facebook like

වැට්‌බදු වංචාකරු ඥනසිරි ද සොයිසා ජයතිලකගේ පවුල්වල සියලු දේපළ රාජසන්තකයි

දකුණු ආසියාවේ විශාලතම බදු මූල්‍ය වංචාව ලෙස සැලකෙන රුපියල් කෝටි 400 කට ආසන්න වැට්‌ බදු මුදලක්‌ වංචා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම මත වසර 102 ක (චෝදනා 34 කට වසර 3 බැගින් එකවර ගෙවී යන ලෙස) සිර දඬුවමක්‌ හා රුපියල් කෝටි 1200 කට ආසන්න දඩ මුදලක්‌ නියම වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්‌ අගම්පොඩි ඥනසිරි ද සොයිසා ජයතිලකගේ නමින් හා ඔහුගේ ඥතීන්ගේ නමින් අත්පත් කරගෙන ඇති සියලු නිශ්චල හා චංචල දේපළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ සන්තක
කරන ලෙසට කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (06 දා) නියෝග කළාය

චූදිතට ගෙවීමට නියම වූ දඩ මුදල් ගෙවීමට අපොහොසත් වී ඇති බැවින් මේ වනවිට තහනම් කර ඇති ඔහු නමින් හා ඔහුගේ ඥතීන් නමින් අත්පත් කරගත් සියලු නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමට නියෝග කරන බවට විනිසුරුවරිය දැනුම් දුන්නාය.

අදාළ දේපළ රාජසන්තක කිරීමේ නියෝගවල පිටපත් වහා භාණ්‌ඩාගාර ලේකම්, දේශීය ආදායම් කොමසාරිස්‌, මහ බැංකුවේ වාණිජ බැංකු අංශයේ අධ්‍යක්‍ෂ, ඉඩම් කොමසාරිස්‌ හා දේපළ පිහිටි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කරන ලෙසද විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළාය.

චූදිතට නියම වූ දඩ මුදල් නොගෙවීම මත දේපළ රාජසන්තක කිරීමේ නියෝගය ලබාදීමට නඩුව කැඳවනු ලැබූ අවස්‌ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා අධිකරණය අමතමින් වරද පිළිගැනීම මත දඬුවම් නියම වී ඇති විත්තිකරු හට වංචා කළ මුදල වන රුපියල් තුන්සිය අනූනව කෝටි හැටලක්‍ෂ අටදහස්‌ එකසිය පනස්‌එකක (රු. 3,996,008,151 ක) වටිනාකම මෙන් තුන් ගුණයක්‌ වන රුපියල් එක්‌දහස්‌ එකසිය අනූඅට කෝටි අසූ ලක්‍ෂ විසිහතර දහස්‌ හාරසිය පනස්‌ හතරක (11,988,024,454/- ක) දඩයක්‌ නියම කර ඇති බවත් දඩය නොගෙවන්නේ නම් විත්තිකරු නමින් හා ඔහුගේ ඥතීන් නමින් අයථා ලෙස අත්පත් කරගෙන ඇති සියලු නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමේ නියෝගයක්‌ 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 6 වැනි වගන්තිය ප්‍රකාරව සිදුකළ හැකි බවත් කියා සිටියේය.

ඒ අනුව ගෙවීමට ඇති දඩ මුදල් ගෙවීම පැහැර හැර ඇති මේ වනවිට ලේඛන ගතකර තහනම් කර ඇති (දේපළ විස්‌තරය වෙනම පළවේ) චූදිත නමින් හා ඔහුගේ ඥතීන් නමින් අත්පත් කරගෙන ඇති සියලු දේපළ රාජසන්තක කිරීමේ නියෝගයක්‌ නිකුත් කරන ලෙසද කුලරත්න මහතා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ විනිසුරුවරිය චූදිත දඩ මුදල් ගෙවීමට අපොහොසත් වී ඇති බැවින් පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තහනම් කර ඇති ඔහු නමින් හා ඔහුගේ ඥතීන් නමින් අත්පත් කරගෙන ඇති සියලු නිශ්චල හා චංචල දේපළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ සන්තක කරන ලෙසට නියෝග කළාය.

විත්තිකරුගේ නිශ්චල දේපළවල දක්‌වා ඇති වටිනාකම් එම ඔප්පුවල හා සහතිකවල සඳහන් වන්නේ එම කාල සීමාවේ වටිනාකම්වලට අනුව බවද පෙන්වා දුන් විනිසුරුවරිය ඒ පිළිබඳ නොසලකා වර්තමානයේ ඇති වටිනාකම සැලකිය යුතු බවට අවධාරණය කළාය. චූදිත නමින් හා ඔහුගේ ඥතීන් නමින් ඇති බැංකු ගිණුම් රාශියක මිලියන ගණන් තැන්පත් කර ඇති බවට පෙනී යන බවද එය සියලු ගිණුම්වල ඇති තැන්පත් මුදල් සම්පූර්ණ පොලී ද සහිතව රාජසන්තක කරන ලෙසද නියෝග කළ විනිසුරුවරිය සියලු දේපළවල වර්තමාන තක්‌සේරු වටිනාකම් ගණන් බලා නීතිපතිවරයාගේ අධීක්‍ෂණය යටතේ රාජසන්තක කිරීම සිදුකරන ලෙසට නියෝග කළාය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive