facebook like

පසුව ඇය දූෂණය කොට මරා දැමුවා ......'ටයිල් බාස්‌' පාපොච්චාරණයක

ඇය සතුව තිබූ රුපියල් අටසියයක මුදලක්‌, කරාබු ජෝඩුවක්‌ සහ ජංගම දුරකථනය රැගෙන පලාගිය බවත් සැකකරු වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන ගිය මීට මාස තුනකට පමණ ඉහතදී 56 වියෑති විවාහක කාන්තාවක මිහින්තලේ වෙල්ලාරගම ප්‍රදේශයේ දී දූෂණය කොට ගෙල සිරකර මරා දැමූ සිද්ධියේ සැඟවී සිටි සැකකාර ටයිල් බාස්‌ නමැති සැකකරු අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ කොට්‌ඨාස අපරාධ
විමර්ශන අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (3 වැනිදා) සවස පානදුර මොරවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මාර්තු මස 11 වැනිදා අනුරාධපුර නගරයේ තුන්වැනි පියවර ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක දෙදරු මවක වූ ප්ලොරිඩා බ්‍රිජට්‌ වින්සන් ඕපාත නමැති කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාව ඝාතනය කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසියේ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පුළුල් විමර්ශනයක්‌ සිදුකළ අතර සැකකරු විසින් සිය මිතුරකුට ජංගම දුරකථනයක්‌ උකස්‌ කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක්‌ පසු පස හඹා ගොස්‌ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ සැරයන් සෙනෙවිරත්න (14506) සහ කොස්‌තාපල් සංජය (62059) යන මහත්වරුන් පානදුර මොරටුව සහ හම්බන්තොට ආදී ප්‍රදේශවල සැරිසරා සිදු කළ මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

චෝදනා ගණනාවක්‌ සම්බන්ධයෙන් අධිකරණය සහ පොලිසිය මගහරිමින් කට්‌ටි පනිමින් සිට ඇති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ පානදුර මොරවින්න ප්‍රදේශයේ බ්ලොක්‌ ගල් කැපීමේ වැඩබිමක සේවය කරමින් සිට ඇත.

හම්බන්තොට, සූරියවැව, මහවැලි කඩආර, අංක 83 දරන ලිපිනයේ පදිංචි තිස්‌හතර හැවිරිදි වියෙහි පසුවෙන සැකකරු ටයිල් බාස්‌ යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලබන බව පොලිසිය පවසයි.

තමා දින 29 ක පමණ කාලයක්‌ ඝාතනයට ලක්‌වූ කාන්තාවගේ නිවසේ පොළවට ටයිල් ඇලAලීමේ කටයුතුවල නිරතව සිටි බවත්, එසේ කටයුතු කරමින් සිටියදී එම කාන්තාව කෙරෙහි ආදර සිතක්‌ පහළවූ බවත් සැකකරු පොලිසියට පාපොච්චාරණයක්‌ කරමින් පවසා ඇත.

අනතුරුව අලුත්වැඩියා කරමින් තිබූ එම නිවසේ පොළවට ඇල්ලීම සඳහා අඩු මිලට ලබාගත හැකි ටයිල් තොගයක්‌ මිහින්තලේ වෙල්ලාරගම ප්‍රදේශයේ පදිංචි තම මාමා කෙනකු සතුව තිබෙන බවත් පවසා පසුව ටයිල් මිලදී ගැනීමේ මුවාවෙන් කාන්තාව වෙල්ලාරගම ප්‍රදේශයට කැඳවා ගෙන ගොස්‌ වෙල්ලාරගම වැව් බැම්ම මතදී ඇය දූෂණය කොට ලේන්සුවකින් ගෙල සිර කොට ඝාතනය කළ බවත් ඔහු පොලිසියට පවසා ඇත.

පසුව ඇය සතුව තිබූ රුපියල් අටසියයක මුදලක්‌, කරාබු ජෝඩුවක්‌ සහ ජංගම දුරකථනය රැගෙන පලාගිය බවත් සැකකරු වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරු මත කරාබු ජෝඩුව රුපියල් තුන්දහස්‌ දෙසීයක මුදලකට හම්බන්තොට ප්‍රදේශයේ උකස්‌ මධ්‍යස්‌ථානයකට උකස්‌ කර තිබියදී සොයාගෙන ඇති අතර කාන්තාවට අයත් ජංගම දුරකථනයද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මේ පිළිබඳව අනුරාධපුර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න මහතාගේ උපදෙස්‌ මත අනුරාධපුර පොලිසියේ කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive