කැබිනට් මණ්ඩලයේ සිටින ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දස දෙනා වෙනුවෙන් පිහිටුවා ඇති ජ්‍යෙෂ්ඨ ඇමති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සේවය කරන 127 දෙනෙකුගෙන් 90 දෙනෙකුම රියදුරන් වාර්තා වෙයි.
අති බහුතරය රියදුරන් නිසා ඇමතිවරුන්ගේ සෙසු කටයුතු සඳහා සිටින්නේ කාර්ය මණ්ඩලය 37 දෙනෙකු පමණකි.
මේ හේතුවෙන් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමති ඩිව් ගුණසේකර මහතා
රජයට යෝජනා කර ඇත්තේ මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය කටයුතු ඉටු කිරීම කුඩා කාර්ය මණ්ඩලයකට පමණක් සිදු කළ නොහැකි බැවින් ඒ පිළිබඳ දැනුම හා පළපුරුද්ද ඇති නිළධාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ ඒකකයක් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කරන ලෙසත් එම ඒකකය පවත්වාගෙන යාම සඳහා වාර්ෂිකව රුපියල් කෝටියක ප්‍රතිපාදන ලබා දෙන ලෙසත්ය.

0 comments:
Post a Comment