facebook like

මහින්ද පැරදුණොත්?

"මහින්දට ලේසි වෙන එකක් නැහැ."
මේ ජනාධිපතිවරණය ගැන මිනිස්සු කියන කතාවය.
'මහින්ද පරදියි...'
තාම නම් මෙහෙම කියන මිනිස්සු නැත. ඒකට හේතුව මහින්දගේ ප්‍රතිවිරුද්ධ අපේක්‍ෂකයා කවුද කියල තවම කවුරුවත් දන්නේ නැති නිසාය.
'හොඳයි මහින්ද පැරදුණොත්?'


මේ ළඟදී පරණ වමේ ක්‍රියාකාරිකයෙක් අහපු ප්‍රශ්නයක්ය. ඇත්තටම මේ රටේ ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් පරාජය වී නැත. ජේ.ආර්. 1988 ගෙදර ගියේ පැරදිලා නොව විශ්‍රාම ගිහින්ය. 1993 ප්‍රේමදාස ඝාතනය විය. 1994 ඩී.බී. ගෙදර ගියේ පැරදිලා නොව විශ්‍රාම ගිහින්ය. 2005 චන්ද්‍රිකා ගියේත් එහෙමය. විධායක ජනාධිපති ක්‍රමයට අනුව ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයක් ඉල්ලල පරදින්න විදිහක් නැත. හේතුව මේ ක්‍රමය විසින්ම ජනාධිපතිවරයකුට ජනාධිපතිවරණයකට ගිහින් දිනන්න පසුබිම හදල තිබීබමය. හැබැයි ඒ ජනාධිපතිවරයෙක් දෙවරක් පමණ තරග කරලාය. ජනාධිපතිවරයෙක් තෙවැනි වරට ජනාධිපතිවරණයක් තරග කළොත් පරදින්න ඉඩ ඇතැයි ජේ.ආර්. මේ ව්‍යවස්ථාව හදද්දී හිතුවාද දන්නේ නැත.

මහින්ද අන්න ඒ ව්‍යවස්ථාව වෙනස් කරල ජනාධිපතිවරයකුට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට තරග කරන්න අවස්ථාව හිමිකර ගෙන ඇත. හැබැයි ජනාධිපතිවරයකු ජනාධිපතිවරණයක් තරග කොට පැරදුණොත් ඇති වන තත්ත්වය ගැන මහින්දට අවබෝධයක් නැතිවා විය හැකිය. ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයක් තරගකොට පරාජය වුණොත් දේශපාලන අනාථයෙක් වේ. නිකම්ම නිකමකු වේ. එයට හේතුව අඩුම තරමේ මන්ත්‍රිකමක්වත් නැති වීමය. මහින්ද මේ ජනාධිපතිවරණය පරාජය වෙනවා කියල හිතුවොත් පහුවෙනිදාට මහින්දට ගෙදර යන්න වෙන්නේ පැන්ෂන් ගිය පොලිස්කාරයා වගේය.


'එහෙම වෙන්නේ කොහොමද මහින්ද ශ්‍රී ල.නි.ප. නායකයානේ...?'

ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයක් පරාජය වූ විගස ජනාධිපති තටු පමණක් නොව පක්‍ෂ නායකත්වයේ තටු ද හැලෙයි. ඒ වේලාවට බලවත් වන්නේ පක්‍ෂ මහ ලේකම්ය. මහින්ද ජනාධිපතිවරණය පරාජය වුණොත් මුහුණ දෙන පළමු අර්බුදය පළමු ශ්‍රී ල.නි.ප. දේශපාලන මණ්ඩල රැස්වීමය. එය කැඳවන්නේ පක්‍ෂ මහ ලේකම්ය. මහින්දට ඒකට යන්න වෙන්නේ නිකම්ම නිකන් නායකයෙක් ලෙසය. එම දේශපාලන මණ්ඩල රැස්වීමේ දේශපාලන ගේම් ගහන්න මහින්දට බලයක් නැත. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නායකයන් අගමැතිවරුන් ලෙස සිටියදී ඡන්ද පරාජය වී ඇත. හැබැයි පරාජය වෙද්දී එම අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රිය. ඔහු හෝ ඇය ඡන්දය පරාජය වූ විගස විපක්‍ෂ නායක ධුරයට පත්වේ. ඉන් පසු පක්‍ෂය තුළ තම නායකත්වය ශක්තිමත් කර ගන්න ඔහු හෝ ඇය විපක්‍ෂ නායක ධුරයේ බලය ප්‍රයෝජනයට ගනී. ජනාධිපතිවරණ දෙකක් පරාජය වූ රනිල් පක්‍ෂ නායකත්වය රැකගෙන ඉන්නේ විපක්‍ෂ නායක ධුරයේ බලය පාවිච්චි කරලාය. පක්‍ෂ නායකයකු පරාජය වී විපක්‍ෂ නායක ධුරය නැති වූ එකම අවස්ථාව 1977 මහ මැතිවරණයය. එහිදී මැතිනියට විපක්‍ෂ නායක ධුරය නැති විය.

හැබැයි මන්ත්‍රිකම තිබිණි. ජේ.ආර්. ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කොට ඇයව පාර්ලිමේන්තුවෙන් පිට කරන්න හැදුවේ නායකයකුට හෝ නායිකාවකට මන්ත්‍රිකමක් නැති වූ විට පක්‍ෂ නායකත්වයේ බලය තහවුරු කර ගැනීම අසීරු බව දන්නා නිසාය. ඇත්තටම එය සිදු විය. පක්‍ෂය දෙකඩ වී ඇයට පක්‍ෂ ලාංඡනයත් පක්‍ෂ මූලස්ථානයත් අහිමි විය. ඒත් ඇය පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කර ගන්න සමත් වූයේ 1982 ජනාධිපතිවරණයේදී පුත් අනුර එක්ක එක් වී ශ්‍රී ල.නි.ප. ජනාධිපති අපේක්‍ෂකයාව පරාජය කරල ජේ.ආර්. ව දිනවලාය. 1983 අමිර්තලිංගම්ලා පාර්ලිමේන්තුවෙන් ඉවත් වූවාට පසු මැතිනියගේ පුත් අනුරට විපක්‍ෂ නායක ධුරය හිමි වීමෙන් මැතිනියට පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කර ගැනීමට හැකි විය. මේ මන්ත්‍රිකමක් නැතිව මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණ තරග කොට පරාජය වෙන නායකයකුට හෝ නායිකාවකට වෙන වින්නැහියය.


2005 ජනාධිපතිවරණය මහින්ද දින්න විගස හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනයෙන් හිස් වූ මන්ත්‍රි ධුරයට චන්ද්‍රිකාව පත් කරන්න යන කතාබහක් ඇති විය. හැබැයි මහින්ද ඒකට ඉඩ දුන්නේ නැත. 2005 ජනාධිපතිවරණයට පෙර චන්ද්‍රිකා ජනාධිපති ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවට ආවා නම් චන්ද්‍රිකාව පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කිරීම මහින්දට අසීරු වීමට ඉඩ තිබිණි. නායකත්වයෙන් ඉවත් කළත් චන්ද්‍රිකා පක්‍ෂ දේශපාලන මණ්ඩලයේ සිටින්නට ඉඩ තිබිණි. එහෙම වුණා නම් මහින්දට මෙහෙම ලේසි වන්නේ නැත. මහින්ද ජනාධිපතිවරණය පරාජය වුණොත් දේශපාලනයෙන් ආරක්‍ෂා වන්නේ බැසිල්, නාමල් සහ චමල් පමණි. මන්ද මේ තිදෙනාම මන්ත්‍රිවරුය. බැසිල් ජාතික සංවිධායකය. චමල් කතානායකය. ගෝඨාභය රාජපක්‍ෂට ආරක්‍ෂක ලේකම්කම ආරක්‍ෂා කර ගත හැකි වනු ඇතැයි සිතිය නොහැකිය. මහින්දට ජනාධිපති බලය නැති වූ විට බැසිල්ට නාමල්ට හෝ චමල්ට


පක්‍ෂය තුළ සිය තැන ආරක්‍ෂා කර ගැනීම ලෙහෙසි නොවනු ඇත. මහින්දට මේ ගැන අවබෝධයක් නැතැයි සිතන්න බැරිය. ඒ නිසා මහින්ද මේ ජනාධිපතිවරණය දිනන්න දන්න ගේම් ඔක්කොම ගහනු ඇත. ඒ ටික ඔළුවේ තියාගෙන විපක්‍ෂය මහින්ද පරද්දන අපේක්‍ෂකයා කවුද යන්න තීරණය කළ යුතුය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive