"කොහොමද මට විරුද්ධව ලලිත් ගාමිණී එකතු වුණේ...?"
මේ ජනාධිපති ප්‍රේමදාස දෝෂාභියෝගය දැන ගත් වේලාවේ පළමුවෙන්ම අහපු ප්‍රශ්නයය. ඒ ප්‍රශ්නය අහන්න ප්‍රේමදාසට සාධාරණ හේතුවක් තිබිණි. ප්‍රේමදාස හිතාගෙන හිටියේ මේ දෙදෙනා කවදාවත් එකට එකතු වෙන්නේ නැහැයි කියලාය. හැබැයි මේ දෙදෙනා එකට එකතු කළේ ප්‍රේමදාසම බව ප්‍රේමදාස දැන සිටියේ නැත.
"ඒ කොහොමද...?"
ප්‍රේමදාසගේ නායකත්වය යටතේ තමන් දෙදෙනාටම තැනක් නැති බව දෙදෙනාම තේරුම් ගත් විට
දෙදෙනා එකතු වූහ.
මේ වගේම මහින්දගේ නායකත්වය යටතේ ලලිත්ලා ගාමිණීලා වගේ නයි - මුගටි වෛරයෙන් හිටපු අය එක්වෙන්න පටන් ගෙන තිබේ.
"ප්‍රේමදාසගේ කාලයේ එක් වුණේ නම් දෝෂාභියෝගයට. මහින්ද කාලයේ එක් වෙන්නේ මොකටද...?"
ඇත්ත කතාව නම් දෝෂාභියෝගය ඉස්සරහට දමාගෙන ප්‍රේමදාසගේ කාලයේ ලලිත් සහ ගාමිණී එක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නටය.
අද මහින්දගේ නායකත්වය යටතේ ලලිත්ලා ගාමිණීලා එකතු වෙන්න පටන් ගෙන ඇත්තේත් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවය.
ප්‍රේමදාසට එරෙහිව ආවේ දෝෂාභියෝගයක්ය. මහින්දට එරෙහිව එන්න යන්නේ රාජාභියෝගයක්ය.
"කවුද ඉතින් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න ලලිත් ගාමිණීලා...?" ලලිත් සහ ගාමිණී වගේ මෛත්‍රිපාල සිරිසේන සහ නිමල් සිරිපාල සිල්වා හිටියේ නයි මුගටි වෛරයෙන්ය. හේතුව මේ දෙදෙනාටම අගමැති වීමේ බලාපොරොත්තුව තිබිණි. 2010 මහ ඡන්දයේදී අගමැතිකම උෟවට යැයි නිමල් සිරිපාල කොළඹත් පෝස්ටර් ගැහුවේය. මෛත්‍රිපාල මෛත්‍රී යුගය ඇරැඹේ කියල පත්තරවල දැන්වීම් පළ කරගත්තේය. මහින්ද මේ දෙදෙනාටම අගමැතිකම දුන්නේ නැත. මහින්ද මේ දෙදෙනාව කොටවන්න නිමල් සිරිපාල දරපු සෞඛ්‍ය ඇමැතිකම මෛත්‍රිපාලට දුන්නේය. මෛත්‍රිපාල දරපු කෘෂිකර්ම ඇමැතිකම නිමල් සිරිපාලට දුන්නේය. දෙදෙනාම ඇමැතිකම් භාර ගෙන එකිනෙකාගේ කුණු අවුස්සන්න පටන් ගත්හ. ටික කාලයක් යනකොට දෙදෙනාටම තේරුණේ උෟරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට මඟුල් වගේ රාජපක්‍ෂලාට මඟුල් කියලාය. කුමක්දෝ අදිසි හස්තයක් මේ දෙදෙනා එකට එකතු කළේය. දෙදෙනාම ගහ ගත්ත එක නතර කර ගත්හ. මේ දෙදෙනාම අතුරලියේ රතන හිමිගේ පිවිතුරු හෙටක් ජාතික සභාවට ගිහින් විධායක ජනාධිපතිගේ තටු කපන අඬුබඬු කඩන 'රට ගත යුතු මඟ' ප්‍රතිපත්ති ප්‍රකාශනයට අත ඔසවන්න බලාගෙන සිටියහ. මෙයට සහභාගි නොවන ලෙස දෙදෙනාටම රජ ගෙදරින් අණක් ලැබිණි. දෙදෙනාම අණ පිළිගත්තත් විධායක ජනාධිපතිගේ තටු කපන තෙක් තමන්ට පක්‍ෂය තුළත් රට තුළත් දේශපාලන අනාගතයක් නැති බව සතරකන් මන්ත්‍රණ සභාවලදී පිළිගෙන තිබේ.
ඒක පුදුමයක් නොවේ. විධායක ජනාධිපතිවරයකු පළමුවරට තේරීපත් වෙද්දී ඔහු කවුද, එන්නේ මොකාටද කියල කවුරුවත් හඳුනන්නේ නැත. දෙවැනි වර තරග කරද්දී ඔහු කවුද, එන්නේ මොකාටද කියල හඳුනාගත්තත් තමන් සහ පක්‍ෂය ගැන හිතා ඔහුව දිනවන්න වැඩ කිරීම ස්වාභාවිකය. තුන්වැනි වර තරග කරද්දී මෙයා දින්නොත් අපි ඉවර යැයි කාට කාටත් සිතීම ස්වාභාවිකය. හේතුව විධායක ජනාධිපතිවරයකුට තරග කළ හැක්කේ දෙවරක් යැයි කියා වගන්තියක් ජේ.ආර්. ව්‍යවස්ථාවට ඇතුළු කළේ දෙවැනි පෙළ නායකයන්ට තැන දෙන්නටය. 1988දී ජේ.ආර්.ට පසු ප්‍රේමදාස ආවේත් 2005 චන්ද්‍රිකාට පසු මහින්ද ආවේත් එලෙසය. එක දිගට තුන්වැනි පාරටත් ඒ නායකයා තරග කරන්න යන විට අපිට වෙන්නේ ඇමැතිකමෙන්ම පැන්ෂන් යෑමට යැයි දෙවැනි පෙළ නායකයන්ට සිතීම ස්වාභාවිකය. මෛත්‍රිපාලට සහ නිමල් සිරිපාලටත් එහෙම හිතෙනවා නම් පුදුම නැත. පළමුවැනි වසර 6 දෙවැනි වසර 6 වගේම තෙවැනි වසර 6ත් නායකයාට හිමි විධායක බලයට යටත්ව සිටිනවාට වඩා නායකයා මෙල්ල කරගන්න ඔවුන් කැමැති වනු ඇත. විධායක බලයේ තටු කපන අඬු බඬු කඩන අතුරලියේ හිමිගේ යෝජනාවට ඔවුන් කැමැති වනු ඇත්තේ ඒ නිසාය.
චම්පික සහ විමල් හිටියේත් සිංහල බෞද්ධ ඡන්ද පදනම බෙදා ගන්න පොර කන නයි මුගටි වගේය. මහින්ද මේ ගැටුමත් තම වාසියට පාවිච්චි කළේය. හැබැයි මහින්ද තුන්වැනි වරට ජනාධිපති වුණොත් තමන්ට වහලුන් වගේ ඉන්න වේ යැයි බයක් දෙදෙනාටම දැනී ඇත. මහින්ද යළි ජනාධිපති වීම වළක්වන පොදු අපේක්‍ෂකයකු හොයා ගන්න බැරි නිසා මේ දෙදෙනාත් එකට එකතු වී මහින්දගේ විධායක බලය මට්ටු කරන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතනවා විය හැකිය. එවිට මහින්දට ඔවුන් නැතිව බැරිය.
මෙතැන පුදුමය 13ට එරෙහි අතුරලියේ රතන හිමි එක්ක 13ට පක්‍ෂ රාජිතලා රෙජිනෝල්ඩ්ලා එකතු වීමය. උතුරේ පළාත් සභා ඡන්දයට පෙර මේ දෙගොල්ලෝ ගහ ගත්තේ නයි මුගටි මෙනි. ඒත් දැන් තමන් වෙන් කළ 13 අමතක කරල මහින්දව මෙල්ල කරන විධායක බලය සංශෝධනයකට දෙගොල්ලොම එක් වී සිටිති.
අතුරලියේ හිමි මේ රාජාභියෝගය ජාතික සභාවකට ගෙන එද්දී මෙරට සාම්ප්‍රදායික වම ඩිව්, තිස්ස, වාසුදේව විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට වෙනම දේශපාලන ව්‍යාපාරයක් දියත් කොට ඇත. මහින්ද තුන්වැනි වරට ජනාධිපතිවරණයට තරග කරන්න ලක ලැහැස්ති වෙද්දී මේ හැමෝම අවදි වීම අහම්බයක් නොවේ.
ප්‍රේමදාසගේ කාලයේ නම් ලලිත් සහ ගාමිණීව එකට එක් කළේ එම්.එච්. මොහොමඩ් කතානායකවරයාය. මෛත්‍රිපාල සහ නිමල් සිරිපාල, චම්පික සහ විමල්, අතුරලියේ රතන හිමි සහ රාජිත, රෙජිනෝල්ඩ් තැන් තැන්වල එකට එකතු කළේ කවුද එකතු වුණේ කොහොමද කියල දන්නේ දෙයියන් පමණි.
හැබැයි හැමෝම එකතුවෙලා තියෙන්නේ හැමෝටම වළ කපන විධායක බලයට එරෙහිවය. සෝභිත හිමි විධායක බලයට එරෙහි මහජන ව්‍යාපාරය ආරම්භ කළේ බොහොම කලින්ය. තැන් තැන්වල එකතු වුණ මේ හැමෝම එක තැනකට එක්වෙන දවස මහින්දට එරෙහි රාජාභියෝගය කරළියට එන දවසය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:
Post a Comment