අපේ සිනමාව දැඩි අර්බුදයකට ලක්ව තිබූ කාලයේ "සරෝජා" ගෙන එමින් යළි සිනමාශාලා ප්රේක්ෂකයන්ගෙන් පුරවාලන්නට සෝමරත්න දිසානායක සමත් විය.
ඉන්පසු ඔහු හැදූ සෑම චිත්‍රපටයක්ම ආදායම්වාර්තා උපයමින්, දින සියය ඉක්මවා ප්‍රදර්ශණය වූයේ එතෙක් ප්‍රේක්ෂකයාගෙන් ඈත්ව තිබූ සිනමාවට යලි වටිනාකමක් ලබා දෙමිනි.
සෝමරත්න දිසානායක මෙතෙක් හැදූ චිත්‍රපට සියල්ලම ජාත්‍යන්තරය නියෝජනය කලා පමණක් නොව ජාත්‍යන්තර සම්මාන තිස් තුනක්ද ලබා ගැනීම ශ්‍රී ලංකාවටත්, රටේ
සිනමාවටත් අභිමානයකි. ඔහු මේ වනවිට වැඩිම ජාත්‍යන්තර සම්මාන ප්‍රමාණයක් ලබාගත් සිනමාකරුවා ලෙසද ඉතිහාස ගතවේ.
"සිරි පැරකුම්" ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආ ප්‍රවීණ සිනමාකරු සෝමරත්න දිසානායක යළි චිත්‍රපට නොකිරීමට තීරණය කළේය. චිත්‍රපට සංස්ථා සභාපතිවරයා නිසා තමන් මෙම තීරණයට එළැඹි බවද හෙතෙම මීට පෙර දිනෙක ප්‍රකාශ කළේය.
මේ අතර පසුගිය 10 වැනිදා සිනමාව භාර ජනමාධ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වූ සෝමරත්න දිසානායක එහිදී "බෝම්බයක්" අත හැරියේය. චිත්‍රපට සංස්ථා සභාපතිවරයාද සිටි මෙම අවස්ථාවේදී සෝමරත්න දිසානායක රජයට, සභාපතිවරයාට දොස් නැඟුවේය. ඒ ගැන අපි ඔහුගෙන් විමසුවෙමු.
මොකක්ද මේ බෝම්බයක් අත හැරියා කියන්නේ?
සාමාන්‍යයෙන් කතා කළ යුතු දේ තමයි මම කීවේ.
මේ ප්‍රශ්නයට හේතු වුණේ මොකක්ද?
සිනමාවේ කටයුතු ගැන කතාකරන්න ඇමැතිතුමා රැස්වීමක් පැවැත්වූවා. එහිදී ඩිජිටල්කරණය, චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල වල වෙනස් කිරීම් ඇතුළු විවිධ මාතෘකා ගැන කතා කළා. සිනමා ශාලා හිමියෝ, ප්‍රදර්ශක මණ්ඩල, චිත්‍රපට අධ්යක්ෂවරු, නිෂ්පාදකයෝද ඇතුළු බොහෝ අය අදහස් ප්‍රකාශ කළා.
එතැනදී මොකද වුණේ?
අමාත්‍යාංශ ලේකම්වරයා කිව්වා චිත්‍රපට සංස්ථාව අදහස් කරගෙන ඉන්නවා සිනමාවට ප්‍රේක්ෂකයන් වැඩිකර ගැනීමට රටපුරා සම්මන්ත්රණ මාලාවක් පවත්වන්න කියලා. මම නැගිටලා අදහස් ප්‍රකාශ කළා.
මෙනවද ඔබ කිව්වේ?
මම කිව්වා සම්මන්ත්රණ තියලා රසිකයන් වැඩි කරන්න බෑ. ප්‍රේක්ෂකයන් නරඹන හොඳ චිත්‍රපට හදන්න ඕනෑ. සම්මන්ත්රණ තියලා, ලියුම් ලියලා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ගෙන්වන්න බෑ කියලා. ඒත් ආණ්ඩුවටත් චිත්‍රපට සංස්ථාවටත් වැඩපිළිවෙළක් නෑ ප්‍රේක්ෂකයන් දිරිමත් කරන්න. ආකර්ශනීය චිත්‍රපට හදන අය අධෛර්යයට පත්කරන වැඩ තමයි කරන්නේ කියා මම කිව්වා.
ඊට වඩා දෙයක් කිව්වේ නැද්ද?
මේ සභාපතිවරයා ඉන්න තුරා මම චිත්‍රපට හදන්නෙ නෑ කිව්වා. හැබැයි මේ සභාපතිවරයා ඉවත් නොකළත් කවදාහරි මේ රජය ඉවත් වෙයිනේ. රජය ඉවත්වූ දවසක මම චිත්‍රපට හදනවා.
ඇයි මේ සභාපතිවරයා මොනවද ඔබට කළේ?
මේ සභාපතිවරයා ඉන්නා තුරු චිත්‍රපට කර්මාන්තය දියුණු වෙන්නේ නෑ. චිත්‍රපට කලාව නඟා සිටුවීමට නම් සිනමා රසිකයන් වැඩ කළ යුතුයි. එහෙම නම් හොඳ චිත්‍රපට හදන්න ඕනෑ. නිර්මාණකරුවන්ට සීමා බන්ධන දාලා සිනමාව නඟා සිටුවන්න බෑ. මේ සභාපතිවරයා නිර්මාණකරුවන්ට සීමා මායිම් පනවනවා. පිටපත් සීමා කරනවා. කැමැති ප්‍රදර්ශන මණ්ඩලවල අපිට අපේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න දෙන්නේ නෑ. මේ නීති රීතිවලට යටත් වෙලා කොහොමද විශාල මුදලක් ආයෝජනය කරලා චිත්‍රපටයක් හදන්නේ. සිනමාකරුවන් දිරිමත් කරන වැඩ පිළිවෙලක් ඔහුට නෑ. මිනිස්සු නොබලන දහජරා චිත්‍රපට, සිනමා ශාලා වේලෙන චිත්‍රපට දිරිමත් කිරීමයි ඔහු කරන්නේ. රජයේත් ප්‍රතිපත්තිය මේක කම් අපේ සිනමාව කවදාවත් පවතින එකක් නෑ.
මේ රජයත්, සභාපතිවරයාත් පත්කරන්න ඔබලාත් මුල්වුණා නේද? ඇයි දැන් ඔය විදිහට කතා කරන්නේ....
ඔව්... ඒත් අපි මුල්වුණා කියලා හැමදේටම නිහඬව ඉන්න බෑ. හරි දේට හරියි කියනවා. වැරදි නම් වැරදියි කියනවා. අම්මා තාත්තා වරදක් කළත් අපි ඒකට විරුද්ධ වෙනවා. මේ රජය පත් කරන්න මම මූලික වෙලා කලාකරුවන් සංවිධානය කරගෙන 1994 සිට වැඩ කළා. චන්ද්‍රිකා මැතිනියගේ කාලයේත්, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවලත් රටවටා කලාකරුවන් ගෙන යමින් සංවිධාන කටයුතු කළේ මමයි රේණුකායි. ඒ කාලේ අපේ රටේ තත්ත්වය අනුව අපි කිව්වා මහින්ද රාජපක්ෂ මහතා තමයි රට බේරාගන්න හැකි සුදුසුම පුද්ගලයා කියලා. එදා අපේ උත්සාහය සාර්ථක වුණා. එතුමා ත්‍රස්තවාදය පරාජය කළා. ඒත් එහෙම කළා කියලා රජය කරන හැම දේම නිවැරදියි කියන්නේ නෑ. රටේ ප්‍රශ්න හුඟක් තියෙනවා. ඒත් අපිට අදාළ සිනමාව ගැන. සිනමා කර්මාන්තයට කළ යෝජනා අද ක්‍රියාත්මක වෙන්නේ නෑ. සභාපතිවරයාගේ අකටයුතුකම්, අවිධිමත් කටයුතු, ඔහුගෙන් සිනමාවට වන හානිය ගැන කියලා ඔහුව මේ තනතුරෙන් ඉවත් කරන ලෙස මම විතරක් නොවේ ජනාධිපතිතුමාට මටත් වඩා හිතවත් මාලිනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය දෙපළත් එතුමාගෙන් ඉල්ලා සිටියා. ඒත් සභාපතිවරයා තවමත් රැඳී ඉන්නවා. මේක සිනමා කර්මාන්තයට හානියක්.
මොනවද මේ සම්බන්ධව ඔබ ගන්නා ඉදිරි පියවරයන්?
අපි මේක මහජනතාවට කියනවා... මට සිනමා රසිකයින් ලක්ෂ පනහකට වඩා ඉන්නවා. මේ ජනතාව හමුවට මම මේක ගෙනයනවා. ඒක රජයට හානියක්. රජයට හානියක් වෙනවා කියලා මට මේ අකටයුතුකම් නොකියා ඉන්නත් බෑ. රජය කෙරෙහි මේ ජනතාව කලකිරේවි. මට කරන්න දෙයක් නෑ. ඊළඟ මැතිවරණයේ දී රජය පරාජය වෙන්නත් හේතුවක් වෙයි. දැනට කලකිරී සිටින ජනතාව අතරට සිනමා රසිකයනුත් එකතු වුණොත් ඒක අවාසියක්. රජය රකින්න මට සත්‍ය වසන් කරන්න බෑ. මේ විදිහට ගියොත් සංස්ථා සභාපතිවරයාත් මේ රජයත් වැඩිකලක් ඉඳීවි කියා මම හිතන්නේ නෑ.
අජිත් අලහකෝන්

රජාට පුක දීලා මුගෙ පුකේ ට්‍රේඩ් ගිහිල්ලා තියෙන්නෙ...අවජාතකයා...වාසි පිලට හෝයියා කියන ගල් කාරයෙක් මේකා...පොඩි උන්ගෙ පුක වල් පේන්න බෑ...මුගෙ ළමා චිත්‍රපට කීයක පොඩි කොල්ලො හෙළුවෙන් දුවන දර්ශන තියෙනවද....
ReplyDeleteඔවි දැන් මල්ලිව නාවික හමුදාධිපති කරලා ඉවරයිනේ........දැන් ඉතිං ආණ්ඩුවට බැන බැන යයි......තව මොකක් හරි තමන්ගේ වැඩක් කරගන්න ඔනා කියලා හිතුනොත් මෙකා ආයිත් ආණ්ඩුව පැත්තට කථා කරයි
ReplyDelete