ම මවු ගුණය මේ යැයි දක්වමින් සිය සැමියා සුබින්ගේ පළමු විවාහයේ දියණිය වන ෂෙනෙලි (Shanelle)ටද තමන්ගේ දරුවන්ට මෙන්ම සෙනෙහස දක්වන බව ප්‍රකටව පවතී.
රු කාරියවසම්

0 comments:
Post a Comment