facebook like

චම්පිකගෙ පොත පුස්සක්ද?

"ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම හා ඒ හා බැඳුණු සමාගම් සියල්ලෙහි ආමත්‍ය ධුරය වසර 2010 මැයි මස සිට මම සිදුකරගෙන ගියෙමි. ඉතා කැපවීමෙන් අප කටයුතු කරමින් සිටි අතර වසර 1999න් පසු ලංවිමත් වසර 2007න් පසු ලෙකෝ ආයතනයත් මූල්‍යමය වශයෙන් ලාභ කිරීමට අපට හැකි විය. මේ පිළිබඳව සියල්ලෝ සතුටු වෙතැයි මා සිතුවද එය එසේ නොවීය. ඇතැම්හු එයින් බියට පත්වූහ. තවත් අය ශෝකයට පත්වූහ. තවත් අය තුළ වෛරය දැල්වෙන්නට විය. ලංවිමට හා ලෙකෝ ආයතනයට මා ඇමැති ධුරයේ සිටිනතාක් යළි ලාභ ලැබීමට නොහැකි වන අයුරින් කටයුතු කිරීම මඟින්ද ලබාගත් ලාභය පිළිබඳ හෑල්ලු කතා ප්‍රචාරය කිරීම මඟින්ද මේ සියල්ලෝ වැඩට බැස්සහ.

පළමු ප්‍රහාරය 2011 අප්‍රේල් 2 වැනිදා සිදුවිය. එදින ලංකාව හා ඉන්දියාව අතර ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගය පැවැත්විණි. මුළු ලංකාවම ජයග්‍රහණයේ පිපාසයෙන් රූපවාහිනි වටා රොක් වී සිටියහ. එයට සතියකට පෙර තරුණ ඉන්ජිනේරුවකු විසින් මා හට අනතුරු ඇඟවීමක් කරන ලදී. එනම් ලෝක කුසලාන තරගය අවස්ථාවේ විදුලි ඇනහිටීමක් සිදුවීමට යන බවය. මෙය මා මවිතයට පත් කළේය. එහෙත් එය එලෙසම සිදුවිය. කෙසේ වෙතත් පූර්ව සූදානමක් තිබූ නිසාත් ලංවිම ඇතැම් පිරිස්වල අසීමිත කැපවීම නිසාත් කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහය ව්‍යර්ථ විය.

යෝධ මාධ්‍ය ප්‍රහාරයක් හා දේශපාලන ප්‍රහාරයක් මා හට එල්ල විය. ඒ අවස්ථාවේ මා හමුවේ විසඳුම් දෙකක් තිබිණි. එකක් සියල්ල ප්‍රසිද්ධියේ හෙළි කර ඉල්ලා අස්වීමය. දෙවැනි විසඳුම ඉවසිලිවන්තව ලංවිම හා බලශක්ති ක්‍ෂේත්‍රයේ සිදුවෙමින් පවතින කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ අවබෝධ කරගෙන ලංවිම එයින් හැකි නම් ගලවා ගැනීමය. එනම් අභියෝගයට මුහුණ දීමය.

මම දෙවැනි විසඳුම් මඟ ගත්තෙමි.

පසුව මෙම ක්‍ෂේත්‍රය පිළිබඳ ගැඹුරින් හදාරන විටදී මා හට වැටහී ගියේ මෙය මගේ පෞද්ගලික අත්දැකීමක් පමණක් නොවන බවය. එය එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව ඇතුළු බලශක්ති ක්‍ෂේත්‍රයේ ලොව පුරා පොදු අත්දැකීමක් වන බවය."

මෙහෙම සඳහන් වෙන්නේ පහුගියදා ඇමැති චම්පික රණවක ලියූ බලය සහ බලය පොතේ පසුවදනේය. ඇත්තම කිව්වොත් චම්පික මෙයින් කියන්නේ ආණ්ඩුව ඇතුළේ තියෙන වංචාව ගැනය. ආණ්ඩුව ඇතුළේ තියෙන දූෂණය ගැනය. ඒ වංචාව හා දූෂණය තමන්ව ගොදුරු කර ගන්න දැරූ උත්සාහය ගැනය. ආණ්ඩුවේම කැබිනට් ඇමැතිකමක් දරමින් චම්පික කරන කියන දේවල් එක එක අය එක එක විදියට අර්ථ දක්වති.

මේ ගැන ආණ්ඩුවෙන් ඇහුවොත් ආණ්ඩුවේ අය කියන්නේ ආණ්ඩුවේ ඉඳිමින්ම ආණ්ඩුව විවේචනය කරන්න ඉඩ දෙන්න තරම් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදියි කියලාය. විපක්ෂයේ අය කියන්නේ ආණ්ඩුව විවේචනය කරමින්ම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දැරීම දේශපාලන අවස්ථාවාදය කියලාය. එහෙම කියන අය කියන්නේ ආණ්ඩුව වැරැදි නම් ආණ්ඩුවෙන් එළියට බහින්න ඕනෑ කියලාය.

"ඉතින් ඇත්තටම වෙන්න ඕන මොකද්ද?"

"ආණ්ඩුව වැරැදි පාරේ යනවා නම් ආණ්ඩුවෙන් එළියට බහින එකද හරි?

එහෙම නැත්නම් ආණ්ඩුව විවේචනය කරලා ආණ්ඩුව හරි මඟට ගන්න එකද හරි?"

එහෙම අහන කෙනකුට කියන්න තියෙන්නේ චම්පිකලා ආණ්ඩුවෙන් එළියට බහින එකට වඩා ආණ්ඩුවේ වැරැදි පෙන්නලා දීලා ආණ්ඩුව නිවැරැදි මඟට ගන්න එක වඩාත් ප්‍රායෝගිකයි කියලාය. මොකද සන්ධාන ආණ්ඩුව කියන්නේ චම්පිකලාත්, විමල්ලාත් පාරට බැහැලා පත්කර ගත්ත ආණ්ඩුවකි. ඇත්තම කිව්වොත් මේ ආණ්ඩුවේ ප්‍රධාන බලවේගය වන සිංහල බෞද්ධ බලවේගය මේ ආණ්ඩුව එක්ක රැඳිලා ඉන්නේ චම්පිකලා හා විමල්ලා නිසාය. චම්පිකලා හා විමල්ලා නැති තැන සන්ධාන ආණ්ඩුවේ සිංහල බෞද්ධ සළුපිළි ගැලවිලා යයි.

ඉතින් ඒ නිසා ආණ්ඩුවට චම්පිකලා හා විමල්ලා නැතිව බැරිය. චම්පිකලා හා විමල්ලා ආණ්ඩුවට කොච්චර බැන්නත් ආණ්ඩුව ඔවුන් එළවා දාන්නේ නැත්තේ ඒ නිසාය. චම්පිකලා හා විමල්ලා පාරට බැස්සොත් තමන් ඉවර බව මහින්ද හොඳටම දනියි.

විමල් උෟවට වෙනම තරග කරන්න ගිය වෙලාවේ අන්තිම මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විමල්ගේ යෝජනාවලියට එකඟ වුණේ ඒ නිසාය. ආණ්ඩුව මුලින් හිතුවේ විමල් උෟවට තනියම ඉල්ලන එකක් නැහැ කියලාය. මුලින් කෑ ගැහුවාට පස්සේ හරි යයි කියලා ආණ්ඩුව හිතුවේය. හැබැයි විමල් බදුල්ලට තනියෙන් නාම යෝජනා දුන්නාම ආණ්ඩුවට තරු පෙනුණේය. ඒ නිසා විමල්ගේ යෝජනාවලිය එක පාරටම පිළිගත්තේය.

ඒකෙන් පේන්නේ විමල් නැතිව යන්න ආණ්ඩුව බයයි කියන එකය. මොකද විමල් කියන එක ඇත්ත බව ජනතාව දනියි. ඉතින් විමල් කියන ඒවාට පිටුපෑවා කියන්නේ ජනතාවට පිටුපෑවා කියන එකය. ඒ වාගේම චම්පික කියන්නේත් ඇත්ත බව ආණ්ඩුව දනියි. ආණ්ඩුවේ වංචා, දූෂණ ගැන ජාතික හෙළ උරුමය කියන ඒවා ඇත්ත බව ආණ්ඩුව දනියි. ඒ නිසා ආණ්ඩුවට ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් පන්නා දාන්න බැරිය. මොකද එහෙම වුණොත් ජනතා විරෝධය තමන්ට එල්ල වන බව ආණ්ඩුව හොඳටම දනියි.

හැබැයි ඒ මොනවා වුණත් රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ හරිම බලවත් ආණ්ඩුවකි. තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුවකි. ජේ.ආර්.ට කරන්න බැරි වුණු ඒවාත් කරපු ආණ්ඩුවකි. එහෙව් ආණ්ඩුවකට එරෙහිව ආණ්ඩුව ඇතුළේම ඉ¼දන් යුද ප්‍රකාශ කරනවා කියන්නේ හරිම අමාරු වැඩකි. එහෙව් ආණ්ඩුවකට එරෙහිව පොත් ලියනවා කියන්නේ හරිම අවදානම්සහගත වැඩකි. ඉතින් එහෙම බලනකොට චම්පික අරගෙන තියෙන පියවර ඇත්තටම අගය කරන්න ඕනෑය.

"ආණ්ඩුවට විරුද්ධව පොත් ලියලා හරියනවද? කරන්න තියෙන්නේ ආණ්ඩුවෙන් එළියට එන එකනේ."

කවුරු හරි එහෙමත් කියන්න පුළුවන්ය. හැබැයි තමන්ගේ හදපු ගෙදර අයකුට කවුරු හරි පාට් එකක් දැම්මා කියලා ගෙදර අත්හැරලා යන සිරිතක් නැත. කරන්න ඕනෑ එහෙම පාට් දාන එකාව එළවන එකය. ඉතින් චම්පිකලාත්, විමල්ලාත් කරන්න ඕනෑ ආණ්ඩුවේ ඉන්න හොරු ටික, තක්කඩි ටික එළවන එකය. ජනතාවගේ රීරි මාංසය හූරාගෙන කන අයව එළවන එකය. රටේ ලේ ටික උරා බොන බූවල්ලන් විනාශ කර දාන එකය. සැබෑ ජයග්‍රහණය කියන්නේ අන්න ඒකටය. ආණ්ඩුව කියන කියන එකට එහෙයි එහෙයි කියලා අත නොඋස්සා ඉන්න ශක්තිමත් කොන්දක් ඕනෑය. බලය සහ බලය පොත ලියලා චම්පික පෙන්නලා තියෙන්නේ තමන්ට ඒ කොන්ද තියෙනවා කියලාය.

බුදුහාමුදුරුවන් ආලවකයා දමනය කළේ ආලවකයාගේ ගේ ඇතුළට ගිහිල්ලාය. හතරවැනි වතාවේ ආලවකයා බුදුරදුන්ට ගෙයින් එළියට යන්න කිව්වාම බුදුරදුන් කිව්වේ යන්නේ නෑ පුළුවන් දෙයක් කරන්න කියලාය. අන්න ඒ වාගේ මේ ආණ්ඩුවේ ඉන්න ආලවකලා දමනය කරන්න ඕනෑ ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා නොව ආණ්ඩුව ඇතුළේ ඉඳලාය. එදා බුදු හාමුදුරුවන් ආලවකයාගේ කීම අහලා ගෙයින් එළියට බැහැලා ආපහු විහාරයට ගියා නම් ආලවකයා දමනය කරන්න ලැබෙන්නේ නැත. අන්න ඒ වාගේ චම්පිකලා, විමල්ලා ආණ්ඩුවෙන් එළියට බැහැලා ගියොත් මේ ආණ්ඩුවේ ආලවකලා දමනය කරන්න ලැබෙන්නේ නැත. ඒ නිසා ගේම ගහන්න ඕනෑ ඇතුළේ ඉඳන්ය. ඒකට ඕනෑ කරන්නේ යකාටවත් බය නැති දේශපාලන කශේරුකාවක් විතරය. එහෙම දේශපාලන කශේරුකාවක් තියෙන තවත් ඇමැතිවරුන් පස්දෙනකු හිටියා නම් මේ ආණ්ඩුව හරි පාරට ඇදලා ගන්න එක සිම්පල්ය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive