facebook like

භික්ෂුන් වහන්සේ විත්ති කූඩුවට නංවා නඩුවක් විභාග කරන මෙන් පැමිණිල්ලේ නීතිවේදීන් ඉල්ලීමක්

බොදු බල සේනාවේ විත්තිකාර භික්ෂුන් වහන්සේ විත්ති කූඩුවට නංවා නඩුවක් විභාග කරන මෙන් පැමිණිල්ලේ නීතිවේදීන් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ ජාතික බල සේනාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට අයුතු ලෙස ඇතුළු වී බාධා කිරීම යන චෝදනා යටතේ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කියා සිටියේ සැකකාර හිමිවරු
විත්ති කූඩුවට නැගීම අනවශ්‍ය බවයි.

නිතිය ඉදිරියේ සැවොම සමාන බැවින් සැකකාර හිමිවරු විත්ති කූඩුවට නැග නඩුවට පෙනී සිටිය යුතු බවට පැමිණිලිකාර ජාතික බල සේනාවේ ලේකම් වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මෛත්‍රී ගුණරත්න අධිකරණයන් ඉල්ලා සිටියේය.

"පැවිදි පක්ෂයට කියා වෙනම නීතියක් නැහැ. අපි මේ බව අධිකරණයට පෙන්වා දුන්නා. එහෙත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා තම අධිකරණයේ පෙනී සිටින පූජ්‍ය පක්ෂයට අයත් සාමාජිකයින් විත්ති කූඩුවට නංවන්නේ නැහැ කියලා," යනුවෙන් පැවසූ නීතිවේදී ගුණරත්න ඒ අනුව සැකකාර හිමිවරුන්ට විත්ති කූඩුවෙන් පිටත සිට ගැනීමට අවසර දුන් බව කියා සිටියේය.

'නීතිවේදියාට තර්ජන'
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කොට සැකකාර හිමිවරුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට තීරණය කොට ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

නඩු විභාගය අවසානයේ අදහස් දැක් වූ බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ, භික්ෂුන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිස රජය වහාම සංඝාධිකරණයක් ස්ථාපිත කළ යුතු බව සඳහන් කළහ.

"ඇතැම් නීතිවේදීන් භික්ෂුන් වහන්සේ ට අපහසුතාවයට පත්කරන ආකාරයෙන් කටයුතු කරනවා. රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන පිරිස් තමා මෙවැනි ක්‍රියාවල දී සිටින්නේ. ඒ නිසා භික්ෂුන්ගේ පැමිණිලි විභාග කිරීම සඳහා සංඝාධිකරණයක් කඩිනමින් පිහිටුවන මෙන් අපි ඉල්ලා සිටිනවා," යනුවෙන්ද ඥානසාර හිමියෝ පැවසූහ.

පැමිණිල්ල ඉදිරිපත් කළ ජාතික බල සේනාවේ ලේකම් වටරැක විජිත හිමියන් ප්‍රකාශයක් කරමින් බොදු බල සේනාවේ හිමිවරු සිය නීතිවේදියාටද තර්ජනය කොට ඇති බව පැවසීය.

"නඩු විභාගය අවසන් වී පිටතට පැමිණි අවස්ථාවේ බොදු බල සේනාවේ වහන්සේලා අපේ නීතිවෙදියාටත් තර්ජනය කර තිබෙනවා. බොදු බල සේනාවේ බලය පිරිහී ඔවුන් අද වියරු වැටී සිටින්නේ," යනුවෙන් එහිමියෝ පැවසූහ.

සැකකාර හිමිවරු වාචිකව තමන්ට කළ තර්ජනය පිළිබඳව තමා මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර උසාවි පොලිස් මුරපොලට පැමිණිලි කළ බවද නීතිවේදී මෛත්‍රී ගුණරත්න සඳහන් කළේය.


0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive