facebook like

ඇමති විමල්ගෙ බල්ටි රංගනය ගැන බුද්ධදාස කියයි (audio)

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානම හුදෙක් රංගනයක් පමණක් බව කඩුවෙල නගාරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී බුද්ධදාස මහතා වැඩිදුරටත් කියාසිටියේ කිසිලෙසකින්වත් අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි.

එහිදී ජාතික නිදහස් පෙරමුණ ඉකුත්දා එළිදැක්වු යෝජනාවලියද
නගරාධිපතිවරයා විසින් දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබුවා. ඔහු කියාසිටියේ අමාත්‍යවරයාට කිසිදු ස්ථිර ප‍්‍රතිපත්තියක් නොමැති බවයි. අදාළ චෝදනා සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ප‍්‍රතිචාර පළ කෙරුණා. මේ එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා.

" මේ යෝජනා ගැන සාකච්ඡාකල යුත්තේ බුද්ධිමත් මිනිස්සු..... විවේචනය කල යුත්තේ ඒ විවේචනය කරන්න පදනමක් තියෙන දේශපාලඥයින්.... දැන් ඔය බුද්ධදාසලාවගේ පිංගුත්තරයෝ මේ යෝජනාගැන කතාකරන්න පෙළඹෙනවා.... මේ යෝජනා ගැන දන්නැති හින්දා වෙන වෙන දේවල් කතාකරන්න පටන් අරගෙන.... ඒ වගේ පිංගුත්තරයන්ට මේ වගේ සංවාද කරන්න තේරෙන්නේ නැහැ... දන්නේ නැහැ.... "

ජාතික නිදහස් පෙරමුණ මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඌව පළාත් සභාවට තේරිපත් වී සිටි තම සාමාජිකයන් දෙදෙනෙකු පක්‍ෂයෙන් ඉවත්වීමට අද ගත් තීරණය ඇතුළු කරුණු කිහිපයක් දැනුම්දීම සදහායි.

මේ අතර ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්ව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එක් වූ ඩබ්ලිව් ඒ උදය කුමාර සහ එක්සත් ජාතික පක්‍ෂයට එක් වූ මිහිලාල් මුණසිංහ යන මහත්වරුන්ද බදුල්ලේදි අද මාධ්‍ය හමුවක් පැවැත්වූවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive