facebook like

ඩොලර් ගිලින NGO මාෆියාවේ ‘ගෝඞ් මදර්’ නිමල්කා ගේමක්

ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ අසත්‍ය සාක්‍ෂි රැස් කිරීමේ මෙහෙයුමක් සඳහා  ඇමෙරිකා තානාපති කාර්යාලය විසින් සිදු කල ක‍්‍රියා පිළිවෙත දැඩිසේ හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වේ.

එම සම්පුර්ණ නිවේදනය මෙසේය.

පසුගිය දිනයක මරදාන ප‍්‍රදේශයේ එක්තරා ස්ථානයකදී ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පූර්ණ අනුග‍්‍රහය සහිතව ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පිළිබඳ අසත්‍ය සාක්‍ෂි රැස් කිරීමේ මෙහෙයුමක් දියත් වූ බව අනාවරණය වී තිබේ.

එම බොරු සාක්‍ෂි ලබා ගැනීම සඳහා මියගිය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඥාතීන් පිරිසක් යොදා ගෙන ඇති බවද එක් සාක්‍ෂිකරුවකුට රුපියල් ලක්‍ෂ 02ක සන්තෝෂම් මුදලක් ලබා දුන් බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැන ගැනීමට ලැබිණි.

එසේ සාක්‍ෂිකරුවන් කොළඹ කැඳවා, ඔවුන්ගෙන් ලබා ගන්නා ‘බොරු සාක්‍ෂි’, ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කළ ‘ශ‍්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ ජාත්‍යන්තර කමිටුව’ වෙත යොමු කිරීමටද මෙහිදී කටයුතු කළ බව අනාවරණය වි ඇත.

ශ‍්‍රී ලංකාවට එරෙහි මෙම ‘බොරු සාක්‍ෂි’ මෙහෙයුම දියත් කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් කුට්ටි පිටින් ගිලින රාජ්‍ය නොවන සංවිධාන මාෆියාවේ ‘ගෝඞ් මදර්’ වන නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු ඇතුළු නඩයයි. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකි. වේළුපිල්ලේ පිරබාහරන් ඇතුළු තම කුලී සේනාංකය සම්පූර්ණයෙන් විනාශ කළ වත්මන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඇමෙරිකා එක්සත් ජනපදයට ‘නයාට අඳු කොළ වාගේය.’ කොටි පරදා ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා විජයග‍්‍රහණය ලැබූ 2009 මැයි 19 වැනිදා සිටම ඇමෙරිකා එක්සත් ජනපදය උත්සාහ කළේ සිය සුරතලා වූ කොටි නායක වේළුපිල්ලේ පිරබාහරන් මැරූ පලිය ශ‍්‍රී ලංකාවෙන් ගැනීමටය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනා පිට පිටම ගෙනවිත් සම්මත කර ගත් ඇමෙරිකා එක්සත් ජනපදය අවසානයේ ශ‍්‍රී ලංකාවට එරෙහි ඊනියා ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනයකටද ම`ග පාදා ගෙන තිබේ.

ස්වාධීන, ස්වෛරී, නිදහස් රාජ්‍යයක් වන ශ‍්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහත කී ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනය ප‍්‍රතික්‍ෂේප කර තිබේ. ඊට අදාළ යෝජනාවක් ශ‍්‍රී ලංකා ජනතාවගේ උත්තරීතර නියෝජිතායතනය වන පාර්ලිමේන්තුව තුළද සම්මත කර ගෙන තිබේ.

එසේ තිබියදී ඉහත කී ජාත්‍යන්තර විමර්ශනයට ‘බොරු සාක්‍ෂි’ එකතු කිරීමේ මෙහෙයුමක් දියත් කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය ඇතුළු ඇයගේ නිලධාරීන් කටයුතු කිරීම, වටහා ගත හැක්කේ ඔවුන්ගේ ‘තානාපති වරප‍්‍රසාද’ ගණිකා වෘත්තියේ යෙදවීමක් ලෙසය. ශ‍්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට එරෙහි මෙම ක‍්‍රියාව තරයේ හෙළා දකින ජාතික නිදහස් පෙරමුණ මේ පිළිබඳව දැඩි රාජ්‍යතාන්ත‍්‍රික පියවරක් ගන්නා ලෙස රජයට දැනුම් දෙනු කැමැත්තෙමු.

තවද ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය ඇතුළු සමස්ත නීති පද්ධතියම සිය ‘තානාපති මුක්තිය’ යොදා ගනිමින් උල්ලංඝනය කරන ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය, ‘ශ‍්‍රී ලංකාව තුළ නිතියේ ආධිපත්‍යය සහතික කරන්නැයි ඉල්ලා සිටීම කොතරම් හාස්‍යජනකදැයි සිතා බලන ලෙසද රටට හිතැති සියලූ ජන කොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

මොහොමඞ් මුසම්මිල්
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,
මාධ්‍ය ප‍්‍රකාශක,
ජාතික නිදහස් පෙරමුණ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive