ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරනු ලබන සුපර් 4 විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ජුනි 27 වැනිදා සිට ජූලි 02 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන අතර, එස්.එල්.පී.එල්. තරගාවලිය පැවැත්වීමට හැකියාව නොමැතිවීම හේතුවෙන් පසුගිය වසරේ සිට මෙම තරගාවලිය හඳුන්වා දී ඇත.
කණ්ඩායම් 4ක් සහභාගි වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇතුළුව
ක්‍රීඩකයන් 60 දෙනකු පමණ සහභාගි වීමට නියමිතව ඇති නමුත් සහභාගි වන කණ්ඩායම්වල නම් සහ විස්තර මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.
තරගාවලිය ජුනි 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත තරගාවලිය නිමවා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජුනි 26 වැනිදා බැවින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය සඳහා එක්වීමට ඇති හැකියාව පිළිබඳව තරගාවලියට සමගාමීව පැවැති මාධ්‍ය හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.
එයට පිළිතුරු දුන් තරගාවලියේ අධ්‍යක්‍ෂ අජිත් ජයසේකර මහතා පැවැසුවේ ඔවුන් තරගාවලිය සඳහා එකතුවන බව තමා විශ්වාස කරන බවත්, එසේ නොවුණහොත් මෙම තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් තරගාවලියට සුදුසුකම් ලබන බැවින් එම අවස්ථාව ඔවුන්ට අහිමිවන බවත්ය. "දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරට සංචාරය කරන නිසා අපට මේ තරගාවලිය පවත්වන්න වෙලා තියෙන්නේ අඩුම දින වකවානුවකදීයි. ඒ නිසයි අපි කණ්ඩායම් 4ක් තෝරාගත්තේ. ඒ වගේම මෙම සුපර් 4 තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ට එස්.එල්.පී.එල් තරගාවලියේදී ලබාදුන් මුදල් ප්‍රමාණයට සමාන මුදලක් ලබාදෙනවා" යනුවෙන්ද ඔහු පැවැසීය.
තරගාවලිය සඳහා රුපියල් මිලියන 15ක් පමණ වියදම් වෙතැයි අපේක්‍ෂා කළද ඒ සඳහා අනුග්‍රාහකත්වයක් නොමැතිවීම සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජයසේකර මහතා පැවැසුවේ අනුග්‍රාහකත්ව ඉදිරියේදී ලැබෙන බව තමා විශ්වාස කරන බවත්, අනුග්‍රාහකත්ව නොලැබුණත් තරගාවලිය නියමිත පරිදි පවත්වන බවය.

oya ajith kiyana depath naya kalinuth kiwwa spl aniwa api tiyanawa kiyala hahahhaha mahalokuwata talk denawa karaganna puluwan p****kuth ne...india we un wage talks denawa ath karaganna be kawru mona kiwwath spl api tinawa kiwwa sponser la gonata andala maru una himita natta akula gatta konda pana tiyagana kata karanawa hallo
ReplyDelete