facebook like

හම්බන්තොටදී මන්ත්‍රීන්ට පහර දූන් පුද්ගලයින් අතර දේශපාලනඥයෙක් සහ ආධාරකරුවන් පිරිසක් (Video )

මත්තල ගුවන් තොටුපොළේ හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට ඊයේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ රාජකාරි පැහරහැර ඇති පොලිස් නිලධාරීන් වෙතොත් ඔවුන්ට එරෙහිව ද නීතිය දැඩිව ක්‍රියාත්මක
කරන බව ය.

මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් වන අජිත් පී පෙරේරා, අජිත් මාන්නප්පෙරුම , ඉරාන් වික්‍රමරත්න , ආර්.යෝගරාජන් සහ නලීන් බණ්ඩාර ජයමහ මහත්වරුන් ඊයේ එහි ගිය අවස්ථාවේදි එම විරෝධය එල්ල වූහ.

පසුව ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව හම්බන්තොට වරාය නැරඹීමට ගිය අතර එහිදී ද පිරිසක් විරෝධය පල කළහ.

හම්බන්තොට නගරාධිපතිවරයා ද එම අවස්ථාවේ හම්බන්තොට වරාය පරිශ්‍රයට පැමිණි අතර පසුව මන්ත්‍රීවරුන් පිරිස පිටත්කර යැවීමට පියවර ගැනිණ.

වරාය පිවිසුම් දොරටුව අසළදී මන්ත්‍රීවරුන්ට බිත්තර ප්‍රහාරයක් එල්ල විය‍.

පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන බව පවසමින් මන්ත්‍රීවරුන් හම්බන්තොටින් පිටත්ව ගියහ.

පසුව ඔවුන් ප්‍රහාරයට ලක් වු බස් රථයෙන්ම ‍ඊයේ  රාත්‍රියේදි කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා

බලධාරීන්ට දැනුම්දීලා මත්තල ගුවන්තොටුපලත් වරායත් නැරබීමට ගියා. මත්තල ගුවන්තොටුපළේ ඒ නිරීක්ෂණ කටයුතු අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපිට දේශපාලනමය හස්තියකින් හසුරවපු මැර කණ්ඩායමක් හිරිහැර කරා.   වරාය පරිපාලන ගොඩනැගිල්ල ඇතුලේ මේක එලියේ නෙවෙයි මහ පාරේ නෙවෙයි වරාය පරිපාලන ගොඩනැගිල්ල ඇතුලෙදි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහත්තයත් එතුමා සමඟ පැමිණි විශාල මැර පිරිසකුත් අපිට පහර දුන්නා විශාලා විදිහට හිරිහැර කරා. ඒ වාගේම අපි දැක්කා නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් අරගෙන අපේ බස්රථය පිටුපසින් හබාගෙන එනවා. තවත් මැර කණ්ඩායමක් එක්ක්. ඒ නිසා මේක ඉතාම බරපතල කාරණයක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා

අපි කාරණා තුනක් ඔස්සේ විමර්ශනය කරනවා. පළමුවැන්න ඊයේ මේ සිද්ධියට සම්බන්ධ වු පුද්ගලයින් පිළිබඳව. පිස්තෝලයක් රැගෙන පැමිණිම කලහකාරි ලෙස හැසිරීම දෙවැනි කාරණය හම්බන්තොට පොලීසියේ නිලධාරීන් මේ ස්ථානයට ගියා. ඔවුන් යම් ආකාරයක රාජකාරි පැහැරහැරීමක් සිදුකර තියෙනවාද. සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම මගින් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකර තියෙනවාද තුන්වැනි කාරණය මේ සෑම මන්ත්‍රිවරයෙකුටම අවම වශයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔවුන්ගේ පුද්ගලයික ආරක්ෂකයින් ලෙස ලබාදීලා තියෙනවා. දැන් මේ ස්ථානයට මේ මන්ත්‍රිවරු පස්දෙනෙක් පැමිණියා. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාවට යෙදු පොලිස් නිලධාරීන් 10 ක් සහභාගිවෙන්න ඕන. ඔවුන් සියලුදෙනාම පැමිණියාද. ඔවුන් නොපැමිණියානම් ඊට හේතුව කුමක්ද. ඒ වාගේම පැමිණි නිලධාරීන් පුර්ව ආරක්ෂක විදි අනුගමනය කළා ද මේ කරුණු සම්බන්ධයෙනුත් අපි විමර්ශනයක් කරනවා ඊට අදාළ සියලු විමර්ශන සිදුකර අවශ්‍ය නීතිමය පියවර ඒ වාගේම විනයානුකූල පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසකට එල්ලවු මෙම ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා හෙළා දකී.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ මහජන දේපලක ක්‍රියාකාර්තවය පිළිබඳව සොයා බැලීමට මහජන නියෝජිතයින්ට මෙන්ම මෙරට පුරවැසියන්ට ඇති අයිතිය මෙමගින් උල්ලංඝනය වි ඇති බව ය.

පුරවැසියෙකු සතු එම ස්වෛරි අයිතිය කුරිරු භාවයෙන් හා මිලේච්ඡත්වයෙන් යටපත් කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ශ්‍රි ලංකාවට එරෙහිව අවාසිසහගත ජාත්‍යන්තර මතවාද හිස ඔසවමින් පවතින වාතාවරණයක මෙවැනි දේ සිදුවීම වඩාත් බැරෑරුම් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

එමෙන්ම එහි වැඩි දුරට ත් දැක්වෙන්නේ ගිනි අවි අතැතිව නගරයේ දේශපාලන බලවතුන්ගේ සහ හිංසාකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මේ වන විට ලෝකයට මුදාහැර ඇති බව ය.

සැබෑ දේශප්‍රේමිත්වය නාමයෙන් පෙනි සිටින පාලනාධිකාරියේ වගකීම විය යුත්තේ රටට කැලලක් ඇති කළ මෙම සිද්ධිය පිළිබඳව විනිවිද භාවයෙන් යුතුව විමර්ශනයක් සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයින්ට කඩිනමින් නිතිය ක්‍රියාත්මක කළ යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේය.

මහාමාර්ග වරාය හා නාවුක ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා

මන්ත්‍රීවරු මේක බලන්න යනකොට යම් යම් ප්‍රකාශ කරලා නොයෙකුත් ප්‍රකාශ කරලා යනකොට ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ විරෝධයක් ඔවුන්ට එල්ලවෙලා තියෙනවා. ඉතින් ඒ ජනතා විරෝධයට අපි ආණ්ඩුවක් හැටියට අපිට කාටවත් විරෝධය පලකරන්න අවශ්‍ය වෙන්නේ නැ. අපි දන්නවානේ මේ පහුගිය ඉතිහාසයේම මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට දැඩි ලෙස විපක්ෂය මේවයේ ගල් තියෙනවා කියලා කිව්වා මේවා පිහිණුම් තටාක කියලා කිව්වා මේකට නැව් එන්නේ නැ කියලා කිව්වා. ඉතින් එහෙම කියලා ඉතින් ජනතාව මේවා අහගෙන හිටියා. ජනතාව මේවා දැක්කා. අද ඒ ප්‍රදේශවල අය තමයි මේවයේ රැකියාවල නිරතවෙලා ඉන්නේ. අද ඒ ප්‍රදේශයේ අය කෑම පැකට් එකක් විකුණා ගන්නේ තැබිලි ගෙඩියක් විකුණා ගන්නේ මේ සියලු දේවල් කරන්නේ මේ ආර්ථිකයේ ශක්තිමත් භාවය නිසා. ඉතින් ඒ අය තමයි මේ ජනතාවගේ විරෝධය තමයි මේ එල්ලවෙලා තියෙන්නේ.
මෙලෙස කලහකාරී ලෙස හැසිරුණු පිරිස අතර ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන් ද සිටි බවට වාර්තා වේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive