තංගල්ල ද නේචර් හෝටලයේදී කුරාම් ලෙයික් ඝාතනය කිරීම හා වික්‌ටෝරියා ඇලෙක්‌සැන්ඩ්‍රා සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අපරාධයට යොදාගත් ගිනි අවිය සිවුවැනි විත්තිකරුගේ ප්‍රකාශය තුළින් හෙළිවූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතා ඊයේ (09 දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්‌කි දෙමින් කියා සිටියේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය හමුවේ විභාග වන නඩුවේ පැමිණිල්ලේ
සාක්‌කිකරුවකු ලෙසින් රජයේ නීතිඥ චමින්ද අතුකෝරාළ මහතාගේ නැවත ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් එසේ කියා සිටි රෝහණ මහතා ඒ නිසා සිවුවැනි විත්තිකරුව වෙනත් විත්තිකරුවන්ගෙන් වෙන්කර තැබීමට පියවර ගත් බව ද කියා සිටියේය.
2011 දෙසැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී තංගල්ල මැඬිල්ල පාරේ පිහිටි "ද නේචර්" සංචාරක හෝටලයේදී රයන් අකලංක නමැත්තාට පහර දී තුවාල සිදුකිරීමේ පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් එම කාලසීමාවේදීම එම හෝටලයේ සිටි කුරාම් සේවන් ෂෙයික් නමැති බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පහර දී බෝතල් කටුවලින් ඇන කපා මරා දමන ලද බවට ද ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ වික්‌ටෝරියා ඇලෙක් සැන්දොaවා නමැත්තිය රංචු ගැසී දූෂණය කළ බවට ද විත්තිකරුවන්ට එරෙහි නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.
එම කාලසීමාවේදීම "ද නේචර්" හෝටලයට රුපියල් 1,60,255 ක අනර්ථයක් කළ බවට ද එහි තිබූ රුපියල් 41,000 ක් වටිනා මත්පැන් බෝතල් කොල්ලකෑ බවට ද වැඩිදුරටත් චෝදනා ගොනුකර ඇත.
මෙහි චෝදනා ලැබ සිsටින විත්තිකරුවන් වන්නේ ලහිරු කැලුම් හෙවත් රවීන්ද්‍ර, උඩුගමගේ සමන් දේශප්‍රිය, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, වීරප්පුලිගේ ප්‍රනීත් චතුරංග, මොහොට්‌ටිගේ සරත් හෙවත් සහන් සහ සරණආරච්චි පටබැඳිගේ චානුක චතුරංග නමැති අයයි.
මෙහි තෙවැනි විත්තිකාර සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නමැති අයව නඩු විභාගය අවසන් වනතෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අනෙක් සැකකරුවන් ඇප මත මුදාහැර ඇත. ඇපමත මුදාහැර ඇති විත්තිකරුවන් නඩු විභාගයට පෞද්ගලිකව පෙනී සිටි අතර තෙවැනි විත්තිකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
තෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සම්පත් හේවාපතිරණ මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේද කියා සිටියේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන ඒකකයේ සේවය කරනවා. යම් යම් මනුෂ්‍ය ඝාතන පරීක්‍ෂණ පැවැත්වීම මෙහිදී සිදුකරනවා. මෙවැනි ඒකකයක් වෙනම පිහිටුවා ඇත්තේ කුමන හේතුවක් නිසාද දන්නේ නෑ.
සම්පත් හේවාපතිරණ මහතා - මෙවැනි ඒකකයක් පිහිටුවා ඇත්තේ ඇයි?
සාක්‌කිකරු - මනුෂ්‍ය ඝාතන ගැන පරීක්‍ෂණ පවත්වන්න.
මෙම අපරාධයට අදාළව පොලිස්‌පතිවරයාගේ නියෝග මත මෙහි පරීක්‍ෂණ පවත්වන්න පටන් ගත්තා. ප්‍රාදේශීය පොලිස් ස්‌ථානවලින් සිදුකරන පරීක්‍ෂණවලට අමතරව සී. අයි. ඩිය මෙවැනි පරීක්‍ෂණ කරනවා.
2011 දෙසැම්බර් 25 දා සවස 5.15 ට මාතර නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයෙන් මෙහි පරීක්‍ෂණ ආරම්භ කළා. මෙහි පරීක්‍ෂණයන් ගැන අධිකරණයට දැනුම් දීමක් සිදුකරන තෙක් තංගල්ල පොලිසියද පරීක්‍ෂණ සිදුකළා.
සම්පත් හේවාපතිරණ මහතා - අධිකරණයට දැනුම් දුන්නේ කවදාද?
සාක්‌කිකරු - 2011 දෙසැම්බර් 26 දා. මෙම පරීක්‍ෂණයට අදාළව සිදුකළ විමර්ශන විශේෂත්වයක් ගන්නා බව තේරුම් ගියා. ඒ අනුව සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීම්, නඩු භාණ්‌ඩ සොයා ගැනීම්, අධිකරණ වෙත කරුණු වාර්තා කිරීම් මෙහිදී සිදුකළා.
මෙහි පරීක්‍ෂණ මෙහෙයවමින් උපරිම අයුරින් සිදුකළා.
සම්පත් හේවාපතිරණ මහතා - සැකකරුවෙකුගේ ප්‍රකාශ මත යම් දෙයක් සොයා ගත්තා නේද? එහි සෑම තොරතුරක්‌ම සටහන් කළ යුතු නේද?
සාක්‌කිකරු-අධිකරණයට ඇවිත් සාක්‌කි දීමට හා තොරතුරු ඉදිරිපත් කිරීමට අවශ්‍ය දේවල්වලට අවශ්‍ය සටහන් යොදාගත්තා.
සම්පත් හේවාපතිරණ මහතා - පරීක්‍ෂණය තමන්ගේ පෞද්ගලික දෙයක්‌ද?
සාක්‌කිකරු - පෞද්ගලික දෙයක් නෑ ස්‌වාමීනි.
මතකය තියා ගතයුතු යෑයි සිතෙන වැදගත් කරුණු පමණක් සටහන් කිරීම සිදු කළා. ඊට අමතර දෙයක් සටහන් කිරීම අවශ්‍ය නෑ. අවශ්‍ය වුණොත් සටහන් බලනවා නැතිනම් මතකයෙන් කිව හැකියි.
සම්පත් හේවාපතිරණ මහතා - එම මතකය අලුත් කරගෙන කියන්න, ගිනි අවිය සොයා ගත් ලිපිනය දැනගත්තේ කවදාද?
සාක්‌කිකරු-ගිනි අවිය සොයා ගැනීමට පෙර දින රාත්‍රියේ.
සම්පත් හේවාපතිරණ මහතා - සැකකරුවන්ගේ එවැනි ලිපිනයක් ඇත්තේ නෑනේ.?
සාක්‌කිකරු - නැතිව ඇති. වෙනත් තැනක් වෙන්න ඇති.
සම්පත් හේවාපතිරණ -මුලින් ඉවත් කළේ පස්‌ද? පරඬැල් කොළද?
සාක්‌කිකරු - මුලින් පරඬැල් කොළ අයින් කළා ද පස් අයින් කළාද කියලා වැඩක් නෑ. පරඬැල් ඉවත්කර පස් ඉවත්කර ගිනි අවිය සොයා ගැනීම සිදු කළා. අදහසට හානියක් නොවන්න සිද්ධිය මතක් කර ගන්නයි මෙය ලියා ඇත්තේ.
සම්පත් හේවාපතිරණ මහතා - මෙවැනි අපැහැදිලි වාර්තාවක් ලියා ඇත්තේ මෙවැනි ගිනි අවියක් සොයා ගැනීම නොකළ නිසයි.
සාක්‌කිකරු - දැන් දින පහක් සාක්‌කි දුන්නා. ඔය ලියලා තියෙන සටහන් බැලුවොත් ඔවැනි දේවල් ඕන තරම් සොයා ගන්න පුළුවන්. ඔය වගේ නැති වචනයක් අකුරක් අල්ලාගෙන කථා කරන්න නීතිඥ මහත්තයලා හරි දක්‌ෂයි.
සම්පත් හේවාපතිරණ මහතා - ස්‌වයංක්‍රීය ගිනි අවියක් සොයා ගැනීම දඬුවම් දීමකට යටත්වන බව දන්නවා. ඒ ගැන දන්නවාද?
සාක්‌කිකරු - මතක නෑ. සියල්ලම මතක තියාගන්න බෑ ස්‌වාමීනි.
සම්පත් හේවාපතිරණ මහතා - ඔබ කියන ආකාරයේ ගිනි අවියක් සොයා ගැනීමක් වුණේ නෑ. පොලිසිය සමඟ එකතුවෙලා ගොතපු කථාවක් ලෙස යෝජනා කරනවා.
සාක්‌කිකරු - ප්‍රතික්‌ෂේප කරනවා ස්‌වාමීනි. කිසිම දෙයක් ගොතන්න වුවමනා වුණේ නෑ. සියල්ල සත්‍ය තොරතුරු.
සිවුවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ ද පැවැසුවේය.
යූ. ආර්. ද සිල්වා මහතා - පාන්දර ගිහිල්ල ඒ නිවසේ අයව බය කරලා නිවසත් පරීක්‍ෂා කළා නේද?
සාක්‌කිකරු - අවදිකරවන්නේ නැතිව සටහන් ගන්න බෑ ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - ඒ නිවස පරීක්‍ෂා කිරීම කළාද?
සාක්‌කිකරු - එසේයි. සැකකරුවන් සිටිනවාද කියා පරීක්‍ෂා කළා.
යූ. ආර්. ද සිල්වා මහතා - ඒ වෙලාව කීයද?
සාක්‌කිකරු - පාන්දර 1.30ට පමණ ඇති ස්‌වාමීනි.
එම නිවස පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව පාන්දර 3.45 ට පමණ යළි තංගල්ල පොලිසියට ආවා.
යූ. ආර්. ද සිල්වා මහතා - කාගේ කට උත්තරයද මුලින් ගත්තේ?
සාක්‌කිකරු - පළමු හා දෙවැනි සැකකරුවන්ගෙන් කටඋත්තර ගත්තා.
යූ. ආර්. ද සිල්වා මහතා - වේලාව කීයද?
සාක්‌කිකරු - රාත්‍රි 10.30 ට පමණ
යූ.ආර්. ද සිල්වා මහතා - ඉවර වුණේ කීයටද?
සාක්‌කිකරු - එහෙම සඳහන් කරලා නෑ.
යූ. ආර්. ද සිල්වා මහතා - දෙවැනි විත්තිකරුගෙන් කටඋත්තර ගත්තේ පොල්වත්ත මහතා ඇවිත් බව කීවා ටී 56 ක් ගැන හෙළිsවුණා. අපි සොයන්න යමු කියා කීවාද?
සාක්‌කිකරු - ඔව්. ඒ ගැන තවත් පැහැදිලි කළ යුතුයි ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - ඔහොම ඉන්න. ජනකලාගේ ගෙදර ඇති බවට කියෑවුණාද?
සාක්‌කිකරු - ඒ ගැන පැහැදිළි කළ යුතුයි. එසේ කියවුණා. එම ගිනි අවියට මොනවා වුණාද කියා දන්නේ නැති බවත් කියෑවුණා.
යූ. ආර්. ද සිල්වා මහතා - ජනකලාගේ ගෙදර දෙවැනි වරට ගියේ කවදාද?
සාක්‌කිකරු - මා යළි ගියේ නෑ ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - ඔබේ නිලධාරීන් ගියාද?
සාක්‌කිකරු - එසේයි. තංගල්ල පොලිස් නිලධාරීන් ගොස් තියෙනවා.
යූ. ආර්. ද සිල්වා මහතා - ඒ කීයටද?
සාක්‌කිකරු-27 දා සවස 4.05 කණ්‌ඩායමක් ගොස් තියෙනවා.
යූ. ආර්. ද සිල්වා මහතා - ජනකගේ ගෙදරට ගිහිල්ලා තියෙන්නේ කීයටද?
සාක්‌කිකරු - සවස 5.10 ට නිවස පරීක්‍ෂා කළ බවට සටහන් තියෙනවා.
යූ. ආර්. ද සිල්වා මහතා - නඩු භාණ්‌ඩ බාරදීම සිදුකර ඇත්තේ කවුද?
රජයේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා - වෙනත් නිලධාරීන් දැමූ සටහන් ගැන සාක්‌කිකරුවන්ට කිව නොහැකි ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා- එම සටහන් යොදාගත්තේ කවුද කියලා ඇසුවේ ස්‌වාමීනි.
සාක්‌කිකරු - තංගල්ල පොලිසිය මගින්.
යූ. ආර්. ද සිල්වා මහතා- එම භාණ්‌ඩය ලැයිස්‌තු ගත කර ඇත්තේ කවදාද?
සාක්‌කිකරු - 2011 දෙසැම්බර් 26 දා
යූ. ආර්. ද සිල්වා මහතා - කවුද ඇතුළත් කර ඇත්තේ.
සාක්‌කිකරු - හරියටම කියන්න බෑ ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - මමද කියන්න ඕනේ.
සාක්‌කිකරු- මේවා තංගල්ල පොලිසිය දැමූ සටහන් ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - හතරවැනි සැකකරුගේ ප්‍රකාශයේදී පාරේ එහා පැත්තේ පාළු ඉඩමක තවත් දෙයක් ගැන හෙළිවුණාද?
සාක්‌කිකරු - නෑ. එසේ කීවේ නෑ.
යූ. ආර්. ද සිල්වා මහතා - කෙසෙල් පඳුරක් යට අසල කියෑවුණාද?
සාක්‌කිකරු - නෑ. එසේ අනාවරණ වුණේ නෑ ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - පන්සලට අයිති බව කියෑවුණාද?
සාක්‌කිකරු - නෑ. එසේ කියෑවුණේ නෑ.
යූ. ආර්. ද සිල්වා මහතා - පිලිස්‌සී ගිය දෙයක් ගන්න ගියාද? කවදාද?
සාක්‌කිකරු - එසේයි. 2011 දෙසැම්බර් 28 දා.
යූ. ආර්. ද සිල්වා මහතා - ජනකගේ ගෙදර කොරිඩෝවේ තිබී ලේ සාම්පල සොයා ගත් බවට හෙළිවුණාද?
සාක්‌කිකරු - සැකකරුවන්ගේ ලේ සාම්පල සොයාගත් බව හෙළිවුණා.
යූ. ආර්. ද සිල්වා මහතා - එම නිවසේ තිබී තමුන්ලා වෙනත් සොයා ගැනීම් කළාද?
සාක්‌කිකරු - නෑ. ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - මේ නඩුවට අදාළ ජනකව අත්අඩංගුවට ගත්තාද?
සාක්‌කිකරු - තංගල්ල පොලිසිය අත්අඩංගුවට අරන් තිබුණා.
යූ. ආර්. ද සිල්වා මහතා - තංගල්ලට නොවේ. තිස්‌සමහාරාම පොලිසියට බාර වෙලා. පසුව තංගල්ල පොලිසියට බාර දුන්නා.
යූ. ආර්. ද සිල්වා මහතා - තුන්වැනි හා සිවුවැනි විත්තිකරුවන් වෙනුවෙන් පැවැති පෙරෙට්‌ටුවවට තිසරණපාලව ඉදිරිපත් කළේ ඇයි?
සාක්‌කිකරු - ඔහුට විත්තිකරුවන් හඳුනාගන්න බැරි බව කියා තියෙනවා.
යූ. ආර්. ද සිල්වා මහතා - එතකොට ඡායාරූප පෙන්නුවොත් හඳුනාගන්න පුළුවන්ද කියා ඇසුවාද?
සාක්‌කිකරු - එහෙමයි.
යූ. ආර්. ද සිල්වා මහතා - සිවුවැනි විත්තිකරු වෙනුවෙන් පැවැති පෙරට්‌ටුව ට තිසරණපාලව සාක්‌කිකරුවෙක් ලෙස ඉදිරිපත් කළේ ඡායාරූප පෙන්වා සිටීමෙන් පසුවයි.
සාක්‌කිකරු - එය ප්‍රතික්‌ෂේප කරනවා.
යූ. ආර්. ද සිල්වා මහතා - දැක්‌කොත් හඳුනාගත හැකියි කියන අයව නේද පෙරට්‌ටුවේදී සාක්‌කිකරුවන් කරගන්නේ.
සාක්‌කිකරු - එසේයි ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - එහෙනම් ඇයි අඳුගන්න බෑ කියන අයව පෙරට්‌ටුවට දැම්මේ.?
සාක්‌කිකරු- හෝටලයේ සියලු සේවකයන් පෙරට්‌ටුවට දැම්මා.
යූ. ආර් ද සිල්වා මහතා - ඇයි අඳුරගන්න බැරි අයව දැම්මේ.
රජයේ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා - අපරාධ නඩුවකට අදාළව ඇසිය යුතු කිසිම ප්‍රශ්නයක් නෑ ස්‌වාමීනි.
යූ. ආර්. ද සිල්වා මහතා - තුවක්‌කුව හඳුනාගත් අයවත් සිව්වැනි විත්තිකරුගේ පෙරට්‌ටුවට දැම්මාද?
සාක්‌කිකරු - එසේ සටහන් කරල තියනවා. නම් පිළිගන්නවා.
රජයේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතාගේ නැවත ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් සාක්‌කිකරු මෙසේ ද කියා සිටියේය.
දිල්රුක්‌ෂි නමැති අයගෙන් මම කිසිම ප්‍රකාශයක් ගත්තේ නෑ. පරීක්‍ෂණ සටහන්වල වෙනත් නිලධාරීන් සිදුකර ඇති කපා හැරීම් ගැන මට වගකීම් ගන්න බෑ. එම කපා හැරීම් අසල අදාළ නිලධාරියා අත්සන් යෙදීමෙන් එම වැරැද්ද පිළි අරන් තියනෙවා. විත්තිකරුවන් ගැන හෝ නඩු භාණ්‌ඩ ගැන එසේ කපා හැරීමක් වෙලා නෑ.
අපරාධ ස්‌ථානයට අප කණ්‌ඩායම යනවිට සොකෝ නිලධාරීන් පරීක්‍ෂණ අවසන්කර භාණ්‌ඩ එකතු කරමින් සිටියා.
සිවුවැනි විත්තිකරුගෙන් ප්‍රකාශ ගන්නා විට ඔහුගෙන් සිද්ධිය හෙළිවුණා. ඒ නිසා ඔහුව වෙනත් විත්තිකරුවන්ගෙන් වෙන්කර තැබීමට ක්‍රියා කළා. එනිසා ඔහුව පොලිස් සිර මැදිරියෙන් ගෙන පිටත තබා ගනු ලැබුවා.
විත්තිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම ගැන සටහන් යෙදීම සිදු කළා.
ගිනි අවිය සොයා ගැනීම කළේ වගුරු බිමක නොවේ. තද පස් සහිත පොළොවක තිබිලා. එහි පස් තැවැරී තිබුණා.
සටහන් යෙදීමේදී 10 වැනි මාසේ ලෙස සටහන් වුණේ වැරදීමකින්. සිවුවැනි විත්තිකරු කියා සිටි ගිනි අවිය ඇති ඉඩමේ ලිපිනය දැනගත්තේ ඔහු ලබාදුන් ප්‍රකාශය තුළිනුයි.
ගිනි අවිය සොයා ගැනීම් කළ පසු සටහන් යෙදීම සිදුකළේ මමයි. ජනකගේ නිවසේ කොරිඩෝවේ තිබී ලේ සාම්පල ලබා ගැනීම සොකෝ නිලධාරීන් සිදු කළා.
කිසිම විත්තිකරුවෙක් හඳුනා ගැනීමට කිසිම අයකුට ඡායාරූප පෙන්වීමක් කළේ නෑ. අපට නියමිත රාජකාරිය නිවැරදිව අපක්‍ෂපාතීව සිදු කළා.
සාක්‌කිකරුගේ සාක්‌කි විමසීම එතැනින් අවසන් වූ අතර වැඩිදුර විභාගය ලබන 13 දා කැඳවීමට නියමිතය.

0 comments:
Post a Comment