facebook like

බාල පුතාගේ (රෝහිත රාජපක්ෂ) චන්ද්‍රිකා කතාව බොරුවක් (video)

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා රජය චීන සමාගමක් හා එක්ව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කලේ යයි පැවසුවද එවැනි චන්ද්‍රිකාවක් ශ‍්‍රී ලංකාව අභ්‍යවකාශ ගත කර නැතැයි විද්‍යාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිණි.

අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත්තේ චීනයේ හා ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් දෙකක්
එවැනි කටයුත්තක් ක‍්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේ නමුත් 2012 නොවැම්බර් 27දා සවස චීන වේලාවෙන් 6.13ට චීනයේ සීචුඇන් ප‍්‍රදේශයේ ඇති සිචැන්ග් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට චයිනාසැට්-12 නම් මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කළ බවද, එය නිවැරදි කක්ෂයට ළඟා වූ බව සහ චන්ද්‍රිකාව නිවැරදිව කි‍්‍රයාක්මක වන බවද චීන නිල ප‍්‍රවෘත්ති සේවය වන සින්හුවා ප‍්‍රවෘත්ති සේවය පසුදා වාර්තා කළේය.

එය ශ්‍රී ලංකා රජය සහ චීන සමාගම සමග එක්ව යැවූ ශ්‍රී ලංකාවටද අයිතියක් ඇති චන්ද්‍රිකාවක් බවත් එහි භාර ධූර කටයුත්තක් සිදු කලේ ජනාධිපති බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා බවත් මෙරට ආණ්ඩුව ප්‍රකාශ කළත් මෙම චන්ද්‍රිකාව සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයක් පිළිබඳව චීනය නිකුත් කළ පුවත් වාර්තාවල සඳහන් නොවින.

එය චයිනා සැටලයිට් කොමියුනිකේෂන් සමාගමේ 13 වැනි වානිජ චන්ද්‍රිකාව වන අතර ආසියාව, අපි‍්‍රකාව සහ යුරෝපයේ සේවාදායකයන්ට මෙයින් සේවා ලබා ගත හැකි බවද පැවසිණ.

ප‍්‍රංශයේ තේල්ස් ඇලීනියා ස්පේස් ආයතනය නිෂ්පාදනය කළ චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-3ඊ නම් ප‍්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශගත කර තිබිණ. එය ලෝන්ග් මිර්ච් ප‍්‍රවාහන රොකට් මාලාවේ 173 වැනි ගුවන්ගත කිරීම බවත් එහි සඳහන් වෙයි.

මෙම චන්ද්‍රිකාව 2012 නොවැම්බර් 22දා ගුවන් ගත කිරීම සිදුකරන බව මෙරට මාධ්‍ය පැවසුවත් එදින රෝහිත රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේ නොදුරේදීම එය ගුවන් ගත කරන බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive