facebook like

ඉරාක් ඉස්ලාමීය රාජ්‍යයකට ඉඩ තබන්නේ නෑ ---- බරක් ඔබාමා

සුන්නි ජිහාඩ් ප්‍රහාරකයන්ට ඉරාකය හෝ සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට ඉඩ නොතබන බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අවධාරණයෙන් කියා සිටියි.

අවශ්‍ය වුනොත් සුන්නි ජිහාඩ් ප්‍රහාරකයන්ට එරෙහිව තවත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි ජනාධිපති ඔබාමා පවසන්නේ.

ජන සංහාරයක් වළක්වා ලීමේ බැඳීමක් මෙන් ම ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා පෙරට එමින් සිටින සුන්නි ජිහාඩ් ප්‍රහාරකයන් නතර කිරීමේ මූලෝපායී උවමනාවක් එක්සත් ජනපදයට ඇති බවයි, ඇමෙරිකානු නායකයා ‘නිව් යෝර්ක් ටයිම්ස්’(New York Times) පුවත්පතට කියා සිටියේ.

සතිපතා පවත්වන සිය ගුවන් විදුලි කතාවේ දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා, කාන්තාවන් දාස භාවයට පත් කරන ජිහාඩ් ප්‍රහාරකයන් ‘යෂිඩි’(Yazidi) සුළු ආගමිකයන් ක්‍රමානුකූලව විනාශ කර දැමීමේ සැලැස්මක සිටින බවත් පෙන්වා දුන්නේය.

උතුරු ඉරාකයේ ප්‍රත්‍යන්ත කඳුවැටි වල කොටු වී සිටින ‘යෂිඩි’(Yazidi) අනාථයන් වටලා සිටින ප්‍රහාරකයන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කිරීම මගින් එම වැටලීම් පරාජය කල හැකි බවත් ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි .

අනාථයන් කඳුකරයේ කොටු වී
උතුරු ඉරාකයේ ගැටුම් වලට කොටු වී සිටින ‘යෂිඩි’(Yazidi) අනාථයන් වෙනුවෙන් ඇමෙරිකානු යුද ගුවන් යානා මගින් දෙවන වතාවටත් හදිසි සහන ආධාර මලු බිම හෙළනු ලද බවත් වාර්තා වෙයි.

‘යෂිඩි’ සංහාරය
එම සහන සැපයුම් වලට ආහාර සහ පානීය ජලය ඇතුළත් පාර්සල් දහස් ගණනක් එක් කොට තිබුණි.

මේ අතර ප්‍රකාශයක් කරන ඔස්ට්‍රේලියාව එම සහන සැපයුම් වලට තමන් ද එක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකානු පාලනයත් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි කියා සිටියේ.

අගමැති ටෝනි ඇබට් පවසන්නේ, තම රටේ ජනතාව එවැනි සහන මෙහෙයුමකට දායක වීමට මනාප බව සිය විශ්වාසය වන බවයි.

‘යෂිඩි’(Yazidi) අනාථයන් ඉතාම දුෂ්කර අඩියක සිටින බව පවසන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හැකි ඉක්මනින් එම ජනයාගේ ආරක්ෂාව සහතික කල යුතුව ඇති බව පෙන්වා දෙයි.

පනහකට අධික ‘යෂිඩි’(Yazidi) දරුවන් දැනටමත් කඳුකරයේ දී මරණයට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive