ශ්‍යාමා ලලිත් එක්ක විවාහ වුණේ පාසල් වියේදී ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයකින්. මේ සම්බන්ධයට ශ්‍යාමාගේ දෙමාපියන් දැඩි ලෙස විරුද්ධ වීම නිසා වයස දහඅට පිරෙන කොට වගේ පාසල් යන ගමන් ශ්‍යාමා ලලිත් සමග රහසේම පලා ගියා.
ඉන්පසු නීතියෙන් විවාහ වූ ඔවුන් කුලියට ගත් කුඩා ඇනෙක්සියක සිය පවුල් ජීවිතේ ආරම්භ කළා. ඔවුන්ගේ විවාහ ජීවිතය තුළ මුල් කාලයේ කිසි හැලහැප්පීමක් තිබුණේ නෑ. නමුත් මුලදී විශේෂ අවස්ථාවකදී මිස නිතර මත්පැන් පානය කළ කෙනෙක් නොවූ ලලිත් පහු වන විට නිතර නිතර මිතුරන් සමග එක්ව මත්පැන් පානයට හුරු වී තිබුණා. ඒ නිසා කල් ගත වන විට ඔවුන්
අතර විවිධ ආරවුල් මතුවුණේ මත්පැන් පානය කර නිවසට පැමිණෙන ලලිත් බිරිඳගේ සුළු වරදක් හෝ අල්ලාගෙන ඇයට දොස් තබන්නට පටන් ගැනීම නිසයි. ඒ වන විට කුඩා දරුවෙකුද ඔවුන්ගේ පවුලට එක්වී සිටි නිසා සැමියාගේ කරදර විඳ දරා ගෙන ජීවිතය ගත කිරීමට ශ්‍යාමාට සිදුව තිබුණා.
දිනක් ශ්‍යාමාගේ ජංගම දුරකථනයට නාඳුනන අංකයකින් ඇමතුමක් ආවා. කතා කළේ පිරිමියෙක්. ඔහුට වැරදීමක් සිදුව ඇති බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වූ නිසා “වැරදි අංකයක්” යනුවෙන් පවසා ශ්‍යාමා ඇමතුම විසන්ධි කළා. නමුත් වැරදීමකින් හෝ තමා කතා කර ඇත්තේ කාන්තාවකට නිසාදෝ ඔහු නිතර නිතර ශ්‍යාමාගේ අංකයට ඇමතුම් දෙන්නට පටන් ගත්තා. ඒ හැම විටෙකම ශ්‍යාමා “හලෝ” කියන්නටවත් උත්සාහ නොකර ඇමතුම විසන්ධි කළත් ඔහුගේ ඇමතුම් නතර වුණේ නෑ.
මේක මොන තරම් තමාට කරදරයක් වුණත් ලලිත්ට මේ ගැන කියන්න ශ්‍යාමා පසුබට වුණා. දිනපතාම වාගේ බිමත්ව ගෙදර පැමිණ තමන්ගේ කුමක් හෝ වරදක් අල්ලාගෙන දබර කරන සැමියාට මේ ගැන කියන්න ගියොත් විශාල අරගලයට මුල පිරේවි යැයි ශ්‍යාමා කල්පනා කළා. ඒ වන විට එම නාඳුනන පිරිමියා ඇයට නොයෙකුත් කෙටි පණිවුඩ පවා වරින් වරට එවමින් සිටියා. ඒ හැම එකක් ඇය ඒ වේලේම මකා දැමුවේ ලලිත් දකීවි කියන බයටයි. බැරිම තැන ඇය තමාගේ සැබෑ තත්ත්වය ඔහුට හෙළිකර කෙටි පණිවුඩ හෝ දුරකථන ඇමතුම් දීමෙන් වළකින ලෙස ඔහුට තදින් කියා සිටියා. නමුත් ඔහු එය මඳකින්වත් නතර කළේ නෑ.
එක්තරා දිනයක මේ නාඳුනන පිරිමියාගෙන් කෙටි පණිවුඩයක් ආවේ ලලිත් ද නිවසේ සිටියදීමයි. ඒ මොහොතේම එය පරීක්ෂා කර බැලූ ලලිත් ශ්‍යාමා දෙස බැලුවේ ඇය දවා අළු කරන තරමේ බැල්මකින්. ඇගෙන් කිසිම දෙයක් නොඅසාම ඔහු “තෝ එහෙනම් මං නැති අතරේ මේවා තමයි කරන්නේ නේද?” කියමින් ඇයට අතින් පයින් පහර දෙන්නට පටන් ගත්තා. අන්තිමේ ඇය සියලු සිද්ධිය ලලිත්ට පවසා තමා මතෛක් මේ සියල්ල වසන් කරගෙන සිටියේ තමාව සැක කරාවි යන බය නිසා බවද අවධාරණය කර කියා සිටියා. නමුත් ලලිත් ඒ කිසිවක් පිළිගත්තේ නෑ, ඔහු එකහෙලාම කියා සිටියේ ශ්‍යාමා අත වරදක් නැත්නම් ඇය මුලදීම තමාට මේ පිළිබඳව හෙළි කළ යුතුව තිබූ බවයි.
කෙසේ හෝ වෙනදා බිමත්ව පැමිණියත් ශ්‍යාමාට බැණ වැදීම මිස පහර දීමක් නොකළ ලලිත් මේ සිද්ධියෙන් පසුව දිනපතාම වාගේ ඇයට එම පිරිමියා පිළිබඳව කියමින් පහර දෙන්නට පටන් ගත්තා. එපමණකින් නොනැවතී ඔහු බිමත්ව පැමිණි පසු අසල්වැසියන් සැම දෙනාටම තම බිරිඳ නරක ගැහැනියක් බව ප්‍රසිද්ධියේ පවසා සිටියා. තමා නැති අතරේ නිවසට එන පිරිමින් ගැන සෝදිසියෙන් හිඳ තමන්ට ඒ ගැන දන්වන ලෙසද ඔහු කීවේ ශ්‍යාමාට නිවසින් එළියට බැසීමටවත් බැරිවන ලෙස ලජ්ජාවට පත් කරමිනුයි. අන්තිමේ ගමේ ප්‍රසිද්ධ වුණේ ඇය නරක ගැහැනියක ලෙසිනුයි. මේ නිසා ඔවුන්ගේ නිවසට දිවා කාලයේ බෝතල් පත්තර එකතු කරන මිනිසකු පැමිණියත් වටපිට ගෙවල්වල කාන්තාවන් එබිකම් කරන්නට පුරුදු වුණා. මෙලෙස අසල්වැසි හැම කෙනෙක්ම තමා දෙස වපර ඇහින් බැලීම ශ්‍යාමාට විශාල වේදනාවක් බවට පත්වෙලයි තිබුණේ.
ඇතැම් දිනවල උදේට රැකියාවට යන බව කියා නිවසින් පිට වුණු ලලිත් ශ්‍යාමාට නොදැනෙන පරිදි අසල්වැසි නිවෙස්වල සැඟවී හිඳිමින් නිවසට පිරිමියකු ඇතුළුවන තුරු බලා සිටියේ අතටම අල්ලා ගන්නටයි. නමුත් එවැනි කිසිවකු ඔහුට හසු වූයේ නෑ.
මේ වන විට ශ්‍යාමා තදබල ලෙස මානසිකව පිරිහිලයි හිටියෙ. ඇගේ පිහිටට කිසිවකු සිටියෙ නෑ. අසල්වැසියෙක්, නෑදෑයෙක්, මිතුරියක් කිසිම කෙනෙක් ආශ්‍රයට හිටියෙත් නෑ. අනෙක් කිසිවකු ඇසුරුකිරීම පවා ලලිත් ඇයට තහනම් කර තිබුණා. මේ අතර එක් උදෑසනක රැකියාවට යාමට සූදානම් වුණු ලලිත් බලහත්කාරයෙන්ම බිරිඳව බිම පෙරළා ඇගේ ලිංගික අවයවයට ගම් වර්ගයක් ගල්වා ඇලෙව්වේ ඇය කෑ ගසද්දීමයි.
“දැන් ඉතින් හවසට මං එනකල් ඔහොමම ඉඳපං” ඔහු තිරිසනෙක් මෙන් එසේ පවසමින් නිවසින් පිටව ගියා. නමුත් තමාව පිළිස්සෙන ආකාරයේ වේදනාවක් දැනීම නිසා ඇය දිගින් දිගටම කෑ ගැසීම හේතුවෙන් අසල්වැසි පවුලක් ඇය රෝහලට එක්කරගෙන ගියා. එහිදී ශ්‍යාමා රෝහල් වාට්ටුවට ඇතුළු කරනු ලැබුවේ ඇගේ ලිංගේන්ද්‍රියෙහි එම ගම්වලින් පිළිස්සුණු තුවාල තිබිම නිසයි.
සියලු විස්තර අනාවරණය කර ගැනීමෙන් පසු ලලිත්ව මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගත්තා.
මේ තැනැත්තාට තිබුණේ ලිංගික ඊර්ෂ්‍යාව නමින් හඳුන්වන මානසික ආබාධයයි. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ චබඩධතධඨඪජචත ණඥචතධභඵර නමින් මෙන්ම ර්ධපඡඪඤ ණඥචතධභඵර නමින්ද හඳුන්වනවා. මෙම මානසික ආබාධය ඇති වන්නට බලපාන හේතුවක් හරියටම කියන්න බෑ. බෝහෝ විට එම සාධක සහ රෝග නිධානය ශරීරය තුළ එය තිබි කුමක් හෝ හේතුවක් මත එය උඩට ඉස්මතු වන්න පුළුවන්. ඒ වගේම මෙවැනි රෝගාබාධ සඳහා සාධක ශරීරය තුළ තිබෙන අය දිගින් දිගටම අධික ලෙස මත්පැන් පානය කිරීම නිසාද පසුකාලීනව රෝගය ඉස්මතු වන්න පුළුවන්. ඒ අනුව මේ සැමියා තම බිරිඳව සැක කරන්න පටන් ගත්තේ නාඳුනන පුද්ගලයාගේ දුරකථන ඇමතුම් නිසාම නොවෙයි. ඔහුගේ ශරීරය තුළ ලිංගික ඊර්ෂ්‍යාව සම්බන්ධව තිබූ සාධක ඉහත කී සිද්ධිය නිසා ඉස්මතු වීමකුයි සිදු වුණේ. එසේම ඔහුගෙන් දිගින් දිගටම සිදුවූ පීඩාවන්, අසල්වැසියන් තමා නරක ගැහැනියක ලෙස හංවඩු ගැසීම නිසා මේ බිරිඳද විශාද රෝගයට ලක්වී තිබුණා. ඒ නිසා දෙදෙනාටම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නටද සිදු වුණා.

විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතාගේ වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි
(ඉන්දු පෙරේරා )

0 comments:
Post a Comment