අධ්‍යාපන අමාත්‍යාංශයේ වාහන පරිහරණයේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව විගණන පරීක්‍ෂණයකදී අනාවරණය වී ඇත.
පෙට්‍රල් භාවිතයෙන් ධාවනය වන නිල රථයකට ඉන්ධන ලෙස ඩීසල් ලබාගෙන තිබූ අවස්‌ථා මෙන්ම වාහන හයක් සඳහා ටැංකියේ උපරිම ධාරිතාව දිනකදී දෙවරක් හෝ තුන්වරක් ලබාගෙන තිබූ අවස්‌ථාද හෙළිවී තිබේ.
මේ අතර අධ්‍යාපන ඇමැතිවරයාගේ වාහනවලට ඉන්ධන නිකුත් කිරීම
සඳහා පමණක් භාවිත කළ හැකි ඉන්ධන කූපන්පත් උපයෝගි කර ගනිමින් පෞද්ගලික වාහන තුනකට ඉන්ධන ලබාගෙන ඇති අතර පසුගිය දෙවසරේදී ඒ සඳහා අමාත්‍යාංශය රුපියල් 85000 ක් වැයකර ඇත.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් නොවන වාහනයක් අමාත්‍යාංශයේ රියෑදුරකු යොදවා පසුගිය දෙවසරේදී කිලෝමීටර් විසිදහසකට ආසන්න ප්‍රමාණයක් ධාවනය කර ඇති අතර එම රියෑදුරාට වැටුප් ලෙස රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් වැයකර ඇතැයිද විගණන පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.

0 comments:
Post a Comment