facebook like

දැරියන් දෙදෙනා සමූහ දූෂණයට ලක්‌කළ හමුදා සෙබළාට සමාජ රෝග

සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට දැරියන් ඉදිරිපත් කරන්නැයි නියෝග
උතුරු කළුතර මුහුදු තීරයේ සමූහ දූෂණයට ලක්‌වූ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා දූෂණයට ලක්‌ කළ බව කියන සැකකරුවන් පස්‌දෙනා අතර සිටි යුද හමුදා සෙබළාට සමාජ රෝග වැළඳී ඇති නිසා අතවරයට ලක්‌වූ දැරියන් දෙදෙනා සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස
පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ කළුතර ප‍්‍රධාන මහෙස්‌ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා එම දැරියන් සමාජ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවේදී දැරියන් දෙදෙනා සැකකරුවන් හඳුනා ගත්හ. සැකකාර නාවික සෙබළ සුරවීර ආරච්චිලාගේ අමිල රංග සුරවීර හා යුද හමුදා සෙබළ චතුරංග ඉහළගේ, සුපුන් මධුරංග යන දෙදෙනා මෙම දැරියන්ට ලිංගික අතවර කර ඇතැයි උතුරු කළුතර පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක ඊ. පී. එන්. චාමින්ද මහතා අධිකරණය හමුවේ කියා සිටිමින් ඔවුන්ට ඇප ලබා නොදෙන ලෙසත් ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් අයෑද සිටියේය. පොලිසියේ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා එම සැකකරුවන් මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කළේය.

සැකකරුවන්ට දැරියන් දෙදෙනා දූෂණය කිරීමට අනුබල දුන් බවට චෝදනා එල්ලවී ඇති තිදෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙසද නියෝග කෙරිණි.

උතුරු කළුතර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප‍්‍රශාන්ත සිල්වා, අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පද්මසිරි කුලතුංග යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ඊ. පී. එස්‌. චාමින්ද කොස්‌තාපල් (55266* රෝෂන් කාන්තා පොලිස්‌ සැරයන් (1123* කළ්‍යානි යන මහත්ම මහත්මීහු මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූහ. අගතියට පත් දැරියන්ගේ මව්පියන් වෙනුවෙන්  ඕෂනී පෙරේරා, චමිල දිසානායක යන නීතිඥවරියෝ පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් කනිෂ්ක හපුආරච්චි, සරත් කරවිට, සංඛ අල්මේදා, කසුනි මදරා, ලාල් චන්ද‍්‍රතිලක, ටෙක්‌ලා කාවින්ද යන නීතිඥවරුන් ඇතුළු නීතිඥයෝ රැුසක්‌ පෙනී සිටියහ.

මෙම සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක්‌ අධිකරණයට පැමිණ සිටි අයුරු දක්‌නට ලැබිණි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive