facebook like

තේරුමක් නැති දේවල් දොඩවන ගමන් කිචි කිචි ගාලා තනියම හිනා වෙන මානසික රෝගය

කරාපිටිය රෝහ‍ලේ විශේෂඥ  මනෝ වෛද්‍ය රූමි රූබන් මහත්තයාගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවා. එතුමාගේ දුරකථන අංකය හොයා ගත්තු කවුරුහරි ගෑනු කෙනෙක් තමයි කතා කළේ.“ඩොක්ට, පුංචි කාරණයක් තියෙනවා දැන ගන්න. ඇහුවට කමක් නැද්ද?” කෝල් එක දීපු ගෑනු කෙනා බොහොම සුහද විදිහට ඇහුවා.
“කමක් නෑ අහන්න” දොස්තර මහත්තයත් කාරුණික විදිහටම උත්තර දුන්නා.
“මේක ඩොක්ට, අවුරුදු
විසිපහක විතර ගෑනු ළමයෙකුගේ ප්‍රශ්නයක්. මේ ගෑනු ළමයා මොකක් හරි ටවුන් එකක කඩයක් හරි සාප්පුවක් ගැන කිය කියා අපිට බලකරනවා. වෙන කොහෙවත් නොගිහින් ඒකටම යන්නලු, ඒ වගේම ළමයා කතා කරන්න ගියාම තොරතෝංචියක් නැහැ. එයා කියන්නේ මොනවද කියලා අපි තියා එයාවත් දන්නේ නැතුව ඇති ඩොක්ට”
අපේ දොස්තර මහත්තයත් මේ ටෙලිෆෝන් කෝල් එකට බොහොම උනන්දුවෙන් කන්දෙනවා. මොනවද මෙයා මේ කියන්නේ කියලා දැන ගන්න.
“අනික ඩොක්ට, මේ ගෑනු ළමයා
තේරුමක් නැති දේවල් දොඩවන ගමන් කිචි කිචි ගාලා තනියම හිනා වෙනවා. කිසිම හේතුවක් නැතුව” ඒ ගෑනු කෙනා එහෙම කියන කොටම ඔන්න අපේ දොස්තර මහත්තයත් පුංචි අනුමානයකට ආවා.
“ඔය වගේ විස්තරවලින් මට හරියටම නිගමනයකට එන්න අමාරුයි, සමහර විට ඔය කියන විදිහට ඔය
ළමයට හයි‍පොමේනියා කියන මානසික රෝගය තියෙන්නත් පුළුවන්. කොයි පළාතේද ඔය ළමයා
ඉන්නේ? මොකද ඒ කිට්ටුව තියෙන ඉස්පිරිතාලෙකට එක්ක ගියොත් මං හිතනවා, ඔය තත්ත්වේ පහසුවෙන් තේරුම් බේරුම් කර ගන්න පුළුවන් කියලා”.
“අනේ ඩොක්ට, ඒ ළමයගේ ගම් රටවල් ගැන නම් අපි කිසිම දෙයක් කියන්න දන්නේ නෑනේ”. මෙන්න එතකොටම අර ගෑනු කෙනත් කියපි.
“ඉන්න තැනක්වත් දන්නේ නැත්නම් කොහොමද ඔය ළමයා කියන දේවල් ඔච්චර හොඳට කියන්නේ”. දොස්තර මහත්තයත් පුදුම වෙලා ඇහුවා. එතකොටම අර ගෑනු කෙනා ආයිමත් කතා කළා.
“එයා ගුවන් විදුලි නිවේදිකාවක් ඩොක්ට, අපි මේ කතා කරන්නේ රේඩියෝ එක අහන ගමන්”.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive