facebook like

කැබිතිගොල්ලෑව මේජර්ගේ බිරිය දූෂණය කළ සෙබළුන්

අධික ලෙස බීමත්ව රංචු ගැසී වරින් බර බරපතළ ලෙස යුද හමුදා සැරයන් මේජර්වරයකුගේ බිරියක වන සහ හමුදා සෙබළුන් දෙනකුගේ හා ගුවන් හමුදා සෙබළකුගේ මවක වන 50 හැවිරිදි කාන්තාවක් සමූහ දූෂණයකට ලක් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකුට සහ හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනකුට මේ මස 24 වැනි දින කැබිතිගොල්ලෑව
මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් රාජා ශ්‍රී මෙවන් මහේන්ද්‍ර රාජා මහතා නියෝග කෙළේය.

මේ අපරාධය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනවල උදෘත නීතිපතිවරයා වෙත යැවීමට අවැසි පොලිස් දිවුරුම් ප්‍රකාශ කඩිනමින් අධිකරණයට භාරදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා හොරොව්පොතාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.

මේ අපරාධයට අදාළ පැමිණිල්ල කැබිතිගොල්ලෑව දිසා අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මෙසේ නියෝග කෙරුණේ හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකු වන මාතලේ මඩහාපොළ ස්ථීර ලිපිනයේ සහ හොරොව්පොතාන පරන්ගියාවාඩිය නබඩවැව තාවකාලික ලිපිනයේ කේ. ඒ. සුමිත් විජේරත්න, හිටපු හමුදා සෙබළුන් වන අනුරාධපුර විහාරපාලුම ලිපිනයේ පී. ලලිත් ගුණරත්න සහ කුරුණෑගල හිඳගොල්ල ළිඳපිටියවත්ත ලිපිනයේ ඩබ්ලිව්. ඒ. උදය ශාන්ත ප්‍රේමදාස යන සැකකරුවන්ටය. මේ සැකකරුවන් නොච්චියාගම ළිඳවැව යුද හමුදා කඳවුරේ සක්‍රිය සේවයේ යෙදී සිටිමින් 2013 වසරේ ජූලි මස 28 වැනි දින රාත්‍රියේ බීමත්ව යතුරුපැදිවලින් හොරොව්පොතාන ප්‍රදේශයට ගොස් මේ අපරාධය සිදුකර ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව මීට පෙර මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය කීවේය.

මේ අපරාධය සිදු කළ සියලු සැකකරුවන් දරුවන් සිටින විවාහකයන් බවත්, පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි. අපරාධය සිදු කිරීමෙන් පසුව සැකකරුවන් විසින් දූෂණයට ලක් වූ කාන්තාව සතුව තිබූ මුදල් පසුම්බියක්, ප්ලෑසර් වර්ගයේ විදුලි පන්දමක්, රන් කරාබු ජෝඩුවක් සහ ජංගම දුරකතනයක්ද පැහැරගෙන පලා ගොස් සැඟව සිට ඇත.

පසුව සැකකරුවන් අදාළ කාන්තාවගෙන් පැහැර ගන්නා ලද ජංගම දුරකතනයේ ඉමි අංකය ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුව අපරාධය සිදුවී දින 19ක් ඇතුළත ඉතා සූක්‍ෂ්ම අයුරින් පොලිස් උපාය දූතයන් යොදා සැකකරුවන් අනුරාධපුර නගරයේදී අත්අඩංගුවට ගැනීමට එවකට හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරිවරයාව සිටි නිකවැරටිය වත්මන් සහකාර පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙය වීම මත ක්‍රියාත්මක වූ එවකට හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිව සිටි අතුරුගිරිය පොලිසියේ වත්මන් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම සහ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කිත්සිරි හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සමත් විය.

සැකකරුවන් සක්‍රිය යුද හමුදා සේවයේ නිරතව සිටියදී මේ අපරාධය සිදුකළ බවට මාධ්‍ය මඟින් අනාවරණය කළ පසුව යුද හමුදාපති ලුතිනන් කර්නල් දයා රත්නායක මහතාගේ නියෝග මත ඔවුන් සියලුදෙනා යුද හමුදා සේවයෙන් නෙරපා හරිනු ලැබීය.
මේ අපරාධයේ සිවු වැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු යුද හමුදා සෙබළකු වන අනුරාධපුර ඇළයාපත්තුව නව ගම්මාන ලිපිනයේ බී. නිමලදාස යන අය පොලිසිය විසින් රජයේ සාක්‍ෂිකරුවකු ලෙස නම් කර සිටී. පැමිණිල්ල වෙනුවෙන් හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එල්. රණවීර මහතාගේ උපදෙස් මත සැරයන් වන්නිනායක (29738) මහතා පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් අජිත් දිසානායක සහ රංග සුජීව යන නීතිඥයෝ පෙනී සිටියහ.

2 comments: Leave Your Comments

  1. Sergeant Major, Major washayen handin weema loku waradak.Me thanathuru deke loke wenasak thibe.

    ReplyDelete
  2. Ehema handin weema eyage nonata karapu ekata wada loku waradakda?

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive