facebook like

ඥානසාර - විජිත හිමිවරුන්ට මානසික ප්‍රතිකාර කළ යුතුයි ( video)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර මෙන්ම ජාතික බලසේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් යන දෙදෙනාම මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමු කළ යුතු බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මෙම හිමිවරුන්ගේ මානසික අසහනය සුවකොට මනසේ සමබරතාව ආරක්ෂා කර දෙන ලෙස තමන් වෛද්‍ය වෘත්තියකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු අද දෙරණට කියා සිටියේය.

මෙම හිමිවරුන් දෙදෙනාගේම ක්‍රියා කලාපය හේතුවෙන් සිදුවන්නේ බුදු දහමට අවැඩක් මිස යහපතක් නොවන බවත්, මොවුන් දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත
බවත් ඔහු පෙන්වා දුන්නේය.

පූජ්‍ය වටරැක විජිත හිමියන් ප්‍රමුඛ ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට හදිසියේ කඩාපැන්න ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු බොදුබල සේනා පිරිස් විජිත හිමියන්ට අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කිරීමේ සිදුවීම පිළිබඳ හෙතෙම මෙම අදහස් පළ කළේය.

විශේෂයෙන්ම බොදුබල සේනා සංවිධානයේ මහලේකම් වන ඥානසාර හිමියන් විසින් මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ නවිනීදන් පිල්ලෙයි ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත්තුවක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙරට ආගමික සංහිඳියාවක් නොමැති බවටත්, බෞද්ධයින් හිංසාකාරී පිරිසක් බවටත් අධිරාජ්‍යවාදීන් විසින් ගෙනයන මතය තහවුරු කරනු පිණිස බල සේනා සංවිධාන විසින් කටයුතු කරන බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

බෞද්ධයින් තුළ පවත්නා අවිහිංසාවාදී ප්‍රතිරූපය මෙන්ම මෙරට සිංහල,ද්‍රවිඩ,මුස්ලිම් ආදී ජන කොටස් සහයෝගයෙන් ජීවත්වීම නොඉවසන බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව ඉටුකිරීම සඳහා ඥානසාර හිමියන් ප්‍රමුඛ පිරිස කටයුතු කරන බැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපය දැඩිව හෙළාදකින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම පිරිස් කටයුතු කරමින් සිටින්නේ බොදු බලය නැංවීමට නොව බුදු දහමට නිග්‍රහ කිරීමට බවත්, මොවුන් ශ්‍රී ලාංකිකයින් සියලුදෙනාට ලෝකය හමුවේ අපහාස කරමින් සිටින බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive