කැබිනට් මණ්ඩලයම කතා කළේ බේරුවල අලුත්ගම ප්‍රදේශ මුල්කරගෙන ඇතිව තිබූ ගැටුම්කාරී තත්ත්වය ගැනයි. ඊට පෙර ජනාධිපතිතුමන්ට බහරේන් රටෙන් හිමි වූ සම්මානය ගැන අමාත්‍ය ජී. එල්. අදහස් පැහැදිලි කිරීමක් කළේය.
මේ හකීම් ඇමැතිතුමාලා එක එක ඒවා කියල එයාල මගෙන් සම්මානය ආපහු ඉල්ල ගනීවිද දන්නෙත් නැහැ. ජනාධිපතිවරයා කීවේය.
මට මේ සිද්ධිය ආරංචි වුණේ බොලිවියාවේ ඉන්නකොට. මම රෝහිතට කතා කරල විස්තර දැනගත්තා. යම් යම් සුළු පිරිස් කීපයකට විතරයි මේ වගේ දේවල් රටේ ඇති කරන්න අවශ්‍ය, ඒත්
අපිට ඒවා වෙන්න දෙන්න බෑ. අපි හැමෝම සමගියෙන් මේ රටේ ඉන්න ඕන.
මේක පිටිපස්සේ ඉන්නේ බොදුබල සේනාව.... හකීම් චෝදනා කළේය.
ඒක එහෙමම නොවෙයි තව පාර්ශ්ව ගණනාවක් ඊට සම්බන්ධයි. හැම පාර්ශ්වයක්ම වගකීමෙන් කටයුතු කරන්න ඕන.. ජනාධිපති කීවේය.
මේ බොදු බල සේනාවේ හාමුදුරුවරු වැඩ කරන්නේ බුද්ධාගමට ගැලපෙන ලෙස නොවෙයි. මහා සංඝරත්නයට අපහාසයක්. රිෂාඩ් බදියුදීන් ආවේගයෙන් කෑගසමින් කීවේය.
බදියුදීන් දෙස මඳක් බලා සිටි ජනාධිපති, මම දන්නවා කාගේත් හැටි. සමහර මුස්ලිම් ආගමික නායකයෝ බුදුහාමුදුරුවන්ට අපහාස වන පරිදි බොරු ප්‍රචාර කළා මට මතකයි. ඔය වගේ දේවල් නොවෙන්නයි තිබුණේ.... ජනාධිපති ඉවසීමෙන් යුතුව කීවේය.
ඒ ආගමික නායකයාට නීතියෙන් දඬුවම් දුන්න නේ. ඔහු අයත් නිකායත් එයාට අවවාද කළා. රිෂාඩ් කීවේය.
විවිධ අදහස් තියෙන අය ඉන්නවා. නමුත් අපි හැමෝම එකමුතුවෙලා නීතියට අනුකූලව ජීවත්වෙන එකයි හොඳ. මේක ආණ්ඩුව කරපු දෙයක් නොවෙයි සමහරු රජයට චෝදනා කරනවා... ජනපති කීවේය.
අපි චෝදනා කරන්නේ පොලිසියට හකීම් කීවේය.
චෝදනා කරල විතරක් මදි. මේ ප්‍රශ්නයට මුල්වුණු අන්තවාදීන් දෙපිරිසක් ඉන්නවා. කට්ටියක් සිංහල කට්ටියක් මුස්ලිම්. ඒක පිළිගන්න ඕන. මේ දෙගොල්ලොම කරුණු අවබෝධ කරගෙන වගකීමෙන් වැඩ කළොත් විතරයි, මේ ප්රශ්නය විස¹ ගන්න පුළුවන් වෙන්නේ...
මේ අයුරින් කැබිනට් රැස්වීම අවසන් විය. එහි මේ ප්රශ්නය වැඩිදුරට සාකච්ඡා වූයේ නැත. ඒත් ඊටත් පසුව පැමිණි ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ ප්රශ්නය තවදුරටත් ඇදී ගියේ ආවේගශීලීව බව පැහැදිලිය.
ෙ
මෙහිදී රවුµa හකීම් මුලින්ම කතා කළේ දේපළ අලාභ හානියට පත්වී සිටින මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට වන්දි ලබාදීමේ පිළිවෙත ගැනය. හානි සිදුවුණු හැම කෙනෙකුටම සෑම පාර්ශ්වයකටම නිසි වන්දි ලැබේවි... ජනාධිපති ස්ථිරව කියා සිටියේය.
කවුරුත් පිළිගන්නවා නේ දෙපැත්තේම ඉන්නවා කියල, අන්තවාදී කල්ලි. ඒවා තහනම් කරන්න... රිෂාඩ් බදියුදීන් කීවේය.
තහනම් කරන එක විසඳුමක් නොවෙයි. ඊට වඩා හොඳයි එයාලට ප්රශ්නය වටහලා දීල ප්‍රතිඵල ගන්න එක. අපි ප්රශ්නයේ බරපතළකම කියල දෙමු. දැන් බලන්න දෙමළ සන්ධානය පැහැදිලිවම එළිපිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නේ. ඒකට ඔවුන් අත්අඩංගුවට පවා ගත හැකියි. එහෙම කළොත් එයාලා බොරු වීරයෝ වෙනවා. ජනාධිපති පැහැදිලි කළේය.
ඔව්... අපි මහානායක ස්වාමීන්වහන්සේ, ආගමික නායකයෝ එකතුවෙලා මේ කණ්ඩායම්වලටත් එන්න කියලා දැනුවත් කරලා සාමකාමීවයි මේ ප්‍රශ්නයට උත්තර සොයන්න ඕන. ඒ කණ්ඩායම්වල වගකීම ඒ ඒ ආගමික නායකයෝ ගන්න ඕන. විමල් කීවේය.
ඒක හොඳ අදහස ජනපති කීවේය.
බොදු බලය පෙළපාලි ගියා. ඒකයි මේක වුණෙ, රිෂාඩ් යළි මුලට ගොස් ආවේගයෙන් කතා කළේය.
එතකොට මුලින්ම ගල් ගැහුවෙ කවුද? මම නොදැන නෙමෙයි ඉන්නෙ අපි රට ගැන හිතන්න ඔනෙ ජනපති තරහෙන් පැවසීය.
බොරු කියන්න එපා ඇමැතිතුමා. අපට ආරංචි වුණේ හාමුදුරුනමකට ගහලා උන්වහන්සේට බරපතළයි කියලයි. මම ගියා බලන්න. පස්සේ දැක්කා ඒකත් බොරුවක්. කටකතාවක් කියලා. චම්පික පෙන්වා දුන්නේය.
බොදුබල සේනා රැස්වීමට දින 3 කට කලින් පෝස්ටර් ගැහුවා. පොලිසිය හරියට වැඩ කළා නම් ඒක නවත්තන්න තිබුණා. හකීම් කීවේය.
අපේ චම්පික ඇමැතිතුමාට ඕන බොදුබල සේනා සංවිධානය රැකගන්න. ඒක පසුගිය දිනවල අපි දැක්කා වාසුදේව කීවේය. ඒ මොහොතේ දෙදෙනා අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ද ඇතිවූ අතර නතර කළේ ජනාධිපතිවරයා මැදිහත්වය.
මේ පෙළපාලිය තමයි ඔක්කොම කළේ. රිෂාඩ් කට පාඩම් කරන්නාක් මෙන් ආයෙත් කීවේය.
පෙළපාලියක් ගියේ නැහැ. රැස්වීම අවසන් වෙලා පිරිස විසිර ගියා. එහෙම ගියපු පිරිසකට පල්ලියේ හිටපු අය ගල් ගැහුවා කියල තමයි අපට නම් ආරංචි වුණේ. එතැනින් පස්සෙයි ගැටුම් ඇතිවෙලා තියෙන්නේ... විමල් කීවේය.
ඔය කොයි කාගෙ කාගේත් කෙරුවාවල් මම දැන් දන්නවා. කවුරු වැරදිද කවුරු හරිද කියලත් තේරෙනවා. තරාතිරම නොබලා වරදකරුවන්ට දඬුවම් කරන්න විතරයි, මම උපදෙස් දෙන්නේ.
ජනාධිපති මහින්ද සියල්ල නිමා කරමින් ස්ථිරසාරව කියා සිටියේ එයයි.

ජනපති තුමනි, කොටියන් සේම හම්බයනුත් මේ ශ්‍රී ලන්කාවෙන් අතුගා දමන්න..
ReplyDeleteGreat Mr president
ReplyDeleteGreat Mr president
ReplyDelete