facebook like

මුස්ලිම් රටවල සෘජුව මැදිහත් වන බව මුස්ලිම් තානාපතිවරු කියති

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන සිද්ධි සම්බන්ධයෙන් තම සෘජු මැදිහත් වීම හා ඊට අදාළ පියවර ගැනීමට කටයුතු කරන බව මැදපෙරදිග ප්‍රධාන පෙළේ මුස්ලිම් රටවල තානාපතිවරු පෙරේදා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පොරොන්දු වූහයි වාර්තා වේ.


පසුගියදා අලුත්ගමදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා මැදපෙරදිග මුස්ලිම් රටවල මෙරට තානාපතිවරුන් අතර පෙරේදා (16දා) රාත්‍රියේ එම කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ නිවෙසේ පැවැති හදිසි හමුවකදී එම තානාපතිවරුන් මෙම පොරොන්දුව ලබාදී ඇතැයි දැනගන්නට ඇත.
ඉරානය, කටාර්, ඇෆ්ගනිස්තානය, කුවේටය, පාකිස්තානය හා මැලේසියාව යන රටවල තානාපතිවරුන් මේ හමුවට සහභාගි වී ඇති අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ශ්වයෙන් එහි නායක රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රි හසන් අලී, නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රි ඒ.එම්. ජමීල්, නීතිඥ එම්.එම්. ෆායිස් යන මහත්වරුන් සහභාගි වී තිබේ.


අලුත්ගම සිද්ධිය පිළිබඳ සවිස්තර ප්‍රකාශයක් මෙහිදී රවුෆ් හකීම් මහතා තානාපතිවරු හමුවේ කර ඇති අතර ඒවාට වගකිවයුතු යැයි කියන ඇතැම් සංවිධාන පිළිබඳ එම තානාපතිවරුන්ගේ අවධානය යොමු කර තිබේ.


හකීම් මහතාගේ කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් තානාපතිවරුන් ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳ තම රටවල් ශ්‍රී ලංකා රජය සමඟ සෘජුව කතා කිරීමට පියවර ගන්නා බවයි.එසේම අලුත්ගම සිද්ධියේදී ජීවිත හා දේපළ හානි වූ ජනතාවට සහන හා ආධාර උපකාර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම තානාපතිවරුන් එහිදී පොරොන්දු වූ බව කොංග්‍රසයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive