ප්‍රේමදාස මහතා එදා හදිසියේම විපතට පත්ව මිය නොගියා නම් මොනවා වෙන්න තිබුණාද යන්න කිහිප දෙනකුගෙන්ම විමැසීමි. ඔහුට බෙහෙවින් ප්‍රියමනාප මැද කොළඹ ඡන්දදායකයකු කීවේ මෙවැන්නකි.
"එහෙනම් ඉක්මනින්ම යූ. එන්. පී. ආණ්ඩුව වැටෙන්නෙ නෑ. එයා වැඩ කරපු වේගෙට වැඩ කරගෙන යන්න සපෝට් එක දෙන්න හොඳ ටීම් එකක් හිටියෙත් නෑ. ඒ මනුස්සයා පුදුම විදියට අසරණ වෙලා හිටියෙ. ඒත් එයා ඒක අතඇරියේ නෑ... එයාට ඕන වුණා... එයාත් එක්ක වේගෙන් වැඩ කරන්න
පුළුවන් පිරිසක් හදාගන්න. ඒක එයා කීපවතාවක්ම අපිට කිව්වා. එයාගේ කැමැත්තක් තිබුණා දුප්පත් පවුල්වල තිබුණු දුක්ඛිත තත්ත්වය යම්තාක් දුරටවත් නැති කරලා අතට මුදල් ලැබෙන රැකියා ලැබෙන රටේ නිෂ්පාදන වැඩි කරන වැඩපිළිවෙළක්".
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ නම සඳහන් කිරීමට අකැමැති වූ විශ්‍රාමික නිලධාරියකු කීවේ,
"හද්දා පිටිසර දුප්පත් මිනිසුන්ට ලෙඩට දුකට බෙහෙතක් නොලැබෙන, නමට පමණක් තිබුණු ග්‍රාමීය රෝහල් ගැන එයා දුක් වුණා. දිස්ත්‍රික්කයක ප්‍රධාන නගරයේ තියෙන ප්‍රධාන රෝහල ආසියාවේ උසස්ම තත්ත්වයේ රෝහලක් බවට පත් කරලා ඒ වටේ තියෙන ගමේ ඉස්පිරිතාල ඉතා ඉහළ තත්ත්වයට දියුණු කරලා සම්පත් දීලා ග්‍රාමීය ජනතාවගේ සියලු අවශ්‍යතා ඉටු කරන්න වැඩපිළිවෙළක් තිබුණා. එයා රෝහල් 200ක ව්‍යාපෘතිය පටන් ගන්න හිතාගෙන හිටියේ. නිකන් ගොඩනැඟිලි විතරක් හදලා පීත්ත පටිය කපලා විවෘත කරන වැඩක් නෙවි ඒක. ඒකට ඕනෑ කරන ෙදාස්තවරු, නර්සල, සහායක කණ්ඩායම්වල රැකියා වැඩි දියුණු කරන, ගමේ කිට්ටුම තැන ඉඳලා වැඩට යන්නට පුළුවන් සේවක කණ්ඩායම් හදන වැඩපිළිවෙළක් ගැන අපිත් එක්ක කතා බහ කරමින් හිටියා" යන්නය.
කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අදටත් නම රඳවාගෙන සිටින ප්‍රේමදාස මහතාගේ යුගයේදී කම්හල් 200 ව්‍යාපෘතියට සම්බන්ධව සිටි ව්‍යාපාරිකයකු මෙසේ පැවැසීය.
"සමහරු ඒ මනුස්සයාට බැන්නා සුද්දියන්ට ජංගි මහන්න ටේලර් සාප්පු දැම්මා කියලා. එයා ඒකට එදා හොඳ උත්තරයක් දුන්නා. ඔව් මම සුද්දියන්ට ජංගි මහලා හරි ගමේ දුප්පත් දරුවන්ට රස්සාවල් හොයා දෙනවා කියලා. එයා දැක්කා ගමේ ගැහැනු දරුවන් ගාමන්ට් ෆැක්ටි්‍රවලට කොළඹ ඇවිත් විවිධ අතෝරයන්ට මුහුණදෙනවා කියලා. ඒ නිසා ගමේම කම්හල් ඇරලා ගමේ ගෙදර ඉඳලා වැඩට එන්න සැලැස්සුවා. එතකොට ගමේ ආර්ථිකය ශක්තිමත් වෙනවා... කඩ සාප්පු ඇති වෙනවා, ගමට මුදල් යනවා කියලා දැක්කා. ඊට පස්සේ එයාට තිබුණා. ඇඟලුම් කම්හල් අරිනවා වගේ දිස්ත්‍රික්කයට එක ප්‍රධාන පෙළේ බැර කර්මාන්ත කම්හලක් ඇති කරන්න. චීනයේ සංචාරය කරලා එයා හොයාගෙන ආවා අපේ රටේම ඉතා අඩුම වියදමට බයිසිකලයක්, ස්කූටරයක්, කුඩා කාර් එකක් හදන්න. ඒකෙ බදු අඩු කරලා සාමාන්‍ය මනුස්සයාටත් පොඩි කාර් එකක්, පොඩි වෑන් එකක් පහසු මුදලකට ගන්න හැකි කම්හල් හදන්න සැලැසුමක් තිබුණා. දේශීය ව්‍යාපාරිකයන්ට මුල් තැන දීලා ඒක දියත්් කරන්න කතා බහ කරගෙන තිබුණා".
එහෙත් අනපේක්‍ෂිතව "බාබු" හෝ බාබු මෙන් පෙනී සිටිය තවත් බාබුලා හෝ කවරකු හෝ විසින් ප්‍රේමදාස මහතා ඝාතනය කරනු ලැබූ පසු ඔහුගේ සිරුර තැන්පත් කළ සුචරිත ශාලාවේදී ගමේ මුස්ලිම් ඡන්දදායකයෙක් හැඬූ කඳුළින් කියූවක් මෙහි සටහන් තබා සිහිපත් කිරීම නොකර බැරිය.
"අපි වාගේ දුප්පත් මිනිස්සු අතරෙන් ගිහින්, අපි වාගේ මිනිසුන්ට උදවු කරන්න අපේ පන්තියේ කෙනෙක් ආයේ ඒවිද දන්නෙ නෑ. එයා තමයි අපිට හිටපු එකම මිනිහා. දැන් ඉතින් ඔක්කෝම ඉවරයි. මේක පන්ති ප්‍රශ්නයක්. එයාව දාලා එයාගෙම පන්තියෙ මිනිස්සු නැති කරලා, ආයෙත් ගහලා ගන්නයි සමහරු හිතුවේ. ඒත් ඒක බැරි වුණා. එයාව මැරුවේ ඒකයි. එයා හිටියා නම් ත්‍රස්තවාදයටත් ඉඩක් නෑ. දුප්පත් මිනිසුනට හිරිහැර කරන ලොකු මිනිසුන්ගේ ලොකුකම්වලටත් ඉඩක් නෑ."
ඒ ප්‍රේමදාසගේ හැටිය.
සජිත් රෝහිත ලියනගේ

මොහු ආර් පේමදාස තවමත් ජිවතුන් අතර සිටියානම් . තවත් අහින්සක ජිවිත නෙති කර . අහින්සක මාද්ය වෙදින් විනාශ කර මරා දමා . එකසත් ජාතික පක්ශයෙ උගතුන් නෙති කර ඔහුට විරුද්ද සියල්ලන් විනාශ කර දමනවා සිකුරුය . අමතක කරන්නට එපා . මාද්ය වෙදි රිචාර්ඩ් සොයිසට කල දෙය සහ පෙමදාස රෙජිමය විවෙචනය කල සහ හෙමා පෙමදාස කොට ගවුම් අන්දලා ටෙනිස් ගහන ඵොටො ගත් අයව මුහුදු වෙරලෙන් ගොඩ ගත් සෙටි . ජෙ වි පි කිය සෙක කල සෙම කෙනෙක්ගෙම ජිවිත ටයර් වලින් පුලුස්සා මහ මග දෙම්මෙ මොහුගේ කාලයෙය . ප්‍රබාකරන්ට ආයුද සහ මුදල් ලබාදි මොහුගේ දෙශපලන පවත්ම ගෙන යන්නට කල දෙවල් අපට තවම මතකය . වෙදිමකින් ඔහුම කල ක්‍රියාවක් ඔහුටම පල දුන්නෙ දුන්නෙ ඔහු කල අධම ක්‍රියා මෙම ජිවිතෙම පලිසන් දිමෙනි
ReplyDelete