facebook like

කාන්තාවකගෙන් භික්ෂුන් වහන්සේ නමකට ප්‍රහාරයක්

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, අලුත්වැව ප්‍රදේශයේ හිමි නමකට කාන්තාවක් පහර දී තිබේ.

පහරදීම සිදුව ඇත්තේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය තුළදී ය.

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, අලුත්වැව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක මූල්‍ය වංචා සිදුවන බවට ප්‍රදේශවාසීන් පසුගියදා ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමියන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව අත්සන් කෙරුණු පෙත්සමක් නාච්චාදූව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරුණේ ‍ශ්‍රී
බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙනි.

උන්වහන්සේ ප්‍රමුඛ දායක සභාව ඉදිරිපත් කර ඇති පෙත්සම සාවද්‍යක් බව පවසමින්, අදාළ මූල්‍ය සමාගම අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අදාළ පැමිණිල්ල අද දහවල් අනුරාධපුර මූලස්ථාන පොලිසියේදී විභාග කරමින් සිටින අවස්ථාවේ මූල්‍ය ආයතන පාර්ශවයේ කාන්තාවක් හිමිනමට පහර දී ඇති බව ය.

ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය රාජාංගනයේ ශ්‍රද්ධාතිස්ස හිමි
(පහරදීමට ලක් වූ භික්ෂුන් වහන්සේ)

එකම පවුලේ පිරිසක් තමයි ඒ බැංකුව කරගෙන යන්නේ. ඒක සම්බන්ධව ගමේ මිනිස්සු මට නිතරම චෝදනා කළා. ඉතිං මං ඒ වෙනුවෙන් ගමේ අසරණ මිනිස්සු වෙනුවෙන් මං බොහෝ හැමවෙලාවෙදිම මැදිහත් වෙලා තියෙනවා. ඉතිං මේ වගේම මේකටත් ගමේ අහංසක මිනිස්සු මුදවා ගැනීමේ අදහසින් මැදිහත් වුණා. ඒක මූලික කරගත්තු සිදුවීමක් නිසා පොලීසියට පැමිණිලා පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේදී පිටිපස්සෙන් ඇවිල්ලා මට පහර දුන්නා.
මූල්‍ය සමාගමේ සමලේකම් කාන්ති කුමුදු චාන්දනී මහත්මිය

මෙතන දැන් අපි කතා කරකර හිටියා මේ සභාපතිතුමත් මමත්, ස්වාමීන්වහන්සේත් දායක සභාවත්. පිටිපස්සේ මේ අපි සියලු දෙනා හිටියා. අපේ හාමුදුරුවෝ ගත්ත ගමන් කිවුවා මේ හොර ජාවාරම්, හොරු කියලා. පිටිපස්සෙන් හිටපු අය කෑගහගෙන අපි කොහොමද හොරු වෙන්නේ කියලා පිටිපස්සේ ආන්දෝලනයක් වුණා. එතකොට කට්ටිය එහාට මෙහාට වෙනකොට අපි ළඟ හිටපු මිස් කෙනෙක් ‍ඔහොම වැටුණා ඉස්සරහට. අපේ හාමුදුරුවෝ කිව්වා මං ‍ඔය පොලීසිවල පැමිණිලි උසාවි කරන්නෑ, මං මේ පන්සලෙන් ඉවත්වෙලා යනවා කියලා හාමුදුරුවෝ එළියට ගියා. ඒ ගිහින් අපි පැමිණිල්ල විභාග කරනකොට නැවත හාමුදුරුවෝ මෙන්න එනවා අරයා ගැහුවා තුවාල වුණා කියාගෙන.
පසුව විහාරාධිපති ස්වාමීන්වහන්සේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive