facebook like

‘පිට අයයි ගැහුවේ’ අලුත්ගම සිංහල හා මුස්ලිම් වැසියෝ

අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සඳහා සම්බන්ධ වූයේ දර්ගා නගරයේ වැසියන් නොවන බව එම නගරයේ වෙසෙන සිංහල හා මුස්ලිම් වැසියන් කියා සිටිති.

රාත්‍රියේ විශාල වශයෙන් පිට පළාත් වලින් පැමිණි පිරිස් නගරයේ කලහකාරී ලෙස හැසිරුණු බවයි ගම්වාසීන් පවසන්නේ.

ගැටුම් පැවති බොහෝ ස්ථානවලට පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් පොලිස් ආරක්ෂාව ලැබෙන මොහොත වන විට පහර දීම් සිදු වී අවසන්ව තිබුණු බවත් ඔවුන් කියා සිටියි.

මේ අතර අලුත්ගම නගරයේ දැඩි මතධාරී බෞද්ධ පිරිස් හා මුස්ලිම් ජනතාව අතර සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කර සිටියි.

ගැටුම් ආරම්භ වීමත් සමග දෙපාර්ශවය පැය ගණනාවක් මුළුල්ලේ ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දීයි වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ.

මුස්ලිම් විරෝධී දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අතර මෙවැනි කලහකාරී තත්වයක් පැන නැගුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

2 comments: Leave Your Comments

  1. ai bn api babalada ??apita me rate wena de theren ne ne..ubalage thrasthayo tika ratin pannala sahajeewane gana katha karahan...

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive