ළමා ලිංගික අපචාරවල යෙදුනු රෝමානු කතෝලික පූජකවරුන් වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටියහ.
ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියා කරන ජාත්‍යන්තර කතෝලික සංවිධානයක සාමාජිකයන් අමතමිනුයි, පාප් වහන්සේ එසේ සමාව ඉල්ලා සිටියේ.
"ඇතැම් පූජකවරුන් - සුළු පිරිසක් පමණක් - විසින් සිදු කරන ලද සියලු පාපී ක්‍රියාවන් වෙනුවෙන් මා පුද්ගලිකවම මැදිහත් විය යුතු බව
මට හැඟෙනවා," යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.
"ළමුන්ට ලිංගික අතවර කරමින් ඔවුන් විසින් කරන ලද හානියට මම පුද්ගලිකවම සමාව ඉල්ලා සිටිනවා."
ළමා අපයෝජක පූජකවරුන් සිය වැරදිවලට දඬුවම් විඳිය යුතු බවද පාප් වහන්සේ සඳහන් කළහ.
ළමා අපයෝජක පූජකයන් සම්බන්ධ ප්රශ්නය යට ගැසීමට උත්සාහ දරන බවට ඇතැම් කතෝලික භක්තිකයෝ පාප් වහන්සේට චෝදනා කරති.
කතෝලික සභාව කැලඹු මේ ආන්දෝලනය සම්බන්ධයෙන් පාප් වහන්සේ මෙතෙක් කළ දැඩිම හෙලා දැකීම මෙය බවයි, වාර්තාකරුවන් පවසන්නේ.

0 comments:
Post a Comment