facebook like

සයිබර් කප්පමෙක් පරිගණකයට පනී.................. නාඳුනන ඊමේලුත් අරින්න එපා

ඉදිරි දින දෙක ඇතුළතදී එල්ල විය හැකි මහා පරිමාන සයිබර් ප්‍රහාරයක ලකුණු පෙනෙන්නට ඇති නිසා  වහ වහා තම තමන්ගේ ප්‍රති වෛරස මෘදුකාංග,පරිගණක මෙහෙයුම් පද්ධති හා වෙනත් මෘදුකාංග  යාවත් කාල කරගන්නැයි බ්‍රිතාන්‍යය ජාතික අපරාධ ඒජන්සිය අනතුරු අඟවයි.
දැනටමත් බ්‍රිතාන්‍යය ජාතිකයින් 15000 දෙනෙකුගේ පරිගණක වල ප්‍රහාරයේ ආරම්භක පියවරක් ලෙස මැල්වෙයා ගණයට අයත් පරිගණක වෛරසයක් පිහිටුවා ඇතැයිද ඒ ආධාරයෙන් සයිබර් අපරාධකරුවන්ට එම පරිගණක වල ඇති සියලූ
තොරතුරු ලබා ගත හැකි යැයිද ඒජන්සිය පවසයි.
‘ගේම් ඕවර් සියුස්‘ ලෙස මෙම වෛරසය නම් කෙරී ඇත.
ප්‍රහාරයේ මහ මොළකරුවා ලෙස සැළකෙන්නේ ඉවාජෙනි මිකාලියෝවිච් බොගොචෙව් නම් රුසියන් ජාතිකයෙකි.ඔහු දැනට රුසියාවේ වාසය කරන බව සොයාගෙන ඇති අතර ඔහු  බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීමට බලධාරීන් දරන උත්සාහය රුසියාවේ ඇතැම් නීති නිසා සාර්ථක නොවනු ඇතැයි පැවසේ.
ලෝකයේ සියලූ ආකාරයේ ජාතික ආරක්ෂක ඒකක  එකතුවී මෙම සයිබර් ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටියි.
වෛරසය පරිගණක වෙත ආසාදනය වන්නේ විද්‍යුත් පණිවිඩ හා වෙබ් අඩවි ආශ්‍රයෙන් බව සොයාගෙන ඇති අතර නාදුනන වෙබ් අඩවි හා විද්‍යුත් පණීවුඩ විවෘත කිරීමෙන් වැළකී සිටින්න යැයි විශේෂඥයෝ උපදෙස් දෙති.
වෛරසයේ ප්‍රහාරයට ලක්වූ කිහිපදෙනෙක් සම්බන්ධ තොරතුරු දැනටමත් වාර්තා වී තිඛෙන අතර ඔවුන්ගේ පරිගණක වල තිබූ ඡායාරූප , පවුලේ තොරතුරු හා අවසානයේ බැංකු ගිණුම් තොරතුරු පවා තමන් අතට ලබාගෙන පරිගණකයේ මෘදුකාංග පද්ධතිය විනාශ කර ප්‍රහාරකයින් අවසානයේ සියල්ල තිබුණු තත්ත්වයට පත් කර දීමට විශාල ප්‍රමාණයේ මුදලක්ද ඉල්ලා සිටියේයැයි ඔවුහු කියති.
බ්‍රිතාන්‍යය ඉලක්ක කර ක්‍රියාත්මක වන්නක් මෙන් පෙනුනද ලෝකයටම මින් ඇති අවදානම සුලූ කොට තැකිය නොහැකි යැයි විශේෂඥයින්ගේ අදහසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive