facebook like

නිරුවත්ව මියගිය කතගේ මරණය ගැන පොලිසියට සැකයි

අයගම දමිත්කන්ද ප්‍රදේශයේ නිවෙසක සාලයේ නිදි පැදුරක් මත නිරුවත්ව අබිරහස් ලෙස මියගොස් සිටි 53 හැවිරිදි තඹවිටගේ ප්‍රේමාවතී නමැති කාන්තාවගේ මරණය පිළිබඳ රත්නපුර රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයාට යවා තිබේ.
ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අබිරහස් ලෙස මියගොස් සිටි ඇගේ මොළයට ලේ බැස තිබීම පිළිබඳ වෛද්‍ය නිගමනයකට ඒමට පෙර රජයේ රස පරීක්‍ෂකවරයා වෙත සිරුරේ කොටස් යවා ඇති බවයි.

පසුගිය 5 වැනි දින අලුයම සිදුවූ මෙම අබිරහස් මරණයේදී එම නිවෙසේ ‍ෙදාරක් විවර කර තිබීම පිළිබඳ පොලිසියට සැක මතුවී තිබේ.
මියගිය කාන්තාවගේ සැමියා ඇගේ දරුවන් කුඩා කාලයේම ඇය අතහැර ගොස් දැනට මියගොස් සිටින බවද පොලිසිය පැවැසීය.
ඇගේ දියණියක විදේශ රැකියාවක නියැළී සිටින අතර එම දියණියගේ දරු දෙදෙනා මෙම කාන්තාවගේ රැකවරණය මත සිටින බවද පොලිසිය පැවැසීය.
එම මළ සිරුර හමුවන අවස්ථාවේ ඇයගේ සිරුර නිරුවත් වී තිබූ ආකාරය පිළිබඳවද තරමක් දුරට පොලිසියට සැක මතුවී තිබේ.
කිසියම් සැක කටයුතු අයකු විවර වී තිබූ ‍ෙදාරින් නිවෙසට ඇතුළු වී ආපසු පැනගොස් ඇද්ද යන්න ගැනද පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. අයගම පොලිස් ස්ථානාධිපති සමන් ප්‍රියන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive