facebook like

බොදු බල සේනාව කම්කරු සටනකට සැරැසෙයි


බොදු බල සේනා සංවිධානය වෘත්තීය සමිති
ක්‍ෂේත්‍රයටද පිවිසෙයි. එහි ආරම්භක පියවර වශයෙන් සෞඛ්‍ය සුළු සේවක වෘත්තීය සංවිධානයක් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2දා) කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේදී පිහිටුවා ගන්නා ලදී. මේ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කළ ඥානසාර හිමියන් පවසා සිටියේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ඇති වී තිබෙන දූෂිත තත්ත්වය තුරන් කිරීම සඳහා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පහළ මට්ටමින් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හේතුවූ බවයි.


"කිසිම රටක නැති බහුකාර්යයක් මේ රටේ තියෙන්නේ. ඒක මේ වෘත්තීය සමිති ව්‍යාපාරයට එකතු වෙන්නත් ප්‍රධානම හේතුවක් වුණා. බෞද්ධ ගුණාත්මකභාවයන් වැඩිකරලා පක්ෂ දේශපාලනයෙන් තොරව, සේවක සුබසාධනය ගොඩනඟන්න තමයි අපිට අවශ්‍ය. දේශපාලනයෙන් තොරව මෙයට අතගසන්න, නායකත්වය දෙන්න අපිට පුළුවන්. අපි ඒකට සූදානම්" බවද උන්වහන්සේ පැවැසූහ.


ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ. 'මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් අපි මේ ගැන දැනුම්වත් කළාම උන්වහන්සේත් මේකට ආශීර්වාද කළා. කාගේ හරි ලියුමකට සුළු සේවකයන්ට රැකියා දෙනවා. මෙලෝ දෙයක් දන්නේ නැහැ. ලෙඩා කානුවේ වැටෙනකන් සේවකයා දන්නේ නැහැ. වැරැද්ද සේවකයාගේ නෙවෙයි. ඉහළ බලධාරීන්ගේ හරකෙක් කරත්තේ බඳින්න කලින් පුහුණු කරනවා. ඒ වුණාට මේ සේවකයන්ට එහෙම පුහුණුවක් නෑ.


දැන් බණ කියලා විතරක් මදි. වැඩ කරන්නත් ඕනෑ. මේ ආයතන හැමදේම දේශපාලනීයකරණය වෙලා. කෝකටත් තෛලය වගේ දැන් ඉන්නේ අපි විතරයි. හැම ප්‍රශ්නෙම අපිට විසඳන්න වෙලා. එහෙමයි කියලා අපි බොරදියේ මාළු බාන අය නෙවෙයි.
පහළම තැන ඉඳලා සුද්ද කරන්න අපි පටන් ගන්නවා. සමහරු අපිට පෞද්ගලිකව කතා කළා. මේ දේවල් නවත්තන්න කියලා. අපි ඒ වගකීම භාර ගන්නවා."

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive