facebook like

වෛද්‍යවරියක වෙන්නට සිතා... වෛද්‍යවරයෙකු හා විවාහ වී දිවි අඳුරු කරගත් අනූෂා

අනූෂාගෙ පවුලෙ හිටපු එකම දරුවා ඇය. පුංචි කාලෙ ඉඳන්ම අනූෂා ඉගෙනීමට දක්ෂයි. මේ හින්දම අනූෂාගෙ දෙමව්පියන්ගෙ, විශේෂයෙන් අම්මාගෙ එකම අපේක්ෂාව වුණේ අනූෂා වෛද්‍යවරියක කිරීමයි.

ඒ වගේ අදහසක් අනූෂාගේ අම්මාගෙ හිතේ තදින්ම බලපවත්වන්න තවත් හේතුවක් තිබුණා. අනූෂාගෙ අම්මාට ඉන්නෙ වැඩිමහල් සහෝදරයෙක් විතරයි. ඒත් ඔහු වගේම ඔවුන්ගේ දෙමාපියොත් අනූෂාගෙ අම්මාව පවුලෙන් අයින් කරල තිබුණෙ. ඒ අනූෂාගෙ අම්මාත් තාත්තාත් හිතුවක්කාරකමකට විවාහ වී තිබුණු නිසයි. අනූෂාගෙ මවගෙ සොහොයුරා, ඒ කියන්නෙ අනූෂාගෙ එකම මාමා ධනවතෙක්. මාමාට හිටියෙ පුතුන් දෙදෙනෙක් විතරයි. එයින් එක පුතෙක් නීතිඥයෙක්. අනෙක් පුතා මාමාගෙ ව්‍යාපාරවලට සම්බන්ධවී සිටියා. ඔවුන් කිසිවෙකුවත් අනූෂලාව ඇසුරු කළේ නෑ.
මේ නිසා අනූෂාගෙ අම්මාගෙ එකම අපේක්ෂාව වුණේ තම දියණිය වෛද්‍යවරියක වනු දැකීමයි.
අනූෂාට අම්මා ගැන තිබුණෙ ලොකු දුකක්. ඒ නිසා වෙන කිසිම දෙයකට සිත යොදවන්නේ නැතුව උනන්දුවෙන් පාඩම් කරල විභාගයට මුහුණ දුන්නත් අනූෂාට වෛද්‍ය පීඨයට තබා විශ්ව විද්‍යාලයටවත් තේරෙන්න හැකියාවක් ලැබුණෙ නෑ.
මේ නිසා අනූෂාට වගේම අම්මාටත් තිබුණෙ විශාල කම්පාවක්. අන්තිමේ අනූෂාගෙ අම්මාට ඕනෙ වුණා තමන්ගෙ දියණිය වෛද්‍යවරයෙකුට විවාහ කරදෙන්න. ඇය එක එක කපුවන්ට කියලා දියණියට වෛද්‍යවරයෙකුව සෙව්වා. අන්තිමේ වෛද්‍යවරයෙකු හමු වුණා. ඔහු කාන්තා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු බවයි දැනගන්න ලැබුණෙ.
අනූෂාගෙ අම්මාට දැනුණෙ ඉහේ එක මලක් නෙමේ මල් කෝටියක් පිපුණු ගාණට. තමන්ගෙ දියණිය විශේෂඥ වෛද්‍යවරයෙකුට විවාහ කර දිය හැකි නම් ඇයට රස්සාවක් අවශ්‍ය නෑනේ කියලයි අම්මා නිතරම උදම්ඇනුවෙ.
අනූෂාව විවාහ කරගන්න පැමිණි වෛද්‍ය රෝයි සේවය කළේ දුර පළාතක. ඔහු රජයේ සේවයෙන් ඉවත්වී පෞද්ගලික ඩිස්පෙන්සරියක් පවත්වාගෙන ගියා. අනූෂාව විවාහ කරගත්තත් ඔහු ඒ ප්‍රදේශයේ ඇය පදිංචි කරගන්න කැමති නොවුණෙ එය දුෂ්කර ප්‍රදේශයක් නිසයි.
ඒ පැත්ත හරි රස්නෙයි. උදේ
අටේ විතර ඉඳලම කාෂ්ටක අව්ව. ඔහේ ගිහින් ඔයා දුක් විඳින්න ඕන නැහැ. ඔයා අම්මල ගාවම ඉන්න. මං මාසෙකට තුන් හතර පාරක් එනවනෙ ඔයාව බලන්න.
රෝයි කියපු ඒ කතාව අනූෂාගෙ අම්මාත් අනුමත කළා. අනික පවුලට ඉන්න එකම දරුවා තමන් අත හැර යනවටවත් අනූෂාගෙ අම්මාගෙ යටි සිතේ ලොකු අකැමත්තක් තිබුණ.
මුදල් හදල් අතින් රෝයිට කිසි කරදරයක් තිබුණෙ නෑ. වටිනා මෝටර් රථයකුත් ඔහු පාවිච්චි කළා. විවාහ වෙලා අවුරුද්දක් යනකොට අනූෂා මවක් වුණා. ඇයට කුළුඳු‍ලේ ලැබුණෙ පුතෙක්. පුද්ගලික රෝහලක අනූෂාට දරුවා ලැබුණු අතර ඒ දින කීපයේ රෝයි ඇය ළඟින්ම හිටියා. අත දිග ඇරලා සල්ලිත් වියදම් කළා. දරුවාත් එක්ක අනූෂාව ගෙදර එක්ක ආවට පස්සෙ රෝයි ආපහු ගියේ තමන්ට රෝගීන් බොහෝ සංඛ්‍යාවක් සිටි නිසා ඔවුන් අතරමං කරන්න බෑ කියමිනුයි. ඉන්පසු රෝයි කිහිප වතාවක් කලබලෙන් වගේ පැමිණ ගියේ රෝගීන් වැඩි නිසා රැඳෙන්නට වෙලාවක් නැති බව කියමිනුයි.
මෙහෙම ටිකකලක් ගත වුණා. හිටි හැටියේ රෝයි ගැන ආරංචියක් නැතිව ගියා. ඒත් එක්කම අනූෂාගෙ ගෙදරට ‍පොලීසියෙන් ආවා. ඔවුන් පැමිණියේ රෝයිව හොයාගෙන. නමුත් රෝයිගෙන් දවස් හතර පහකින්ම කෝල් එකක්වත් නැති බව අනූෂා කිව්වම ‍පොලිස් නිලධාරියා නිහඬව කල්පනා කරන්නට වුණා.
‍පොලිස් නිලධාරියා අනූෂාත් ඇගේ මවත් ඉදිරියේ ඊළඟට හෙළි කළ කරුණු අසාගෙන ඉඳිද්දි අනූෂාට ක්ලාන්ත වෙන්න එනව වගෙයි දැනුණෙ. ඇය අසල තිබූ කණුවක් බදා ගනිද්දි කිහිප දෙනෙක් ඉදිරිපත්වී අනූෂාව හාන්සි කෙරෙව්වා.
‍පොලිස් නිලධාරින් හෙළි කළ අන්දමට රෝයි විශේෂඥ වෛද්‍ය උපාධියක් තබා සාමාන්‍ය වෛද්‍ය උපාධියවත් හිමි කරගත්තු අයෙක් නමෛයි. ඔහු කළේ ‍පොලීසිය ඇතුළු උසස් නිලධාරීන්ට මාස් පතා ලොකු අල්ලස් මුදලක් ප්‍රදානය කරමින් අනවසර ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමයි. මෑතකදී ඔහු විසින් කළ ගබ්සාවක් වැරදීම නිසා එම කාන්තාවට අධික ලෙස ‍ලේ පිටවීම හේතුවෙන් ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. මේ බව දැනගත්තු ගමන් රෝයි ක්ෂණිකව විදේශගත වෙලා. ඒ තරම් පහසුවෙන් විදේශගත වන්නට ඔහුට ලැබුනේ ඒ රටේ ප්‍රබල සම්බන්ධතා තිබෙන නිසා බවයි පසුව අනූෂාට දැනගන්න ලැබුණෙ.
තමන්ගෙ ජීවිතේ එහෙම පිටින්ම විනාශ වූ බව අනූෂා දැනගන්න විට ඇය බෙහෙවින් ප්‍රමාද වැඩියි. නමුත් කළ හැකි දෙයක් නෑ. අනූෂාටත් වඩා කම්පාවට පත්ව සිටියෙ අනූෂාගෙ මවයි.
“මගෙ දරුවට මේ අපරාදෙ කළේ මමයි.” කියමින් අනූෂාගෙ අම්මා නිතරම ඉන්නෙ ලොකු සිත් පීඩාවකින්.
රෝයි තමන්ගෙ දරුවා වෙනුවෙන් අනූෂාට මුදල් එවනවා. ඒත් නැවත ලංකාවට එන දිනයක් කියන්නෙවත් ඇයට දුරකථන ඇමතුම් කිසිවක් දෙන්නෙවත් නෑ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive