facebook like

කැසිනෝ රජා ලංකාව අතහරී...........ව්‍යාපෘති මැකාවෝ හා ජපානය වෙත

ශ‍්‍රි ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ හෝටලය සඳහා කැසිනෝ සූදුව පවත්වා ගෙන යෑම සඳහා නීතිමය අවසර ලබාදෙන බව ශ‍්‍රී ලංකා රජය විසින් එක එල්ලේ නොපැවැසීම හේතුවෙන් එම ව්‍යාපෘතිය අත්හැර දමන්නට ඕස්ට්‍රේලියා කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ඉදිකිරීමට යෝජිත 'ක්‍රවුන්' කැසිනෝ ව්‍යාපෘතිය අත්හැර දමන්නට
ඕස්ට්‍රේලියා කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් තීරණය කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය ඊයේ (29දා) අනාවරණය කෙළේය.
ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය ඊයේ වාර්තා කළ ආකාරයට ඔහු සිය කැසිනෝ ව්‍යාපාර සහිත හෝටල් ව්‍යාපෘති මැකාවෝ හා ජපානය වෙත ගෙන යෑමට තීරණය කර තිබේ.
පැකර්ගේ මේ තීරණයට හේතු වී ඇත්තේ තම කැසිනෝ හා හෝටල් ව්‍යාපෘතියට විරුද්ධව පැන නැඟි විරෝධතා හා ශ්‍රී ලංකා රජය කැසිනෝ සූදුව පවත්වා ගෙන යෑම සඳහා නීතිමය අවසර ලබාදෙන බවට එක එල්ලේ නොපැවැසීම බව පැවැසේ.
ඕස්ට්‍රේලියා ගුවන් විදුලිය පවසන්නේ ජේම්ස් පැකර්ට අමතරව කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ආරම්භ කිරීමට යෝජිතව තිබූ කැසිනෝ සූදු සහිත සෙසු හෝටල් ව්‍යාපෘතිද නවතා දමා ඇති බවයි.
ඕස්ට්‍රේලියා ජේ‍යෂ්ඨ පර්යේෂණ විශ්ලේෂකයකු වන බ්‍රයන් හැන් මේ පිළිබඳ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතිය අතහැරීමෙන් ආසියාවේ කැසිනෝ ව්‍යාප්ත කිරීමේ ජේම්ස් පැකර්ගේ ව්‍යාපෘතියට බාධාවක් එල්ල නොවන බවයි.
ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය සඳහන් කරන්නේ පැකර් සිය ව්‍යාපෘති මැකාවෝ හා ජපානය වෙත ගෙන යෑමට තීරණය කර ඇති බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive