facebook like

මහජන මුදල් ගසා කන අයට මෙලොවදීත් පරලොවදීත් පල දෙනවා අස්ගිරි මහනාහිමි

රටේ සිදුවෙමින් පවතින සංවර්ධනය සඳහා යොදවන මුදල් විවිධ ආකාරයෙන් අවභාවිතය කිරීම සම්බන්ධයෙන් නිතර තොරතුරු පළවන බවත් මේ මුදල් ජනාධිපතිතුමාගේ හෝ තවත් කාගේවත් හෝ මුදල් නොවන බවත් පවසන අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ මහජන මුදල් ගසාකන අයට මේ ලෝකෙදී පමණක් නොව පරලොවදීත් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බවත් සඳහන් කරති.
අපි සමහර තැන්වල ප්‍රකාශ කරන දේවල් සමහර මාධ්‍යවල ඉතා තදින් පළකරනවා. එමඟින් ඇතැම් විට අප ප්‍රකාශ කරනා දේ විකෘත වන අවස්ථා පවා දක්නට ලැබෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැයිද නාහිමියෝ පැවැසූහ.


මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 70ක මුදලින් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර උඩවත්ත කැලේ රාම විහාරයේ සංඝාවාසය හා විහාර මන්දිරය සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (10දා) පස්වරුවේ සිදුවූ අවස්ථාවේ ප්‍රධාන අනුශාසනාව කරමින් අස්ගිරි මහ නාහිමියෝ ඉහත අදහස් පළ කළහ.


යමක් කරන කොට හිතට එකඟව කෙළින් කරන්න ඕනේ. කතා කරනකොට කෙළින් ඇත්ත කතා කරන්න ඕනේ. මේ රටේ පැවැති චාරිත්‍ර, වාරිත්‍ර ගුණධර්ම පිරිහී ඇත්නම් එය නැවත වතාවක් නඟා සිටුවන්න කටයුතු කළ එකම රාජ්‍ය නායකයා වශයෙන් වර්තමාන ජනාධිපතිතුමන් හඳුන්වන්න පුළුවන්. ජනාධිපතිතුමන් දැවැන්ත සංවර්ධනයක් කරා රට ගෙනියනවා. මේ කටයුතු තනිවම කරන්න බැරි නිසා ඇමැති මණ්ඩලයක් වගේම නිලධාරීන්, පරිපාලකයන් පත් කරලා තියෙනවා. පළාත් පරිපාලන ආයතන තියෙනවා. මේ අය කල්පනා කරන්න ඕන ජනාධිපතිතුමාට මේ කටයුතු තනිවම කළ නොහැකි නිසා මේ කටයුතු අපට පවරන්නේ කියලා. රට ගැන ආදරයකින්, හැඟීමකින් මේ කටයුතු කළ යුතු යැයි අස්ගිරි නාහිමියෝ පැවැසූහ.


රටේ සංවර්ධනය සඳහා යොදවන්නේ ජනාධිපතිතුමාගේ මුදල් හෝ වෙන අයගේ මුදල් නෙවෙයි. මේවා මහජන මුදල්. මහජන මුදලින් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. වංචා, දූෂණ, හොරකම් නොමැතිව තමන්ට ලැබෙන වැටුපට හරියන්න සේවයක් කළ යුතුයි. පඩිය හරියට අරගෙන, දීමනා අරගෙන තමන්ගෙන් සිදුවිය යුතු සේවාව නොකරන අය රටට ණයකාරයෝ වෙනවා. මේ මහජන මුදල් ගසා කන අයට මේ ලෝකයේදී වගේම පරලොවදීත් ඊට දඬුවම් ඒකාන්තයෙන්ම ලැබෙනවා. තමන් කරන කාර්යය හිතට එකඟව අවංකව වංචා, දූෂණ නොමැතිව කළොත් තමයි මේ රට දියුණු කරන්න හැකි වන්නේ යනුවෙන්ද නාහිමියෝ සඳහන් කළහ.
වංචා දූෂණයෙන් තොරව මේ රට ගොඩ නඟන්න සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි. මේ වන විට රටේ ඇතැම් පළාත්වල ගංගා, ඇළ ‍ෙදාළ, වැව් හිඳිලා මහා නියඟයක් ඇති වෙලා ජනතාවට බොන්නවත් වතුර නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ වගේ ස්වාභාවික විපත්වලට රජයට චෝදනා නඟනවා වෙනුවට ඒ විපතට පත් ජනතාවට බොන්න වතුර ටිකක් ගිහින් දෙනවානම් කොයි තරම් පිනක් සිදු වෙනවද යනුවෙන් නාහිමියෝ පැවැසූහ.


මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක, මහනුවර නගරාධිපති මහේන් රත්වත්ත, මධ්‍යම පළාත් සභා සභාපති මහින්ද අබේකෝන් යන මහත්වරු ප්‍රමුඛ ගිහි, පැවිදි පිරිසක්ද සහභාගි වූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive