facebook like

හැමදාම පිනට කන්න හිඟමනේ යන්න ලෑස්ති වෙන්න එපා – ඇමති මර්වින් ගංවතුරින් පීඩාවට පත්වූවන්ට කියයි (Video)

ඉදිරි පැය 18 තුළත් දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල වරින්වර ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එම කාලය තුළ කන්කසන්තුරේ සිට පුත්තලම සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදේ
සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව ය.‍මේ හේතුවෙන් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාවෙන් පවුල් විසි හයදාස් නවසිය අනු දෙකකට අයත්, පුද්ගලයින් එක්ලක්ෂ දසදහස් හත්සිය හතලිස් තුන් දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.වර්ෂාවෙන් වැඩි බලපෑමක් එල්ල වුණේ කළුතර දිස්ත්‍රික්කයටයි.
ජලයෙන් යට වූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට බැසයමින් තිබේ.
වාසයට සුදුසු වන අයුරින් තම නිවාස සකසා ගන්නා අයුරු ද ඇතැම් ප්‍රදේශවලදී දැකගන්නට ලැබුණි.
කළුතර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 18,634 කට අයත් පුද්ගලයින් 77,203 දෙනෙකු තව දුරට ත් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
කළුතර, ගල්කැටිය ප්‍රදේශයේ අවතැන්ව සිටින ජනතාවට අනුරාධපුරයෙන් පැමිණි පිරිසක් අද වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දුන්නේය.මේ අතර නායයෑම් හේතුවෙන් මරණ තුනක් වාර්තා වූ අගලවත්ත මහගම අඹගස්කන්ද ප්‍රදේශවාසීන් නවාතැන් සහ ආහාර සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ පා සිටී.
නායයෑම් හේතුවෙන් හොරණ – මතුගම ප්‍රධාන මාර්ගය බඹරඇල්ල අකුල ප්‍රදේශයෙන් අවහිර වී තිබු අතර මාර්ග සංවර්ධන අධිකාරි‍ය මැදිහත්ව අද එහි ගල් ඉවත් කිරීමට පියවර ගත්තේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතී.
වත්තල, ගොංගිතොට ප්‍රදේශයේ නිවාස 17 ක පදිංචිකරුවන් මේ වනවිට ප්‍රදේශයේ පාසලක නවාතැන් ගෙන සිටින අතර, ඔවුන් පැවසුවේ, පාසලේ විදුහල්පතිවරයා තමන්ට ඉන් ඉවත්වන්නැයි පැවසූ බව ය.
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද ඊයේ එම පාසලට පැමිණියේය.
එහිදී අමාත්‍යවරයා අවතැන්වූවන්ගේ සුව දුක් විමසා සිටියේය.
මේ අතර, ජල ගැලීම්වලින් අනතුරුව ඇතිවන වසංගත රෝග අවදානමට ජලයෙන් යටවු ප්‍රදේශවල ජනතාව මේ වනවිට මුහුණ දී සිටී.බුලත්සිංහල ප්‍රා‍දේශීය සභාව ප්‍රදේශයේ ළිං පිරිසිදු කිරීම් අද ආරම්භ කළේ, වසංගත අවදානමට පිළියමක් ලෙස ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, රෝග පැතිරයෑමේ අවදානමක් පවතින බැවින් ජලය පරිහර‍ණයේදි වඩාත් විමසිලිමත්වන ලෙස ය.
මේ අතර වැසි තත්ත්වයත් සමඟ ඩෙංගු ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive