මේ වනවිට සන්ධාන ආණ්ඩුවට ස්භාවධර්මය පවා විරුද්ධ වී ඇතැයිද රටේ අවුල් ජාලාවක් නිර්මාණය වී ඇතැයිද එක්සත් ජනතා නිදහස් සන්ධායේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමණායක මහතා පවසයි.
ඔහු මේ බව පවසන්නේ සතිඅන්ත පුවත් පතක් සමග සංවාදයකට එක් වෙමිණි. ඉන් උපුටාගත් කොටස්
පහත පළ වේ.
"මේ රට යන ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
අවුල් ගොඩක් නම් තියෙනවා. කෘෂි ක්ෂේත්‍රයම අවුලක්. පලිබොධ නාශක ප්‍රශ්න තියෙනවා. ස්වභාව ධර්මයත් අපට එරෙහි වෙලා. නාය යනවා. හෝදාපාළු වෙනවා. ජලයෙන් යටවෙනවා, ජලය ගලා යන ඇළ පාරවල් වහලා ඉඩම් ගොඩකරලා. අධ්‍යාපනයේ අවුල් ගොඩක් තියෙනවා. දේශපාලනඥයෝ අස් වහගෙන ඉන්නවා.
ඔබ දකින විදියට අද සිදුවන්නේ කුමක්ද?
අද දූෂණය, වංචාව, නාස්තිය වැඩියි. කැබිනට් මණ්ඩලය මහා විශාලයි. නඩත්තුවට යන විදමත් මහා විශාලයි. පළාත් සභාවලත් ඇමතිවරු පස් දෙනා බැගින් ඉන්නවා. මේ අය නඩත්වට අති විශාල මුදලක් වැයවෙනවා. රටක් සංවර්ධනය වෙන්නේ කොහොමද?
ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කළකිරීමේන්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ පක්ෂයක් නොවෙයි. දෙතුන් දෙනෙකුට විතරක් ලියල දීපු පක්ෂයකුත් නොවෙයි. මම පක්ෂය ගැන කළකිරීලා නැහැ. රට ගැන කළකිරිලත් නැහැ. නමුත් මේ පුද්ගලයෝ කීපදෙනෙකු ගැන නම් කළකිරීමක් තියෙනවා.
සංවර්ධනය බොහෝම ජයට කෙරෙන බවත් පාරවල් විශාල ප්‍රමාණයක් හදා තියෙන බවත් කියන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන්මනේ.
ඇත්ත පාරවල් හැදෙනවා. බොහෝ තැන්වල ප්‍රමිතියට පාරවල් හැදෙන්නේ නැහැ. පාරවල් හදන්න ගේන යකඩ, සිමෙන්ති ටික හොර පාරෙන් විකිණෙනවා. හොඳම උදාහරණය කළුතර කාපට් කරපු අලුත හදපු පාරක් කැඩිල ගියා. පත්තරවලත් තිබුණේ."

0 comments:
Post a Comment