facebook like

රෝයල් පාක්‌ ඝාතකයාගේ මරණ දඬුවම ස්‌ථිරයි

රාජගිරිය රෝයල් පාක්‌ මිනිමැරුම් නඩුවේ විත්තිකරු වූ ශර්මන්ත ජූඩ් ඇන්තනි ජයමහ නමැති තරුණයාට අභියාචනාධිකරණය මගින් මරණ දඬුවම නියම කර ඇති බව කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිනී රණවක මහත්මිය ඊයේ (9 දා) ඔහුට එම දඬුවම කියවා පැහැදිලි කර දුන්නාය.

සිද්ධියට අදාළ නඩු විභාගය මුලින් කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වූ බැවින් අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විත්තිකරු මහාධිකරණය හමුවට ඊයේ කැඳවා තිබිණි.

2005 ජූලි 01 දින හෝ ඊට ආසන්න දිනකදී රාජගිරියේ රෝයල් පාක්‌
නිවාස සංකීර්ණයේදී ඉවොන් ජොන්සන් නමැත්තියගේ මරණය සිදු කිරීම සම්බන්ධයෙන් චූදිතට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි. ඒ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණය චූදිතට බරපතළ වැඩ සහිත වසර 12 ක සිර දඬුවමක්‌ හා රුපියල් 50,000 ක දඩයක්‌ 2006 ජූලි 20 දා නියම කරනු ලැබුවේය.

මහාධිකරණය මගින් නියම කළ දඬුවමට එරෙහිව චූදිත හා නීතිපතිවරයා වෙන වෙනම අභියාචනා ගොනු කළ අතර එයින් චූදිතගේ අභියාචනය ප්‍රතික්‍ෂේප කළ අභියාචනාධිකරණය 2012 ජූලි 11 දා ඔහුට මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබුවේය. ලංකා අධිකරණ ඉතිහාසයේ අභියාචනාධිකරණය ප්‍රථම වරට මරණීය දණ්‌ඩනය නියම කිරීම එම තීන්දුව ලෙස සැලකේ.

මරණීය දණ්‌ඩනය නියම කරමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව චූදිත විසින් අභියාචනයකට අවසර ඉල්ලා කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය 2013 ඔක්‌තෝබර් 22 දා ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය.

ඒ අනුව දණ්‌ඩ නීති සංග්‍රහයේ අංක 296 වැනි වගන්තිය යටතේ මිනීමැරීමේ චෝදනාවට වැරදිකරු ලෙස තීන්දු කර මරණීය දණ්‌ඩනය නියම කර ඇති චූදිතව ජනාධිපතිවරයා විසින් කරන්නට යෙදෙන ප්‍රදානයක්‌ මත මරණීය දණ්‌ඩනයෙන් නිදහස්‌ කළහොත් මිස එකී වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනක හා වේලාවක චූදිතගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු බෙල්ලෙන් එල්ලා තබා එකී මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කළාය.

චූදිත බාරගෙන ඔහුට එරෙහි මරණීය දණ්‌ඩනය හෝ වෙනත් නීත්‍යනුකූල නියෝගයක්‌ ක්‍රියාත්මක කරන තුරු ඔහුව සුරක්‌ෂිතව රඳවා තබා ගන්නා ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අණ කර බලය පවරනු ලැබුවාය.

චූදිතට එරෙහිව පනවනු ලැබූ මරණීය දණ්‌ඩනය ප්‍රකාශයට පත් කිරීම දැකබලා ගැනීමට ඔහුගේ මෑණියන්ද මහාධිකරණය වෙත සිටියාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive