ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදයි. ලෝකයේ කම්කරුවනි, එක්වව් කියා කීවාට කවදාවත් කම්කරුවන් එකතු වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂවලට බෙදී කුලල් හා ගැනීම ඔවුන්ගේ සිරිතය.
අද මේ රටේ ඇති සියලුම පක්ෂ මැයි පෙළපාළි පවත්වයි. නමුත් එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ මැයි දිනයට ඒවිදැයි කියන්නට බැරිය. ඒ ඔහු ඇමෙරිකාවේදී දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නා බැවිනි. කොහේදී හෝ දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීම රනිල්ට ගුණදායකය. මන්ද ඔහු දේශපාලනය ගැන හසරක් නොදන්නා
බැවිනි.
රනිල් වෙනුවට කරු ජයසූරිය එක කරුවකින් හෝ නොණ්ඩි ගසමින් එජාප මැයි දිනයේ යනවා ඇත. බලන්නට ලස්සනය.
මේ රටේ මැයි දිනය සමරන්නට පටන් ගත්දා සිට කම්කරුවන්ට නොව තැන ලැබුණේ දේශපාලන පක්ෂවලටය. කම්කරුවන්ගේ ඔළුව උඩින් ගොස් බලය ලබා ගැනීම දේශපාලන පක්ෂවල සිරිතය.
අප කුඩා කලදී කොළඹ පැවැති මැයි පෙළපාළි නරඹන්නට ගාල්ලේ සිට ආ අන්දම මට මතකය. කතළුවේ ලයිනිස් අයියා ඇතුළු කණ්ඩායමක් සමඟ රතු පාට කොඩි සහිත බස් රථයකින් කොළඹ පැමිණ ලංකා සමසමාජ පක්ෂයේ මැයි පෙළපාළි නැරැඹූ අයුරු චමත්කාරජනකය. එදා ඇන්ද රතු පාට කමිසයක් මා ළඟ තවම තිබේ.
අපි සමසමාජ පෙළපාළිය නැරැඹුවා පමණක් නොව එම පෙළපාළියේ සටන් පාඨ කියමින් ගමන් කළෙමු." සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව්" කියමින් පෙළපාළි ගිය අපට දහවලට කන්න මොකුත් ලැබුණේ නැත. සාදුකින්ම පෙළපාළි ගියෙමු.
පසුව ශ්‍රී ලනිපයද මැයි දින රැලි පවත්වන්නට පටන්ගත් අතර යූ. ඇන්. පී.යද පෙළපාළි ගියේය. එහෙත් වඩාත්ම දැකුම්කලු පෙළපාළිය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණය.
රෝහණ විජේවීරගේ නායකත්වයෙන් පෙළපාළිය පැවැත්වූයේ අතිශය අලංකාර අන්දමටය. දැන් මෙන් මහලු නායකයන් එකල ජනතා විමුක්ති පෙරමුණේ නොවීය.
මා ජීවිතයට දුටු විශාලම මැයි පෙළපාළිය පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයටය. එකල පැවැති ශ්‍රී ලනිප රජයෙන් මතභේද හදාගෙන සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය රජයෙන් වෙන්වූ හෙයින් 1973 මැයි පෙළපාළිය පැවැත්වීමට සිදු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිවමය.
එ. ජා. ප. පෙළපාළිය පැවැත්වෙන අවස්ථාවේ මා සේවය කළේ ලේක්හවුසියේය. යාපා කරුණාරත්නත්, මමත් යූ. ඇන්. පී. පෙළපාළිය බැලීමට ගියෙමු. ශ්‍රී ලනිප පෙළපාළියේද ටික දුරක් ගිය අපට එ. ජා. ප. පෙළපාළිය හා ශ්‍රී ලනිප පෙළපාළිය සමාන්තරව ගමන් කරන ස්ථානයක් පෙනිණි. දැන් පෙළපාළි දෙකම එක් පැත්තකට යයි.
මමත් යාපාත් අන්දමන්ද වීමු. අපි නොදැනුවත්වම පෙළපාළියේ යන බව පෙනුණි.
"මචං යාපා අපි මේ යන්නේ යූ. ඇන්. පී. පෙළපාළියේ නේද?
"ඔව් මට ඔය දෙකෙන් කොයි එකේ ගියත් එකයි".
අපි නැවතත් පෙළපාළිය බලන්නට වීමු.
එකල පැවැති ශ්‍රී ලනිප රජයේ අරපිරිමැස්ම නිසා හාල් ටිකක් එක පළාතකින් වෙනත් පළාතකට ගෙන යෑම තහනම් විය. පාන් ගෙඩියක් ගැනීමට පවා සමුපකාරය ළඟ පෝලිමේ සිටිය යුතුය. පුංචි පවුල රත්තරන් යන පාඨයක්ද විය.
යූ. ඇන්. පී. පෙළපාළියේ මේ සියලු දේ රඟ දැක්විණි. ලොරිවල රඟ දැක්වුණු ඒ මධුර අවස්ථාවලින් හාල් පොලු, පාන් පෝලිම් යස අගේට ප්‍රදර්ශනය විය.
ඊටත් වැඩි අලංකාර දර්ශනයක් කාන්තාවන් පිරිසක් ළඟ දැක්වූහ. පුංචි පවුල් රත්තරන් යන රජයේ ඉල්ලීම උපහාසයට ලක්කරමින් ඔවුහු උපත් පාලන කොපු බැලුම් මෙන් පුම්බා පෙළපාළියේ රැගෙන ගියහ. ඒ බැලුම් බෝල ඉල්ලා පෙළපාළිය බැලූ කොලු පැටව් කෑ ගසන්නට වූහ.
ගාලු මුවෙදාර පිටියේ පැවැති යූ.ඇන්.පී.මැයි රැලියට අති විශාල ජනකායක් සහභාගි වූහ.
"මචං මේ පාර නම් ආණ්ඩුව ඉවරයි. මේ රැස්වීමෙන් ඒක පේනවා" මම යාපාට කීවෙමි.
"මැතිනිය විහින්නේ පරාජය වෙන්නේ. නැතිව යූ.ඇන්.පී.යේ දක්ෂකම නෙවි.
"හාල් පොලු, පාන් පෝලිම් යස අගේට පෙළපාළියේ රඟ දැක්වූවා නේද?".
යූ.ඇන්.පී.යේ දැවැන්ත පෙළපාළිය ශ්‍රී ලනිප රජයේ මළගම උදා කරන්නක් බවට සපථ වේ යැයි ශ්‍රී ලනිපාක්ෂිකයෝ නොසිතූහ.
එහෙත් මාස දෙකකින් පැවැති මහ මැතිවරණයේදි එ.ජා.ප. නායක ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් තරග කළ එජාපය හයෙන් පහේ බලයක් ලබා මේ රටේ ආණ්ඩුවකට පිහිටුවිය.
ඒ ආණ්ඩුවේ ඇමැති තනතුරක් වත්මන් එ.ජා.ප. නායක රනිල් වික්රමසිංහටද හිමිවිය.
යූ.ඇන්.පී. ආණ්ඩුව පිහිටුවීමෙන් පසු රටපුරා විරුද්ධවාදීන් මෙල්ල කිරීමේ මහා ව්යාපාරයක්් ආරම්භ විය. ආණ්ඩුවේ සහ සංස්ථාවල සිටින ශ්‍රී ල නි පාක්ෂිකයන් පන්නා දැමූහ. සමහරු බියටම සේවයට නොපැමිණියහ.
ගම් දනව්වල සිටි ශ්‍රී ලනි පාක්ෂකයෝද අඩන්තේට්ටම්වලට ලක්වූහ. තම ජීවිතය බේරා ගැනීම සඳහා සමහරු වන වැදුණහ.
මේ අන්දමට සති දහ හතරක් මේ භීෂණය පැවැත්විණි. ඒ වන විට ශ්‍රී ලනිප පාක්ෂිකයන් දස දහසකට වඩා හිරේ විලංගුවට ගෙන තිබිණි.
මාධ්‍ය නිදහස සුරකින බවට පොරොන්දු වූ එ.ජා.ප. රජය මුලින්ම කළේ ලේක්හවුසිය තුළ සිටි ශ්‍රී ලනිපයට හිතවත් යැයි සැලකූ පන්සියයකට ආසන්න පිරිසක් සේවයෙන් ෙදාට්ට දැමීමය. "දිනමිණ" කාර්ය මණ්ඩලයේ සිටි මාත් යාපාත් ඇතුළු මාධ්‍යවේදීන් 30කට පමණ ගෙදර යන්නට සිදුවිය.
දැන් ඒ ප්‍රශ්න අවසන්ය. කන්න තිබේ. බොන්න තිබේ. බීලා මැරෙන්නත් පුළුවන. දැන් අපට කම්කරු ජනතාවට කියන්න ඇත්තේ මෙපමණකි.
"සාදුකින් පෙළෙන වුන් දැන්
ඉතින් කාපියව්."
බාල්දිය -

0 comments:
Post a Comment