facebook like

පිටකොඳු ඇති සිසුවියෝ සහ පිටකොඳු නැති විදුහල්පතිවරු

පසුගිය සතියේ ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ ගායකයකු ද සමග ඞීඑස් සේනානායක විදුහල, විශාඛා විදුහල, සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල ඇතුළු රටේ ප‍්‍රධාන විදුහල් කිහිපයකට ගියේ ය. ඒ තමන්ගේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුබද්ධ කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් විසින් සංවිධානය කරන කාල්ටන් රගර් තරගාවලිය පාසල්වල ප‍්‍රචාරණය කරන්නට ය. පළමු ප‍්‍රශ්නය, කාල්ටන් රග්බි තරගාවලිය පාසල්වල ප‍්‍රචාරණය කරන්නේ කුමකට ද යන්න ය.

ඊළඟට පහත ප‍්‍රශ්න ද පැන නැ‍ෙඟයි එය හා පාසල් අධ්‍යාපනය අතර ඇත්තේ කවර සම්බන්ධයක් ද? ඒ සඳහා පාසල් වේලාව තුළ දේශපාලන පක්‍ෂයක මන්ත‍්‍රීවරයකුටත්, ගායකයකුටත් පාසල්වලට ඇතුළු වන්නට අවසරදුන්නෝ කවරහු ද? විදුහල්පතිවරු අවසර දුන්නෝ නම් ඒ කවර පිළිගත් නිර්ණායක යටතේ ද? එලෙස පිටත සිට ක‍්‍රීඩා තරගාවලියක් ප‍්‍රචාරණය කරන්නට එන ඕනෑම කෙනකුට විදුහල්පතිවරු අවසර දෙන්නෝ ද? ඕනෑ ම පක්‍ෂයක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකුටත් එසේ ඉඩ ලබා දෙන්නෝ ද?

බාලිකා පාසලකට පැමිණ ප‍්‍රචාරණයේ යෙදෙන්නටත්, සිසුවියන් සමග ඔවුන්ගේ පාසල් කාලයට නොගැළපෙන ගී ගයන්නටත් සිය පාසලේ සිසුවියන් කැඳවා එකතු කර දීමෙන් විදුහල්පතිනියන් පෙන්වන, සිය සිසුවියන් පිළිබඳ ව වූ ආකල්පය කුමක් ද?

ඇත්ත තිත්ත ය. නාමල් රාජක්‍ෂ මහතාට ඒ ඉඩ ලැබෙන්නේ හුදෙක් ඔහුගේ පාර්ලිමේන්තු මන්තී‍්‍රකම නිසා ම නොවේ. ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා වීම නිසා ය. නාමල් රාජපක්‍ෂ මහතා පාසලකට පැමිණෙන බව දැනුම් දුන් විට එය සාදරයෙන් පිළිගැනෙන්නේ හේතු දෙකක් නිසා ය. එකක්, ඔහුගේ ඇතුළුවීම ප‍්‍රතික්‍ෂෙප කරන්නට විදුහල්පතිවරුන්ට හෝ අධ්‍යාපන බලධාරීන්ට හෝ ඇති බිය යි. දෙවැන්න, ජනාධිපති පුත‍්‍ර මන්ත‍්‍රීවරයා පිළිගෙන අවශ්‍ය පහසුකම් සැලසීමෙන් තමන්ගේ හොඳ නම වර්ධනය කර ගත් පසුව ඒ වෙනුවෙන් ලැබෙන ප‍්‍රතිලාභ, වරදාන ගැන ඇති වන ඇල්ම යි. ඒ පවුලේම ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු විසින්

පසුගිය කාලයේ මේ විදුහල්පතිවරුනට පිරිනමන ලද බ්‍රෙවේ කර්නල් තනතුරු ද ඒ හීලෑකම මැනැවින් පවත්වාගෙන යන්නට දුන් බලපත‍්‍රයකි. මේ සියල්ලෙන් පෙනෙන්නේ අපේ රාජ්‍ය සේවයේ කශේරුවට හානි වී ඇති තරම පමණක් නොවේ. රටේ ප‍්‍රධාන පෙළේ බාලිකා විදුහල් දෙකක් වන විශාඛා විදුහලේත්, සිරිමාවෝ
බණ්ඩාරනායක විදුහලේත් විදුහල්පතිනියන් දෙදෙන රාජ්‍ය බලයේ නාමයෙන් පිටතින් එනඕනෑම කුණුකන්දලකට සිය භාරයේ සිටින සිසුවියන් නිරාවරණය කිරීමට දක්වා ඇති නොසැලකිල්ලයි. එවැන්නක් විදුහල්පතිනි භූමිකාවට තරම් වේ ද?

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දී ලද අවසරයෙන් ගායකයා කළේ තමන්ගේ ජනප‍්‍රිය ගීයක් ගායනා කරන්නට සිසුවියන්ට ද ආරාධනා කිරීම යි. එහි අශික්‍ෂිත පද වැල අද පුවත්පතේ වෙනත් තැනෙක සඳහන් වෙයි. වාසනාවකට පාසල් දැරියනට මේ විකාරයට විරෝධය පාන්නට කශේරුවක් තිබිණ. ඔවුහු සිය ගැහැනුකමේත් පාසලේත් අභිමානය වෙනුවෙන් මේ අපයෝජනයට විරුද්ධ වූහ. සැණෙකින් විරෝධය පැතිරිණ. මන්ත‍්‍රීවරයාටත්, ගායකයාටත් පල්ලම් බහින්නට සිදු විය. පිටකොන්දක් තිබූ ඒ දැරියන්ටත් ඔවුන්ට එක්වූ ගුරුවරුන්ටත් අපි ගෞරව කරමු.

අතීත කතාවට අනුව, රජතුමා නිරුවතින්යැ’යි කීවේ දරුවෙකි. සියලූ වැඩිහිටියෝ එතෙක් ඒ බව දැන දැනම නිශ්ශබ්ද ව සිටියෝ ය. තමන්ට ආදර්ශයක් විය යුතු වැඩිහිටියන් නිහඬව සිටිය දී මන්ත‍්‍රීවරයාටත් ගායකයාටත් විරුද්ධ වූ සිසුවියන්, එක් අතෙකින් පෙර කාලයේ රජ්ජුරුවෝ නිරුවතින්යැ’යි කී දරුවා මෙන් අනාගතය ගැන අපට බලාපොරොත්තු දල්වයි.

 ----  කේ. ඩබ්ලිව්. ජනරංජන
                     ravaya

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive