facebook like

ශ්‍රී ලංකාවේ සිදුවන වකුගඩු ජාවාරමක සුලමුල හෙළිකොට මෙලොව හැරගිය ඉන්දියාවේ දිනේෂ්

දිනේෂ් කුමාර් මාරු විසිහය හැවිරිදිය. ඔහු ඉන්දියාවේ හයිද්‍රාබාද් හි සුපිරි වෙළෙඳසලකකළමනාකරුවකු ලෙස සේවය කළේය. මේ අතරතුරේ සිය ෆේස්බුක් ගිණුම හරහා ඔහුට අලුත් මිතුරන් කිහිප දෙනෙකු හඳුනාගන්නට ලැබිනි. එයින් එක් පුද්ගලයකු වන්නේ ප්‍රසාන්ත්ය. දිනේෂ් හා මිතුරු වීමෙන් කිහිප දිනකට පසුව ඔහු මුදල් උපයන මාර්ගයක් පිළිබඳ දිනේෂ් හා කතා කරන්නට පටන් ගත්තේය. මීට අමතරව තවත් ෆේස්බුක් මිතුරන් හය දෙනෙකුත් වකුගඩු විකිණීම පිළිබඳ දිනේෂ් සමගකතාබහ කොට තිබිණ. මේ කතා බහ වැඩි වශයෙන් සිදුවූයේ ෆේස්බුක් ගිණුම ඔස්සේ නොව ඊමේල් හරහා ය. ඔහු දිනක් පැවසූයේ වකුගඩුවක් විකිණීමෙන් සෑහෙන මුදලක් සොයාගන්නට හැකි බවය. ඉන්දියානු
රුපියල් ලක්ෂ 4-15 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 8-32) අතර මුදලක් වකුගඩුවක් වෙනුවෙන් ලබාගත හැකි බව දිනේෂ්ට දැනුම් දෙනු ලැබිණි. එමෙන්ම වකුගඩු ව්‍යාපාරයෙන් අනතුරුව කොළඹින් රැකියාවක් සොයා දෙන බවටද දිනේෂ්ටපවසා තිබිණි. එකවර එතරම් මුදලක් සොයාගැනීමට අවස්ථාවක් ලැබිම පිළිබඳ ඔහු සිටියේ සතුටිනි. සියලු කටයුතු ඉතා වේගයෙන් සිදුවිය. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගමන් බලපත්‍ර හා වීසා සකස් කිරීම සිදුකෙරිණි. මේ කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ වෙන්කතේෂ් නමැති පුද්ගලයාය. දිනේෂ් සමග මෙසේ වකුගඩු විකිණීම සඳහා කිරාන්කුමර්, අරාම් සර්ගාර් යන දෙදෙනාද සූදානම්ව සිටියහ. ඔවුනට ඉන්දීය රුපියල් ලක්ෂ පහ බැගින් ගෙවන්නට වෙන්කතේෂ් ‍පොරොන්දු වී තිබිණි.
දිනේෂ් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මුලින්ම ගොස් තිබුණේ ගුන්ටූර් කරාය. කිරාන් කුමාර් සහ අරාම් සර්ගාර් ඔහුට මුණගැසී ඇත්තේ එහිදීය. ඔවුන් තිදෙනා එතැනින් චෙන්නායි කරා ගොස් පසුගිය 22 වැනිදා (ඇතැම් වාර්තාවලට අනුව මාර්තු 23) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. දිනේෂ් ශ්‍රී ලංකාවට පැමිණි බැව් නිවැසියන් දැනගත්තේ තමා සිටින්නේ කොළඹ යැයි පවසමින් සිය සොයුරු ගනේෂ්ට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව ය. ඔහු ගනේෂ්ට පවසන්නේ සුපිරි වෙළෙඳසල් ව්‍යාපාරය සම්බන්ධ කාර්යයකට තමා කොළඹ පැමිණි බවකි. ඒ පසුගිය මාර්තු 26 වැනිදාය. නමුත් ඒ පිළිබඳ නිවැසියන් කිසිවකු හෝ සැක පහල කළේ නැත. වකුගඩුව සැත්කමකින් ඉවත් කිරීමට පෙර දිනේෂ් ඇතුළු තිදෙනාට අත්තිකාරම් මුදලක් අදාළ ජාවාරම්කරුවන් විසින් ලබාදී තිබිණි. මාර්තු 28 වැනිදා දිනේෂ්සිය මිතුරන් දෙදෙනා සමග මුහුදු වෙරළට ගිය අතර බිර පානය කරමින් අධික ලෙස දුම්වැටි ද උරන්නට පටන්ගෙන ඇත. මුහුදේ බොහෝ වේලාවක් නාන්නට ද ඔහු අමතක කොට නැත. පසුදා ඔවුහු වකුගඩු ඉවත්කිරීමේ සැත්කම් වෙනුවෙන් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ගියහ. රෝහලට ගොස් මොහොතකින් දිනේෂ් කෙරෙන් අසනීප ස්වභාවයක් දිස්වන්නට විය. ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර ඔහු එහි ගෙන එන අතරේ මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසූහ. ඒ මාර්තු 30 වැනිදාය. ශ්‍රී ලංකා ‍පොලීසිය දිනේෂ්ගේ දුරකථනය ඔස්සේ ඔහුගේ සොයුරු ගනේෂ් අමතමින් පවසා සිටියේ දිනේෂ් මියගොස් ඇති බවත් ඔහුගේ සිරුර ජාතික රෝහ‍ලේ ඇති බවත්ය. එහෙත් තම සොයුරාට සිදුවූ මේ අකරතැබ්බය පිළිබඳ හාංකවිසියක්වත් ගනේෂ් එතෙක්  දැන සිට නැත.
ගනේෂ් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අමතා මළසිරුර ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට ගන්නේ වික්ෂිප්ත මනැසිනි. මරණ පරීක්ෂණයෙන් පැවසුණේ දිනේෂ්ගේ මරණයට හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බවය. නමුත් තවමත් විසිහය හැවිරිදි වියෙහි පසුවන සිය සොයුරා මෙවැනි රෝගයකින් මිය යා නොහැකි බැවින් මෙය සැක කටයුතු මරණයක් බව ඔහු ඉන්දීය ‍පොලීසියට දැන්වීය. මේ අතරතුර දිනේෂ්ගේ ෆේස්බුක් ගිණුම හා ඔහුගේ ඊමේල් ගිණුම විවෘත කරන්නට ද ගනේෂ්කටයුතු කළේය. මෙම ගිණුම්වල මුරපද කිසිවකු නොදැන සිටිමුත් වෙනත් තාක්ෂණික උපාය මාර්ගයකින් එම ගිණුම් විවෘත කරගන්නට ඔවුනට  හැකියාව ලැබිණි. සියල්ල හෙළිවන්නට පටන් ගැනුණේ ඉන් අනතුරුවය. ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට නියමිත  වකුගඩු අලෙවි කිරීමේ කටයුත්ත සම්බන්ධ හුවමාරු වූ ඊමේල් පනහකට අධික සංඛ්‍යාවක් මෙහිදී හමුවී තිබේ. 
සිය සොයුරාගේ මරණයට හේතුවී ඇත්තේ නිසැකවම මෙම වකුගඩු ජාවාරම බව වටහාගත් ඔහු එය ‍පොලීසියට ද දන්වා සිටියේය.  වෙඩි නූල පත්තුවන්නට වූයේ ඒසමග ය.
හයිද්‍රාබාද් ‍පොලිස් කොමසාරිස් අනුරාග් ෂර්මා මේ පිළිබඳ විමර්ශන සිය භාරයට ගෙන ක්‍රියාත්මක කරන්නට පටන්ගත් අතර මේ පිළිබඳව සොයා බලන්නට විශේෂ ‍පොලිස් කණ්ඩායමක්ද ශ්‍රී ලංකාවට එවීමට තීරණය කළේය. ඉන්දියාවේ මේ පිළිබඳව සොයා බලන විමර්ශන කණ්ඩායම මෙම වකුගඩු ජාවාරම සම්බන්ධව එන්. වෙන්කතේෂ්ම්, ඩී. ෂන්මුඛා පවන් ශ්‍රීනිවාස්, රෙඩ්ඩී නාගර් සහ ගෝවින්ද් සූර්යනාරායන හෙවත් සුරේෂ් යන අය අත්අඩංගුවට ගනු ලැබිණි.
මෙම අවස්ථාවේදීම විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ අනුරාග් ෂර්මා පවසා සිටියේ මෙම පිරිස පසුගිය මාස කිහිපයේදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු මගින් වකුගඩු විසි එකක් පමණ මුදලට විකුණා ඇති බවය. වකුගඩු ඉවත්කිරීමේ සැත්කම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් තුනක සිදු කෙරෙන බවත් ඔහු පවසා සිටියේය. මෙහිදී හෙළි කෙරුනු කරුණුවලට අනුව මෙසේ වකුගඩු අලෙවි කිරීමෙන් ජාවාරම්කරුවකුට ඉන්දියානු රුපියල් 50,000 - 150,000 (ශ්‍රී ලංකා රුපියල් 107,065 - 321,196) ක් පමණ හිමිවේ. මෙම ජාවාරම්කරුවන් වකුගඩු ප්‍රදානය කරන්නට කැමති පුද්ගලයන් සොයාගනු ලබන්නේ www.ineedalidneynow.org. www.experienceproject.com වබේ අඩවිවලින් බවද ‍පොලිස් කොමසාරිස්වරයා මෙහිදී අනාවරණය කොට සිටියේය. ඊට අමතරව ෆේස්බුක් සහ වෙනත් සමාජ වබේ අඩවි ජාල ඔස්සේ ද වකුගඩු ප්‍රදානය කරන්නන් සොයාගනු ලැබේ. යමෙක් සිය වකුගඩුව ප්‍රදානය කිරීමට කැමැත්තක් දැක්වූ විගස මෙම ජාවාරම්කරුවෝ මේ බව ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මිතුරු වෛද්‍යවරුන්ට දන්වා සිටිති. වෛද්‍යවරයාගේ අනුමැතිය ලද විගස අදාළ පුද්ගලයන් ඉන්දියාවේදී මූලික පරීක්ෂණවලට යොමු කෙරෙන අතර සියලු දේ පිළිබඳ සෑහීමකට පත්වන්නට හැකි නම් කොළඹට පැමිණීම සහ ආපසු යාම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගනු ලබයි. මෙය මතෛක් අප්‍රකටව පැවැති ශරීර අවයව ජාවාරමකි.
ශරීර අවයව ප්‍රදානය කිරීම සඳහා මෙසේ රටකින් රටකට ගමන් කිරීම ‘ඉන්ද්‍රිය බද්ධ සංචරණය’ (Transplant Tourism) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී අවයවයක් අවශ්‍ය රෝගියා සේම අදාළ අවයවය ප්‍රදානය කිරීමට කැමති රෝගියා ද සැත්කම කරන රටට ගමන් කරයි. ඉන්ද්‍රිය බද්ධ සංචරණය සඳහා ලෝකයේ සුප්‍රකටම රට බවට පත්ව ඇත්තේ චීනයයි. එහි ටියැන්ජින් රෝහල මේ සඳහා විශේෂත්වයක් උසුලයි. අප නොදැන සිටියත් ජාත්‍යන්තර තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාව ද ලෝකයේ මුල් පෙළේ මිනිස් අවයව ජාවාරම් කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ. නමුත් අප රටේ ‍පොලීසිය හෝ වෙනත් වගකිවයුතු ආයතන තවමත් මේ පිළිබඳව එතරම් තැකීමක් නොකරන බවක් පෙනේ. 
දිනේෂ් මාරුගේ සිදුවීම සම්බන්ධව සලකා බැලීමේදී මෙයට අප රටේ විශේෂඥවෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවය හොඳින්ම පෙනෙන්නට තිබේ. වරදක් පෙනෙන්නට තිබියදී එය පිළිබඳ විභාග කිරීමට විශේෂ පැමිණිල්ලක් අවශ්‍ය නැතත්, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවා පවසා ඇත්තේ මේ පිළිබඳ පැමිණිලි කිසිවක් නැති බැවින් විමර්ශනය කිරීම අවශ්‍ය නැති බවකි. එමෙන්ම අප රට ‘ඉන්ද්‍රිය බද්ධ සංචරණ’ කේන්ද්‍රස්ථානයක් යැයි එල්ලවන චෝදනාවන් ද වගකිව යුත්තන් බැහැර කරනු විනා එම චෝදනා සත්‍යදැයි සොයා බලන්නට කටයුතු කරන බැව් නොපෙනේ. ඊට හේතුව  නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්කුඩු සේම මෙම ශරීර ඉන්ද්‍රිය ජාවාරම සමගද ප්‍රබල දේශපාලන සම්බන්ධයක් ඇති නිසා යැයි ආරංචි පැතිරෙමින් පවතී. කෙසේ හෝ මේවා පිළිබඳ අද අදම නිසි  පියවර නොගතහොත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් වන හා ආසියාවේ ආශ්චර්ය බවට පත්වීමට කල් මරන ශ්‍රී ලංකාව ශරීර අවයව සඳහා මිනිසුන් මරා දමන රටක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වීමට ද වැඩිකලක් ගත නොවනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive