facebook like

අරවින්දගෙන් පසු විශිෂ්ටතම පිතිකරු මහේල- සංගක්කාර

අරවින්ද ද සිල්වාගෙන් පසු ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම පිති කරුවා මහේල ජයවර්ධන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිති කරු කුමාර් සංගක්කාර පවසයි.

කුමාර් සංගක්කාර ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කළ මාහැඟි සේවයට ගරු කිරීමක් වශයෙන් ඔහු ක්‍රීඩා කරන අවසන් තරඟය නැරඹීමට පැමිණෙන ලෙසයි.

මේ වන විට ගාල්ලේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන පළමු වෙනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන, එළඹෙන 14 වැනිදා ආරම්භ වන පකිස්ථාන ශ්‍රී ලංකා දෙවන හා අවසාන ටෙස්ට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි.

එම තරඟය සරවනමුත්තු ක්‍රීඩා පිටියේ පැවැත්වීමට සැලසුම් කර තිබුනත් අවසානයේ ක්‍රිකට් බලධාරීන් තීරණය කළේ මහේල සාමාජිකත්වය උසුලන ක්‍රීඩා සමාජයේ ක්‍රීඩාංගණය වන එස්.එස්.සි පිටියේදී පැවත්විමටයි.

ක්‍රිකට් පිටියේ තම සහය ක්‍රීඩකයා මෙන්ම පෞද්ගලික ජීවිතයේ තම කිට්ටු මිත්‍රයා වන මහේල ජයවර්ධනගේ ටෙස්ට් සමු ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ක්‍රිකට් ලෝලීන්ද කනගාටුවනු ඇති බවයි කුමාර් සංගක්කාර පැවසුවේ.

මහේලගේ සමු ගැනීමේ තීරණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට විශාල පාඩුවක් වුවත් ඔහු එය ඉතා හොඳින් හිතා බලා ගත් තීරණයක් බවයි කුමාර් සංගක්කාර කියා සිටියේ.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ මහේල ලැබූ ටෙස්ට් ශතක දෙකත්, ඕස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී පැවති ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදී අසීරු තනතිල්ලක ලැබූ ශතකයත් මහේලගේ ටෙස්ට් දිවියේ ජයග්‍රහණ අතරින් විශේෂ අවස්ථා බව කුමාර් සංගක්කාරගේ අදහසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive