ගාල්ලේ අමුතුම ආකාරයේ ජාවාරමක් පිළිබඳ ගාල්ල පොලිසිය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ පෙම්වතුන් ආකාරයට හෝ වැඩිහිටියන් ආකාරයට ගාල්ල මුහුදු වෙරළේ හෝ සංචාරක ස්ථානවල ගැවසෙන දේශීය සංචාරකයනට දුරකතන විකිණීම හරහා සිදු කරන ජාවාරමකි.
අනේ නෝනා මට හදිස්සියක්. මගේ මේ දරුවට බේත් ගන්න විදියක් නෑ. මගේ මේ දුරකතනය ගන්න. අරගෙන මට සල්ලි දෙන්න. නැති නම් මට අද පඩි ගන්න බැරි වුණා. පඩි ලැබෙන්නේ තව දින කිහිපයකින් ආදී වශයෙන් දුක් කතාන්දරයක් පවසා වටිනා දුරකතන ඉතා අඩු මුදලට උකස් කිරීම මෙම ජාවාරමයි.
දින කිහිපයකට පසුව උකස බේරා ගන්නා බවටද අදාළ දුරකතන හිමිකරුවා ඇමැතුමක්ද ලබාදෙයි. ඉන් අනතුරුව මෙය අමතක වූ ආකාරයට සිට මගේ දුරකතනය හොරු ගත්තා කියා අදාළ පොලිසියට දැනුම් දී දුරකතනය ලබාගත් පුද්ගලයා අපහසුතාවට පත් කරමින් පොලිසිය හරහා මෙම දුරකතන යළිත් ලබා ගැනීම මෙම ජාවාරමේ දෙවැනි පියවරය.
මේ ආකාරයට දුරකතනයක් ගාල්ල මුහුදු වෙරළේ දී සිය දියණිය සමඟ සිටින විට මිලට ගත් කාන්තාවක කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය මඟින් දෙපාර්ශ්වයේම අයවලුන් කැඳවා පරීක්ෂණ ආරම්භ කිරීමේදී මෙය ජාවාරමක් බවට තොරතුරු හෙළිදරව් වී තිබේ.

0 comments:
Post a Comment