ප්‍රේමදාස මහතාගේ ළමා කාලයේ තොරතුරු අප්‍රකට වුවද ඔහු තැබූ වැදගත් සටහන් කිහිපයක් සුරැකිව තිබීම වාසනාවකි. ඉතා උනන්දුවෙන් දුක් කරදර රාශියක් මැද, සාමාන්‍ය පවුලක දරුවකු වශයෙන් හේ අනන්ත කැපකිරීම් කෙළේය. ඔහු තුළ වූ උත්සාහවන්ත බව, මවත් පියාත් ඉවෙන් මෙන් දැන උන් බව හැඟෙන සිදුවීමකි මෙය. ඔහුගේ පියා සුළු ව්‍යාපාර කටයුතුවල නිරතව උත්සාහයෙන් ජීවිතය ගෙනයමින් සිටි අයෙකි. රෑබෝවන තුරුත් හේ වෙහෙස වීය. ප්‍රේමදාස මෑණියන්ද ඔහුටම සරිලන වීර්යවන්ත
තැනැත්තියකි. සාන්ත බස්තියමේ මිනිසුන්ගේ දුක් සුසුම් විඳිමින්, දකිමින් දිවිගෙවූ මේ දෙපළ තම දරුවන් අතර ප්‍රේමදාස මහතාගේ වෙසෙස් ගතිගුණ දුටුවේ උපන්දා සිටය.
කුණුහරුප දොඩන, ගහමරා ගන්නා, රහමෙර පානය කොට අතැන මෙතැන සැරිසරන තරුණයන් පිරි පරිසරය තුළ ප්‍රේමදාස දරුවා නොමඟ යාදෝයි සැක සිතුණද තරවටු කිරීමකින් තොරවම සිය දරුවාගේ අමුතු ගතිගුණ මතුවනු දැකගත හැකිවිය. දිනක් රෑබෝවී නිවෙසෙට ගොඩවූ පියාත් තම මවත් අතර කසුකුසුවක් ප්‍රේමදාස ළමයා අසා උන්නේය. ඔහු ඇඳේ වකුටු වී බාගෙට ඇස් ඇරගෙනය. පියාගේ කටහ¾ඩින් ඔහු සිත පිරුණු බවකි. තාත්තා කෑම කා අත හෝදන හඬ ඇසිණි. අනතුරුව ඔහු හාන්සි පුටුවේ දිගාවෙන හඬත් අම්මා ඉදිරි ෙදාර වසන හඬත් ඇසිණි. “පුතා නිදිද?” පියා අසයි. “නිදි” ඒ අම්මාගේ පිළිවදන්ය.
ගිනිකූරක් ‘චීස්’ හ¾ඩින් දැල්වෙන හඬත්, සුරුට්ටු ගඳත් සමඟ තාත්තා දුම් පානය කරන බව හේ දැනගත්තේය. ප්‍රේමදාස දරුවාට පෙනෙන්නට තාත්තා සිගරැට් දැල්වූයේ නැත. එබැවින් ඔහු අපහසුතාවට පත් කරන්නට නැඟිට එහි යන්නටද බැරිය. තමාගේ අධ්‍යාපන වැඩකටයුතු කෙසේ දැයි දෙතුන් වතාවක් විස්තර සහිතව දැන ගන්නට පියා උත්සාහ කරනු ඔහු අසා උන්නේය. වරෙක අම්මා මෙසේ කියා තිබේ. “මම හැමදාමත් පොත් ටික බලනවා. වැරැදි තිබුණට හරි ලකුණු වැඩියි... ඒ විතරක් නෙවි... පුතා නිතර ධර්මපාලතුමා ගැනත් අහනවා. ඩී. බී. ජයතිලක උන්නැහේ ගැනත් හාරා අවුස්සා අහනවා. ඒ අය ගැන හිතේ ලොකු පැහැදීමක් තියෙනවා වගෙයි...” අම්මා පැහැදීමෙන් යුතුව කියද්දී ප්‍රේමදාස දරුවාට සතුටක් දැනුණේය. ඔහුට අවැසි වූයේ පියා කියන්නේ කුමක්දැයි දැනගන්නටය. එහෙත් පියාගේ සිගරැට් බීම නරක පුරුද්දක් නිසා ඔහු ඒ ගැන සිතින් වද වෙන්නට විය. හොඳට ඉගෙන ගන්නා දරුවකු සිගරැට් බොන අයකු වන්නට බැරි බව ඔහු කවුදෝ කොතැනදී හෝ කියා ඇති දෙයක් සිහිපත් කෙළේය. “මම කවදාවත් සිගරැට් බොන්නෙ නෑ”යි තිර අදිටනකින් ඔහු සිත සනසා ගත්තේය. තාත්තා රැල් බුරුල් ඇර යමක් කියන්නට සැරසෙද්දී හේ ඊට හොඳින් කන් දුන්නේය. “ධර්මපාලතුමා ගැන ඇහුවොත් කියා දෙන්ඩ. එතුමා මූලගන්ධකුටි විහාරෙ වැඩ අවසාන කරලා හෙට අනිද්දාම විවෘත කරනවලු. උන්නැහේ තමයි අපිට කොන්ද කෙළින් තියාගෙන පාරෙ බැහැලා යන්න ඉඩ සලස්වලා තියෙන්නෙ. ඉන්දියාවෙ කවුද මහරාජා කෙනකු එක්ක කිව්ව නඩුවෙනුත් දිනුම්ලු!” තාත්තා ධර්මපාලතුමා ගැන කියූවක් පුංචි ප්‍රේමදාසගේ සිත බැඳගත් අතර එතුමන් පිළිබඳ සොයා දැනගන්න කියවන්න සිත් ඇතිවූයේ මෙහිදී බැව් පසු කලෙක තැබූ සටහනක දැක්වේ. 1976 වසරේදී එහිම තැනක ප්‍රේමදාස මහතා මෙසේ කියා තිබේ. “මට දැන් දුම්බීමේ අවශ්‍යතාවක් නැත. ‘දුම් බොන්නට එපා, මත්පැන් ගන්නට එපා’ යි තාත්තා මට කවරදාවත් කියා නැත. ඒ පිළිබඳ පෙලඹවීම්වලින් තාත්තා මා වැළැක්වූයේ සූර මනෝවිද්‍යාඥයකු ලෙසිනි. සුරා පොදකින් දුම් උගුරකින් ලබන කෘත්‍රිම ආස්වාදයක් මට වුවමනා නැත. නා නා තරාතිරමේ, නා නා මාදිලියේ මිනිසුන් සියයක් හමාරක් සමඟ මම දවසකට ෙදාඩන්නෙමි. ඔවුන්ට කන් දීමෙන්, ඔවුන්ට ශක්ති ප්‍රමාණයෙන් පිළිසරණ වීමෙන් හා ඇතැම් විට ඔවුන්ගෙන් අලුත් අලුත් දේ උගැනීමෙන් මා ලබන ආස්වාදය වෙනත් කිසිවකට සමාන කළ නොහැකිය.”
ඔහු හිතවත් යහළුවන් දෙතුන් දෙනකු සමඟ වජිරාරාමයට යන්නටත් ඉන් බොහෝ සිත පහදා ගන්නටත් පුරුදු වූයේ මින් පසුවය. එනිසාම බොරු ප්‍රතිපත්තිගරුක බවකට වඩා දුම්පානයත්, මත්පැන් පානයත් ඔහු අත්හැර දැමුවේ යමක් තේරුම්ගත් කල සිටය. ඉන් බොහෝ කලකට පසු වූ අපූරු සිදුවීමක් මීට එක් කිරීම සුදුසු යැයි සිතමි. බටහිර ජර්මනියේ ප්‍රෙඩ්රික් ඊබට් පදනමේ ලංකා නියෝජිත ඩියෙට්රිජ් බෝලෝගේ කොළඹ හතේ නිවෙසේ ලොකු ප්‍රිය සම්භාෂණයක් විය. සාදයට ජේ. ආර්., ඩඩ්ලි, තොන්ඩමන්, ජී. පී. මලලසේකරද සහභාගි වූහ. සාදයට කලින්ම යන්නට එවන්ස් කුරේටත්, පෞද්ගලික ලේකම් කරුණාරත්නටත් දැනුම්දී තිබුණේය. ප්‍රේමදාස මහතා එන්නට පෙර විස්කි බෝතලයක් ලැබුණේය. එවන්ස්ලා එය ටිකෙන් ටික හිස් කරමින් සිටියදී හොඳ පදමට වැදී බමන මත දැනෙන්නට විය. ඩඩ්ලිත්, ප්‍රේමදාසත් නොබොන බව සාදයේ කවුරුත් දැන උන්හ. ප්‍රේමදාස මහතා පැමිණි බව සැලවූ සැණින් පිරිස කලබලයට පත්වූහ. එසැණින්ම එවන්ස්ට ප්‍රේමදාස මහතාගෙන් වහා කැඳවීමක් ලැබුණේය. කිසියම් ඉව වැටීමක් වැටුණාදැයි සැකයෙන් එවන්ස් ප්‍රේමදාස මහතා අසලට ගියේ මොනවායින් මොනවා වේදෝයි නොදැනය. “එවන්ස් මොනවද අද ජනදින පත්තරේ පදනම් ආයතනය ගැන තිබුණේ...”යි ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් නැඟුවේය. හිසේ සිට පාදාන්තය තෙක් අමුතු බැල්මක් හෙළීය. ඔහු යමක් තේරුම්ගත් බවක් පෙනිණි. “හොඳයි කමක් නෑ. ඒ ටික මට පස්සෙ බලලා කියන්නකෝ...!”යි උපහාසාත්මක සිනාවක් නඟාගෙනම කීය. එලෝ දෙලෝ නැතිවූ සේ එවන්ස් නික්ම ගියේ මහා අපරාධයක් කොට අතටම හසුවූ අයකු මෙනි. ප්‍රේමදාස මහතාගේ බැල්ම ඒ තරමටම තියුණු විය. ඉන් ටික කලකට පසු ප්‍රේමදාස මහතා හොඳ වැඩක් කෙළේය. මඩකළපු දිස්ත්‍රික්කයේ කටයුතු සොයා බැලීමට ගොස් රාත්‍රි කොන්ඩවටුවාන් සංචාරක නිකේතනයේ පිරිස නතර විය. පොතුවිල් මන්ත්‍රිවරයා රාත්‍රි භෝජන සංග්‍රහය උපරිමව සංවිධානය කොට තිබුණේය. එවන්ස් ඇතුළු පිරිස ප්‍රේමදාස මහතා ළඟම මේසයේය. ඔහු එදා බීමත්ව සිටි අය හඳුනාගත්තා සේ දැනවීමට සේවකයකුට විස්කි වීදුරුවක් ගෙන එන්නට නියෝග කෙළේය. සේවකයා ගෙන ආ විස්කි වීදුරුව අතට ගත් ප්‍රේමදාස මහතා හිනැහීගෙනම එවන්ස් අතට දිගු කෙළේය. “එපා සර්! එපා! මම දැන්... ඒ වගේ බොන්නෙ නෑ” ඒ සැලෙන එවන්ස්ය. “හොඳයි!”යි කී ප්‍රේමදාස මහතා නැවත එය සේවකයා අතටම දුන්නේය. සිද්ධිය එතැනින් අවසන් නොවීය. රාත්‍රියේ ඔහු කැඳවාගත් ප්‍රේමදාස මහතා එවන්ස්ට මෙසේ කීය. “කොහේ හරි උත්සවයකට ගියාම නොමිලේ මත්පැන් තිබුණු පළියට කෑදරකමට බොන්න එපා! ඔය ජරා බීම නොබී ඉන්න බැරිද? බලනවා... මම ජීවිතේටම බීමක් කටේ තියලා නෑ. මොකද වසවිස තිබුණු පැත්තෙ හැදුණු මම ඒ වස විසවල ආනිසංස කොලු කාලෙත් දැනගෙන හිටියා. අධිෂ්ඨානයක් ඇති කරගෙන ඕක නවත්තලා දාන්න.” ප්‍රේමදාස මහතා මත්පැන් නොබිව් අතර ඔහුගේ අමද්‍යප ප්‍රතිපදාවේදී කිසිදු බුරුලක් තිබුණේ නැත. ඇතැමුන් එය මානුෂික නැතැයි කීවද ඔහු ඒ ප්‍රතිපත්ති වෙනස් නොකළේය.

0 comments:
Post a Comment