facebook like

දැලිපිහියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී බාබර් සාප්පුව

ඌව පළාත් සභා ඡන්දය අවසන් වන තෙක්‌ එම බල ප්‍රදේශයට අයත් මහියංගනය, පොලිස්‌ විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාවට යටත් කරන ලෙස පසුගිය 8 වැනිදා මැතිවරණ කොමසාරිස්‌ විසින් කරන ලද ඉල්ලීමක්‌ දැන් පල දරා ඇත. ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අනුර විදානගමගේ සහ ඔහුගේ සහෝදර තේනුක විදානගමගේ සිය ආධාරකරුවන් රොත්තක්‌ සමග රථ පෙළපාලියකින් මහියංගනය හරහා යද්දී සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයෙක්‌ එය නතර කිරීමට තැන් කළේය. එවිට මන්ත්‍රී දෙපොළ මැතිවරණ කොමසාරිස්‌ට තර්ජනය කළහ. ඉන් පසු මහියංගනය උණුසුම් විය. එය මේ දිනවල පවත්නා දරුණු පෑවිල්ල නිසා හටගත් උණුසුමක්‌ නොව මන්ත්‍රී දෙපළගේ ආධාරකරුවන් යකා නටන්නට පටන් ගත් නිසා හටගත් ගඳගහන උණුසුමකි. මෙකී මන්ත්‍රී දෙපොළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නියෝජිතයෝ වෙති. ඔවුන්ගේ පියා වන ගුණපාල විදානගමගේ ද පළාත් සභා මන්ත්‍රී කෙනෙකි. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට සම්බන්ධ දේශපාලන පවුලකි. තමන්ගේ ආණ්‌ඩුවක්‌ තිබියදී තමන් පවත්වන පෙළපාලියක්‌ නැවැත්වීමට එන සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා මොකාදැයි ඔවුන් කල්පනා කරන්නට ඇති. පෙළපාලිය නතර කිරීමට තැත් කිරීමේදී මන්ත්‍රී මල්ලි සහ මන්ත්‍රී අයියා සහකාර මැතිවරණ කොමසාරිස්‌ට තර්ජනය කර තිබේ. මෙය ගමේ ගොඩේ දුප්පත් ඡන්දදායකයකු විසින් කරන ලද්දේ නම් ඒකා ඇපත් නැතිව කූඩුවේය. මන්ද, සහකාර මැතිවරණ කොමසාරිස්‌ද ඇතුළු ඕනෑම තරාතිරමක රජයේ නිලධාරියකුගේ රාජකාරියට බාධා කළේද, නැත්නම් බාධා කරන්නට තැත් කළේද, එසේ කරන්නා රිමාන්ඩ් කළ හැකිය. අනෙක ආණ්‌ඩුව අපේ යයි කියා තමන්ට අභිමත පරිදි පෙළපාලි යන්නට මන්ත්‍රීලාට අයිතියක්‌ ඇතොත් එමෙන් ලඝූ ගුණයක අයිතියක්‌ මේ ආණ්‌ඩුව බලයට ගෙනා මිලියන සංඛ්‍යාත ජනතාවට ඇත. උණ බට මෙන් සිහින්ව සිටි මේ රටේ දේශපාලනඥයන් පසු කාලයේදී පිටි ගෝනි මෙන් තරවූයේ මේ මිලියන සංඛ්‍යාත ජනයා දුන් ඡන්දයෙනි. ඒ අනුව දේශපාලනඥයන්ගේ ගොන් වැඩ සහ වියරු නාඩගම් නැවැත්වීමට නිසි බලය තිබිය යුත්තේ රජයේ නිලධාරීන්ටත් වඩා ජනතාවටය. එහෙත් ඡන්ද බලය හැර වෙනත් අධිකාරි බලයක්‌ ජනතාව අතට යාම යනු වඳුරා අතට දැලි පිහියක්‌ පමණක්‌ නොව බාබර් සාප්පුවක්‌ම යාම වැනි අවදානමකි. ඡන්ද බලය හැර සෙසු බලතල සියල්ලම "ආණ්‌ඩුවක්‌" විසින් තබාගනු ලබන්නේ ඒ නිසාය.

පළාත් සභා ඡන්දයක්‌ යනු මහ ඡන්දයකටත් වඩා ප්‍රචණ්‌ඩ කටයුත්තකි. මහ ඡන්දයකදී සිදු නොවන තරම් ප්‍රචණ්‌ඩ ක්‍රියා පළාත් සභා ඡන්දයකදී සිදු වන බව පෙනෙයි. සමහර විට, විපක්‍ෂයේ ඉල්ලීම පරිදි පළාත් සභා ඡන්ද කඩින් කඩ නොතබා එකම දවසක පැවැත්වූයේ නම් මුළු රටම ලේ විලක්‌ වී ඉන්දියාවෙන්ද පොලිසිය කැඳවිය යුතු තත්ත්වයක්‌ උද්ගත වනවා ඇත. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය පරිහානියට පත්ව තිබීමය. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම යනු අනුන්ගේ ගෙවල් ගිනි තැබීමට, විරුද්ධ පක්‍ෂයේ අය හෙළුවෙන් පාර දිගේ ඇවිද්දවීමට සහ වෙනත් කාලකන්නි අකටයුතුකම් සිය ගණනකට යොදා ගන්නා අයිතිවාසිකමක්‌ බවට පත්ව තිබේ. මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කලකිරුණු බව හිතුනු වහාම අන්තවාදීහු එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගනිති. විදානගමගේ සහෝදර දෙපළ සහකාර මැතිවරණ කොමසාරිස්‌ට තර්ජනය කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ අවනතියට හවුල් වී ඇත. ඌව දිනා ගැනීමට අවශ්‍ය නිසා ආණ්‌ඩුවද මේ දෙපළට අත නොතබනවා ඇත. ඒ නිසා ජනතාවට සිදුවන්නේ දැතම ඔලුව මත තබාගෙන බලා සිටීමටය.

divaina 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive