මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තෙවැනිවර ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හැකියාවක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අවධාරණය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 වැනි ව්‍යවස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාවට අනුව ජනාධිපති රාජපක්‍ෂ මහතා දෙවැනි වර ධුරයෙහි දිවුරුම් දුන් 2010 නොවැම්බර් 19 දින ඔහු තුන්වැනි වර ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට නුසුදුස්සකු බවට පත්වූයේ යැයි හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනයෙන් මේ 31/2 අනු වගන්තිය අහෝසි කර තිබේ. ඒ අනුව මෙයින් ඉදිරියට තේරී පත්වන ජනාධිපතිවරයකුට තෙවැනිවර ඉදිරිපත් වීමට ව්‍යවස්ථානුකූල බාධාවක් නැත. එහෙත් මෙම වගන්තිය ඉවත්වන අවස්ථාව වන විට මහින්ද රාජපක්‍ෂ මහතා තෙවැනිවර ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට නුසුදුස්සකු වී ඇති බැවින් නීතියේ අර්ථ දැක්වීමට අනුව ඔහුට තෙවැනි වර ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට හැකියාවක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටී.

0 comments:
Post a Comment